Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහය පමා කරන ග්‍රහ සංයෝග හඳුනාගනිමු

1 year ago 7 Min read
Subha.lk

විවාහය සිදුවනවා නම් එය තුරුණුවියේදීම ඉටුවිය යුතුයි. මැදිවයසට ළංව විවාහ වන විට එයින් බොහෝ අතුරු ප්‍රතිඵල ලැබෙන අතර ඒවා ප්‍රීතිමත් ප්‍රතිඵල නොවේ. තරුණ විය ඉක්මයන්නට පෙර විවාහ වුවහොත් දරුවන් ලැබීම, ප්‍රීතිමත්ව විවාහ ජීවිතය ගෙනයෑම දරුවන්ගේ ජීවිතවල බොහෝ කඩඉම්වලදී දරුවන්ට යම් තරමකට හෝ සහාය දැක්වීමට හැකියාව යන වාසිසහගත තත්ත්වයන් ලැබේ. ඉක්මනින් විවාහ කටයුතු සිදුවීම තුළ එවැනි සුබ ප්‍රතිඵල අත්විඳිය හැකිය.

එහෙත් කෙනෙක් උත්සාහ ගත්තත් විවාහය ඉටු නොවන, විවාහය පමා වන අයත් ඇත. විවාහ නොවූ බොහෝ තරුණියන් වයස්ගත වන විට මානසික ආතතියන්ට ලක්වීමද සුලබව දැකිය හැකිය. එහෙයින් තරුණ දරුවනට සුදුසු කලට විවාහයක් ඉටුකර දීම සුදුසු වෙයි.

සෙනසුරු සිකුරු සංයෝගය, ශනි සිකුරුට දෘෂ්ටිය, කාලසර්ප යෝගය, හත අධිපතියා සෙනසුරු සමඟ සංයෝග වීම, සෙනසුරුගෙන් 12 වැන්නේ සිකුරු සිටීම, සෙනසුරුගෙන් දෙවැන්නේ සිකුරු සිටීම, ශනි චන්ද්‍ර සංයෝගය, ශනි චන්ද්‍ර  දෘෂ්ටිය වැටීම, සිකුරු මකර හෝ කුම්භ  රාශිගත වීම, සිකුරු නීච රාශිගතව සිටීම, ශනි 7 වැන්නේ සිටීම, ශනි 7 වැන්න දැකීම, චන්ද්‍ර ලග්නයෙන් 1,4,7,10,11 ස්ථානවල සෙනසුරු සිටීම, චන්ද්‍රයා නීච වීම, හත්වැන්න අධිපතියා නීච වීම, ශනි සිකුරු රාශි මාරු කරගෙන සිටීම, මෙම පිහිටීම් විවාහය පමා කරන යෝග වේ.

වෘෂභ, තුලා, මකර, කුම්භ යන රාශියක සෙනසුරු යෙදී චන්ද්‍රයාට සංයෝග වීම විවාහය පමා කිරීමට හේතුවේ.

මේෂ, සිංහ, තුලා, මකර රාශි සඳුට සතුරුයි. මෙම රාශිවලද චන්ද්‍රයා සමඟ සෙනසුරු සිටීම, චන්ද්‍රයාගේ බලය පිරිහීමට හේතුවේ.  එයද විවාහ පමාවකි.

ශනි චන්ද්‍ර යෝගය ඇති අය වයස 35 ඉක්මවා විවාහයට එළැඹෙයි. විවාහයක් සිදු නොවූ කේන්දරයක් උදාහරණ ලෙස පහත දැක්වෙයි.

ශනි, චන්ද්‍ර යන ග්‍රහයන් හතරවැන්නේය. ගුරු සිකුරු එක්ව එහිම සිටී. අඟහරුට සඳු, චන්ද්‍ර යෝගය පෙනේ. වයස 40 ඉක්මවා ඇතත් විවාහයක් තවම සිදුවී නැත.

විවාහ වීමට සිතා සිටින විවාහ ප්‍රමාද අය අන් අයට විවාහ වීමට උදවු කරන්න. අනුන්ගේ පවුල් ජීවිත විනාශ වන අන්දමට කටයුතු කරන්න එපා. නිතර කුසල කර්මවල යෙදෙන්න. ඉවසීම ප්‍රගුණ කරගන්න.

 

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk