Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පින්වත් දරුවන් ඔබටත් හිමිද?

1 year ago 7 Min read
Subha.lk

දෙමාපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසාම දරුවන්ගේ අනාගත දියුණුව සඳහා දෙමාපියන් මොනතරම් වෙහෙසක් කැප කිරීමක් කරනවා ද. එහෙත් ඒ මහඟු ගුණ ගැන සලකා දරුවන් දෙමාපියන් වෙනුවෙන් ඉටුකළයුතු යුතුකම් ඉටු කරන්නේ කීයෙන් කී දෙනා ද මෙය කෙනෙකුගේ කේන්ද්‍රයේ පස්වැන්නාධිපති පස්වැන්නේ ඇති ග්‍රහයන් හා ඒවාට ඇති ග්‍රහ දෘෂ්ටි සහ ලග්නය හා ඇති යෝගවලින් මනාව පෙන්නුම් කරයි.

 

දරුවන්ගේ තත්ත්වය පැහැදිලි කරන්නේ කේන්ද්‍රයේ පස්වෙනි රාශිය හෙවත් පුත්‍ර ස්ථානයයි. මෙය හොඳින් පරීක්ෂා කිරීමෙන් තමාට දරුවන් සලකාවි ද යන්න දැන ගත හැකිය. එමෙන්ම උපදින දරුවා දෙමාපියන් වියපත් වූ විට සලකන කෙනෙක් දැයි දරුවාගේ කේන්ද්‍රයේ බන්දු තත්ත්වය හා නෑදෑයින්ගේ තත්ත්වය පැහැදිලි කරන ස්ථානයයි.

 

දරුවන්ගෙන් දෙමාපියන්ට මෙන්ම දෙමාපියන්ගෙන් දරුවන්ට ගෙන දෙන පල අපල ද කේන්ද්‍රයේ මනාව සටහන් වෙයි. ජන්ම පත්‍රයක පියා 9 වෙනි කොටුව සහ රවියෙන් ද, මව 4 වෙනි කොටුව සහ සඳුගෙන් ද නියෝජනය වෙයි. දහවල උපදින අයට සිකුරු මව ුවෙයි. මෙම කොටුවල ග්‍රහයන් බලවත් නම් මවුපියන්ට ශීඝ්‍ර දියුණුවක් අත් වෙයි. තවද එම භාවයන් පාප ග්‍රහයන්ගෙන් පීඩිත වී සිටියොත් මවුපියන්ට පීඩා ගෙන දෙයි. කේන්ද්‍රයක ලග්නාධිපති බෙලහීනව 5 වැන්නේ සිටියොත් දරුවන් අඩුවන අතර එම දරුවන්ට ද ඉතා අපලය. තුන්වැන්නාධිපති පස්වැන්නේ සිටින අයට දරුවන්ගෙන් උදව් උපකාර ලැබිය හැකි නොවේ. හතරවැන්නාධිපති පස්වැන්නේ නම් දරුවා මවට ඉතා ආදරය කරයි. පස්වැන්නාධිපති පස්වැන්නේ උච්චව හෝ ස්වක්ෂේත්‍රවීම සහ යහපත් ග්‍රහයෙකු නීච නොවීම නිසා තමාගෙන් දරුවන්ට අපල නොවන අතර ඔවුන්ට දරුවන්ගෙන් සැප ලැබිය හැකි වේ. එමෙන්ම අට අධිපති පස්වැන්නේ සිටීමෙන් බුද්ධිමත් දියණියක් ලැබීමට හැකිවෙයි. තවද 9, 10, 11 අධිපතීන් පස්වෙනි භාවයේ සිටීමෙන් ධනයෙන් මෙන්ම යහපත් දරුවන් ද ලැබීමට හේතුවෙයි. පස්වැන්නාධිපති රවි සමඟ හෝ ගුරු සමඟ යෝගවීමෙන් ද උගත් බුද්ධිමත් දරුවෝ බිහිවේ. සිකුරු එහි සිටීමෙන් රූමත් ගුණවත් දරුවන් හිමිවිය හැක.

 

පස්වැන්නාධිපති සහ ලග්නාධිපති පස්වැන්නේ ග්‍රහයින් ලග්නාධිපති හා මිත්‍රනම් දරුවෝ දෙමාපියන්ට හොඳින් සලකති. ලග්නාධිපති හා පස්වැන්නාධිපතිට පරිවර්තන යෝගයක් පිහිටා ඇත්නම් ද තත්ත්වය එසේම වෙයි. මෙම ග්‍රහයන් එකිනෙකට ත්‍රිකෝණ ගත වුව ද සුබපල වේ.

