Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බෑවුමක් සහිත ඉඩමක් ගන්න කලින් මේ දේවල් හිතන්න

1 year ago 7 Min read
Subha.lk

තමන්ගේ කියලා කැදැල්ලක් තනාගෙන එහි නිදහසේ ජීවිතය ගෙවන්නට ඇත්නම් කියන සිහිනය දකින බොහෝ දෙනා ඒ සිහිනය සැබෑ කරගන්නේ ලාභදායීම පියවරෙන් වේ. විස්තෘත පවුල් සංකල්පය හා න්‍යෂ්ටික පවුල් සංකල්පයේ වඩා වැදගත් විස්තෘත පවුල වූයේ අතීතයේය. එසේම වර්තමානයේ න්‍යෂ්ටික පවුල් සංකල්පය නැත්නම් අම්මා, තාත්තා, ආච්චි, සීයා, කුඩප්පා, මහප්පා, සමඟ එක නිවෙසේ ජීවත් වීම යහපත් වුවත් තනිවම තමන්ගේ කියා නිවෙසක ජීවත් වීම බොහෝ දෙනාගේ අභිප්‍රාය වේ. ඒ නිසාම එකම ඉඩම තුළ කුඩා හෝ නිවෙසක් ඉදිකරගෙන ජීවත්වීමට පෙලඹේ. එවිට ඉඩමේ පිහිටීම කුමක් වුවත් එම ඉඩමේ නිවෙසක් ඉදිකිරීමට තීරණය කරයි.

 

අප පසුගිය සතියේ සාකච්ඡා කළේ භූමියේ හැඩය අනුව පවතින සුබ, අසුබ වේ. හැඩය පිළිබඳ සැලකීමේදී අඩුම වියදමකින් ලාභදායීම මිලට ගත හැකි ඉඩම් කොටසක් වූ විට පෙර කී හැඩතල පිළිබඳ ගැටලුව බොහෝ විට මතුවේ. ඒ මන්දයත් ලාභදායී යැයි සිතෙන අඩුම මිලට ලැබෙන ඉඩම් කොටසක හෝ වේවා, මවගේ පියාගේ ඉඩමේ කොටසක හෝ වේවා, තමා  තෝරාගන්නා ඉඩමේ බෑවුම පදනම් කරගෙනද සුබ අසුබ පිළිබඳව කෙරෙන වර්ගීකරණය මෙසේ දක්වා ඇත.

 

මේ සඳහා මාලිමාවක් උපයෝගී කරගත  යුතු වේ. ඔබ නිවෙස ඉදිකිරීමට තෝරාගන්නා ඉඩමේ මැදට දළ වශයෙන් තීරණය කර එම ස්ථානයේ   මාලිමාව තැබූ පසු ඊසාන දෙසට ඉඩම බෑවුම්ව පිහිටන්නේ නම සුබයි. එහි නිවෙස ඉදිකළහොත් ධනය හා සැපත ලැබීමට හේතු වේ. උතුරු දෙසට බෑවුම්ව පවතින්නේ නම් මිල මුදල් බහුලව ලැබීමට හේතුවේ. වයඹ දෙසට ඉඩම් බෑවුම පවතින්නේ නම් මධ්‍ය සුබපල ගෙනදේ. එවිට බොහෝ විට නිවෙසින් පිට රැඳෙමින් රැකියාව කිරීමට සිදුවේ. දුර බැහැර ප්‍රදේශවලට ස්ථාන මාරු ලැබීම හෝ විදේශගතව රැකියා කිරීමට සිදුවේ.

 

ඉඩමේ බෑවුම දකුණු දෙසට පවතින්නේ නම් එය වාසයට සුදුසු නැත. බොහෝ වූ දුක් කරදරවලටත් හදිසි මරණයටත් හේතු වේ. බටහිර දෙසට බෑවුම්ව පවතින ඉඩමක නිවෙස ඉදිකළහොත් වෙනත් අසුබතාවන් නොවුණත් දරුපල ලැබීම අතින් දුර්වලය. නවක විවාහක යුවළක් නම් දරුවන් නොලැබීමට හේතු වේ. නිරිත දිශාවට බෑවුම්ව පවතී නම් ධන පරිහානියට හේතු වන බවත් ගිනිකොන දෙසට බෑවුම්ව පවතී නම් ගින්දරෙන් හානි සිදුවන බවද ආචාර්ය මතයයි.

 

සමහරවිට ඉහත දිශාවන්ට අමතරව උතුරු, වයඹ, බටහිර හා නිරිත යන පැති සියල්ල උස්ව පිහිටිය හැකිය. ඉහත දිශාවන් උස්වත් අනෙකුත් දිශාවන්ට බෑවුම්වත් පිහිටි ඉඩම්, ඒවා ඇත්පිට හැඩය ලෙසද මහා සැප සම්පත් ලැබීමට සුදුසු හැඩය ලෙසද සඳහන් වේ. තවද ඊසාන, නැඟෙනහිර, ගිනිකොන උස්ව බටහිර බෑවුම්ව පිහිටියේ නම් අසුරයකුගේ පිටක හැඩය යැයිද එය වාසයට සුදුසු නැති සුරතල් සතුන්ට විපත් ගෙනදෙන නිවෙසේ සුරතල් සතුන් ඇති කිරීමට නොහැකි භූමියක් ලෙසද හඳුන්වයි. උතුරු දකුණු පැති උස්ව බටහිරට බෑවුම් නම් නාග පිටක් ලෙසද, එම භූමිය නිවැසියන්ට නිතර විපත් ගෙන දේ.  සතර දෙසින් පහත්ව මැදින් උස්ව පිහිටන භූමියක ඉදිවන නිවෙසේ නිරෝගී බව  හා ධනය රැඳෙන අතර උදාරත්වය හිමිවන භූමියක් වේ. මෙවන් ඉඩම් ඉදිබු පිට හැඩය ලෙස හඳුන්වයි. නිවෙසක් ඉදිකිරීමට වඩාත්ම යහපත් සුබපල දෙන ඉඩම මෙය බව පොත පතේ සඳහන් වේ.

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk