භෛරව ජීවමෙන් දේවතා ස්වප්න (සිහින) දර්ශනයක් ලබන්නේ මෙහෙමයි
ලක්දිව පුරාණයේ පටන් භාවිත වූ දේවතා ස්වප්න දැකීම හා සම්බන්ධ ගුරුකම් මේ වන විට බොහොමයක් අභාවයට පත්වී අවසන්ය. එසේ නමුදු අප අතර තවමත් ඉතිරි වී පවතින විවිධ වූ දේවතා ස්වප්න ක්‍රම අතරින් අද දින භෛරව ජීවමෙන් දේවතාවුන් සමඟ සිහිනෙන් වැඩ අවැඩ දැන ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙමි. මේ සඳහා ගෙයක් ගොම මැටි ගා තමා පිරිසුදු වී මල් බුලත් තට්ටුවක් සඳහා (බිම කෙසෙල් කොළයක් එළා ඒ මත සාදන්න.) මල් වර්ග 7ක්, බුලත් කොළ 7ක්, බත්පිඬු 7ක්, කෙසෙල් ගෙඩි 7ක්, පඬුරු 7ක්, පොල් ගෙඩියක් පුදා දුම්මල 324 වරක් මතුරා යහනට දුම් අල්ලා තමන්ට අවශ්‍ය කාරණය සිතා සැතපෙනු. ස්වප්නයෙන් දැනගත යුතු දේ කියනු ඇත. නිදන්, මැණික්, මිනිරන් ආදී භූගත වස්තු පිළිබඳවද විස්තර මෙම ක්‍රමයෙන් දැනගත හැකි ප්රත්යක්ෂ ක්රමයකි.
එසේම මෙම මන්ත්‍ර දැහැන කටී වායුවෙන් පෙළෙන රෝගීන් සඳහාද ප්රත්යක්ෂ මන්ත්‍ර දැහැනකි. ඒ සඳහා ආතුරයාගේ රූපය ලෑල්ලක ඇඳ ඇණයක් ගෙන භෛරව ජීවමෙන් 21 වර මතුරා වේදනා ස්ථානය එල්ලකර රූපයේ නියමිත ස්ථානයට ඇණ ගසනු. සුව වේ.
මන්ත්‍ර දැහැන
“ඕං බ්රාගුඩි මහා බහිරවී කෝය– නම– ප්රචඬවේ විද්රාජාල් කාත්රාල් භගවතී නම–”
ඉහත ක්‍රමවේද අනුව බියනොවී කටයුතු කරනු. අරමුණු සඵල කරගත හැකිය. තවත් දේවතා ස්වප්න ක්‍රම කිහිපයක් හා දෙවියන්ගෙන් කටයුතු කර ගැනීමේ ඉපැරැණි ගුප්ත රහස් ඉදිරි ලිපිවලින් දැනුවත් කරමි.
ඊ.එම්.චන්දන බණ්ඩාර