 

ගුරු, සඳු පස්වැන්නේ, බුධ තමාගේම රාශියේ රවි පළමුවැන්නේ, හතර වැන්නේ, පස් වැන්නේ, නම වැන්නේ සහ එකොළොස්වැන්නේ අශුභ දෘෂ්ටි සම්බන්ධයක් නොමැතිව පිහිටා ඇත්නම් ලැබෙන දරුවන් අකීකරුය. පස්වැන්න ඔවුන්ගේ රාශියේ නම් දරුවන් දෙමාපියන් හා කල කෝලාහල නොකර ද එකිනෙකකා අවබෝධයකින් තොරව කටයුතු කරනු ඇත. මෙම ග්‍රහයින් පස්වැන්නේ වක්‍රවී ඇත්නම් හෝ තවත් අශුභ ග්‍රහයින් හා සම්බන්ධ වී ඇත්නම් හෝ දෘෂ්ටියට ලක්වී ඇත්නම් හෝ දරුවන්ගෙන් දෙමාපියන්ට කරදර ඇති වේ. ඔවුන් දෙමාපියන්ට නොසලකනු ඇත. රවි පස් වැන්නේ සිටින විට දී ස්වල්ප වශයෙන් දරුවන් ලැබීමට හෝ නොලැබීමට ද ඉඩ ඇත. චන්ද්‍රයා පස්වැන්නේ නම් බොහෝ දරුවන් ලැබිය හැක. කුජ පස්වැන්නේ නම් උපදින දරුවන් අකීකරුය. බුධ පස්වැන්නේ නම් ඔවුන්ගේ දරුවන් ඔවුන්ට හිතවත්ය. ඔවුන්ගේ දෙමාපියන් ද ඔවුනට ලැදිමෙන්ම හය වැන්නේ නම් නෑදෑයින්ට විරුද්ධමය.

 

පස්වැන්නේ බලවත් වූ ග්‍රහයෙක් පිහිටීම පස්වැන්නාධිපතියා බලවත්වීමද උසස්, ගුණවත් දරුවන් ලැබීමට හේතුවන්නකි. පහ බලවත් වී ගුරු උච්චවීමෙන් ද දරුවන් බොහෝ දියුණුවට හේතුවන පිහිටීමකි. ගුරු නීචව සිටීමෙන් හා වෙනස් ආකාරයකින් දුර්වලවීමෙන් දරුපල අඩුවේ. ගුරුගේ දුර්වලතාවය දරුවන් පිළිබඳ කරදර පෙන්වන බව සැලකිය යුතු ය.

 

පුත්‍රස්ථානාධිපතියාත්, ලග්නාධිපතියාත් ගුරු එක්ව සිටීමෙන් පියාගේ හැඩරුව හා ගතිගුණ ඇති දරුවෝ ලැබෙති. පියාගේ චරිතය ආදර්ශයට ගෙන ඔහු ගිය මග ඔස්සේ ගමන් කරන මොවුන් හා පියා අතර දිවි පවත්නාතුරු නොකැඩෙන සමීප සම්බන්ධතාවයක් පවතී.

 

භාග්‍යස්ථානයේ ගුරු, සිකුරු, සඳු ආදී ග්‍රහයින් බලවත්ව සිටීමෙන් බොහෝ දියුණුවන දරුවන් ලැබෙන අතර දෙමාපියන්ට ද දරුවන්ගෙන් ජීවිතයට සැප ලැබීමේ වාසනාව හිමිවෙයි. කීකරු, විනීත ධර්මයට ලැදි දරුවන්වීම ද විශේෂ ලක්ෂණයකි. මොවුන් සමාජයට රටට වැඩදායක ජීවිත ගෙවන අයවීමත්, ලෝකයාගේ ගරු බුහුමන් ලැබීමටත් හේතුවෙයි. පහ අධිපතියා හා නමය අධිපතියා එක්ව සිටී නම්ද ඉතා උසස් වාසනාවන්ත දරුවන් ලැබීමට හේතු වේ. දරුවන්ගෙන් දෙමාපියන්ට ද ලොකු සතුටක් ලැබෙයි. මොවුන් හැමවිටම දෙමාපියන්ගේ දුක සැප සොයා බලමින් කටයුතු කරති. ඉගෙනීමට දක්ෂ ඥානවන්ත වැඩිහිටි ගුරුවරාදීන්ට ගරු කරන මනා හික්මීමෙන් යුතු අය වෙති. බුධ සමඟ හෝ සඳු සමඟ හෝ පහ අධිපතියා සමඟ හෝ නමයේ හෝ රාහු පිහිටීම ඉගෙනීම අතරමඟ කඩා කප්පල් කර දැමීමට හේතුවන පිහිටීමකි. හතරේ, දොළහේ, අටේ රාහු සිටීමෙන් විශේෂයෙන් උසස් අධ්‍යාපනයට බාධා කරදර පමුණුවයි. ගුරු සමග නම් එතරම් බාධාවක් ඇති නොකළත් අපහසුතාවයකින් හෝ ඉගෙනීමේ කටයුතු කරගෙන යා හැක. පහ අධිපතියා කුජ සමඟ නම් සටන්කාමී, උද්‍යෝගිමත් දරුවන් ලැබිය හැක. ළමා කාලයේදී දඟකාර ගතියකින් යුක්තවුවත්, ශරීර ශක්තියෙන් වැඩුන පසු අන්‍යයන් අභිබවා දියුණුව ලබන්නෝ වෙති.

 

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk