Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ව්‍යාපාර ජය ගන්න ලක්‍ෂ්මී යන්තරේ මෙන්න

1 year ago 7 Min read
Subha.lk

අද වන විට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ බොහෝ දෙනකුම ඉතාම අසීරු තත්ත්වයකට පත්ව ඇත. දේශපාලනය මුල් කරගත් හොරකම, මැරකම, බල තණ්හාව ආදී හේතූන් නිසා බැටකන අපගේ ව්‍යාපාරිකයන්ට දෙපයින් නැඟී සිටීමට බැරි යුගයක් නිර්මාණය වී ඇත.

එහෙයින් අසරණ වී සිටින අපගේ දේශීය ව්‍යාපාරිකයන් යම් පමණකින් හෝ නඟාසිටුවීමේ අරමුණින් මහා බලසම්පන්න ලක්‍ෂ්මි යන්ත්‍රය සාදාගන්නා ආකාරය අපගේ පාඨකයන්ට ගෙන ඒමට අදහස් කළෙමු.

ලක්‍ෂ්මි දෙවඟන යනු මිල මුදල්, ධන ධාන්‍ය හා යස ඉසුරට අධිපති දෙවඟනයි.

යන්ත්‍රයේ ගුණ –

මෙම යන්ත්‍රය ව්‍යාපාර ස්ථානයේ තැන්පත් කිරීමෙන් එම ස්ථානයට ආකර්ෂණය වැඩිවේ. ශ්‍රියාව වඩවයි. ලාභ ලබයි. වෙළෙදාම් වැඩි වේ. එම ස්ථානය ජන ප්‍රසාදයට ලක් වේ. එම ස්ථානයට ජනයාගේ පැහැදීම ඇති වේ. මෙම යන්ත්‍රය කර පැලඳි පුද්ගලයාටද මෙම ගුණ ලැබේ.

යන්ත්‍රය ඇඳීම –

මෙය රන්, රිදී, තඹ යන ඕනෑම එකක ඇඳිය හැකිය. කර පැලඳීම සඳහා දිග පළල දෙකම අඟල් 2 බැගින් (හරිතරැස්ව) ගැනීම සුබ වේ.

ව්‍යාපාර ස්ථානයක තැන්පත් කිරීම සඳහා දිග අඟල් 4, පළල අඟල් 4 (හරි හතරැස්ව) නැති නම් දිග අඟල් 6, පළල අඟල් 6 (හරි හතරැස්ව) ගැනීම සුබ වේ.

සුබ දිනක, සුබ හෝරාවක, සුබ දිශාවක් බලා යන්ත්‍රය ඇඳ ගැනීමෙන් වැඩි ප්‍රතිඵල උදාකරගත හැකිවෙයි.

මෙසේ ඇඳගත් යන්ත්‍රය මල් බුලත් පුටුවක් සාදා ලක්‍ෂ්මි දේවියට පූජාවක් තබා එම පූජාව සඳහා මල්, බුලත්, පඬුරු, පුවක්, සුදු හඳුන්, කඩල, හබල පෙති, කැවිලි, පලතුරු, (පලතුරු ගැනීමේදී අඹ, බෙලි, දිවුල්, පේර, කෙසෙල්, උක්, ‍ෙදාඩම් ආදිය යෝග්‍ය වේ.) මල් (රත් නෙළුම් වඩා උචිත වේ.) මෙසේ සාදාගත් මල් පුටුවට සුවඳ දුම් දී සුබ නැකැතකට ජීවම් ආරම්භ කරන්න. (මෙය ජප කරන කාල සීමාවේදී නා පිරිසුදු වී පිරුවට ඇඳ කිලි කුණුවලින් වැළකිය යුතුද වේ.)

යන්ත්‍රය ජීවම් කිරීම –

ලක්‍ෂ්මි ස්තෝත්‍රයෙන් 108 වර ජීවම් කරන්න.

(මේ සමඟ දක්වා ඇත)

අනතුරුව ජීවම් මන්ත්‍රයෙන් ලක්ෂයක් පුරවන්න.

මෙය ඉතාම ප්‍රතිඵලදායක ප්‍රබල යන්ත්‍රයකි. එය අප බොහෝවර අත්දැක ඇත. මෙම ආර්ථික අපහසුතා ඇති කාලයේ ඔබටම නිවෙසේ සිට කරගත හැකි පරිදි අප මෙය පළ කර ඇත. මෙමඟින් ඔබගේ ව්‍යාපාරය දියුණු වේවා යන්න තරුපති අපගේ පැතුමයි.

ජීවම් මන්ත්‍රය –

“ඕං ශ්‍රීං ක්ලීං මහා ලක්‍ෂ්මී ඒහී ඒහී සර්ව සෞභාග්‍ය දේහී මේස්වාහා

ලක්‍ෂ්මි ස්තෝත්‍ර :-

නමසේත’ස්තු මහා මායෙ – ශ්‍රී පීඨෙ සුර පූජිතෙ

ශඛං චක්‍ර ගදා හසේත – මහා ලක්‍ෂ්මී නමොස්තුතෙ

නමසේත ගරුඩා රූඪෙ – කොලා සුර භයංකරී

සර්ව පාප හරෙ දෙවී – මහා ලක්‍ෂමී නමොස්තුතෙ

සර්ව‍ෙක්‍ෂ සර්ව වරදෙ – සර්ව දුෂ්ට භයංකරී

සර්ව දු–ඛ හරෙ දෙවී – මහා ලක්‍ෂ්මී නමොස්තුතෙ

සිද්ධි බුද්ධි ප්‍රදෙ දෙවී – භුක්ති මුත්ති ප්‍රදායිනී

මන්ත්‍ර මූතෙ– සදා දෙවී – මහා ලක්‍ෂ්මී නමොස්තු තෙ

ආද්‍යාන්ත රභිතෙ දෙවී – ආද්‍ය ශක්ති මහෙශ්වරී

යොගජෙ යොග සංභුතෙ – මහා ලක්‍ෂ්මී නමොස්තුතෙ

ස්ථුල සූක්‍ෂම මහා රෞද්‍රෙ – මහා ශක්තී මහොදරෙ

මහා පාප හරෙ දෙවී – මහා ලක්‍ෂ්මී නමොස්තුතෙ

පද්මාසන ස්ථිතෙ දෙවී – පර බ්‍රහ්ම ස්වරූපිණි

පරමෙශ ජගන්මාතර් – මහා ලක්‍ෂ්මී නමොස්තුතෙ

ශේවතාංබර ධරෙ දෙවී – නානාලඞකාර භූෂිතෙ

ජගත් ස්ථිතෙ ජගන්මාත – මහා ලක්‍ෂ්මී නමොස්තුතෙ”

 

පාරම්පරික ගුප්ත ශාස්ත්‍රඥ

යන්ත්‍ර මන්ත්‍ර ශාන්තිකර්ම උපදේශක

රොෂාන් චානක තිසේරා

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk