Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහය වෙන්නේ කවදාද අත බලලා කියන්නද?

1 year ago 7 Min read
Subha.lk

ජීවිතයේ සුන්දරම අත්දැකීම විවාහයයි. යොවුන් වියට පත් තරුණ, තරුණියන් ඒ අත්දැකීම විඳගන්න සිහින මවන්නේ මොන තරම් ආශාවකින්ද. තමාට මොන විදියේ සහකරුවෙක් සහකාරියක් ලැබෙයිද. විවාහය සාර්ථක වේවිද අසාර්ථක වේවිද මේ වගේ දහසක් සිතිවිලි ඔවුන්ගේ මනසේ සිතුවම් වීම ස්වාභාවිකයි. කරදර බාධකවලින් තොරව ජයග්‍රහණය කරා යෑමට හවුල්වන විවාහ සහකරුවෙක් හෝ සහකාරියක් හමුවීම ජීවිතයේ ලොකුම භාග්‍යයකි.  ඔබට විවාහවීමට හැකිද නොහැකිද යන්නත් ඔබ දැනටමත් විවාහක නම් ඉදිරි ජීවිතය සතුටින් ගත කිරීමට යන්නත් ඔබට ප්‍රශ්නයක් විය හැකිය. විවාහය සම්බන්ධ මේ හැම කරුණක් ගැනම පිළිතුරු සටහන් වී ඇති රේඛාවක් පිළිබඳවයි මෙවර විස්තර කරන්නේ. එය තමයි විවාහ රේඛාව, සම්බන්ධතා රේඛාව, මංගල රේඛාව යනුවෙනුත් එම රේඛාව හඳුන්වනු ලබයි.

අත්ල අයිනේ සුළැඟිල්ලේ මුලටත්, හෘදය රේඛාවටත් අතර පිටිඅත්ලේ සිට ඉහළට පැමිණ බුධ මණ්ඩලය දෙසට සමීපව මෙම රේඛාව දැකිය හැකිය.  ඇතැම් අත්වල මෙම රේඛා කිහිපයක්ම ඇතත් සමහර අත්වල තනි රේඛාවක් පමණක් දැකිය හැකිය. යමකුගේ අත්ලක මෙම රේඛා නොමැති නම් ඔහුට හෝ ඇයට පෙම් සබඳතා නොමැති බැව්ද ඔවුන් විවාහයකට උනන්දු නැති බවද කියැවේ.  මෙම රේඛා කිහිපයක් අතක දක්නට ඇතොත් හෙතෙම දුටු දුටුවන් කෙරෙහි පෙම් සිතිවිලි ඇතිකර ගන්නා ස්වභාවයක් පෙන්නුම් කරයි. රේඛාවක ගැඹුර, සෘජු බව අනුව ප්‍රේම සම්බන්ධතාවන් ගණනද ඒවායේ   ස්ථිරභාවයද තීරණය කළ හැකිවේ. මේ අයුරින් රේඛා කිහිපයක් ගැඹුර ලෙස පැහැදිලි ලෙස සටහන් වී ඇත්නම් ඉන් සබඳතා කිහිපයක් ඇති බව පැහැදිලි වෙයි. මෙම රේඛාව කෙළවර උඩු අතට හැරීම විවාහයට බාධාවන බව ප්‍රකට වෙයි. විවාහ රේවේ කෙළවර හෘදය රේඛාව දෙසට (1) බෑවුම් වූයේ නම් සහකාරයාගේ හෝ සහකාරියගේ වෙන්වීමක් හෝ මරණයක් පෙන්නුම් කරයි.  අග බෙදුනු(කරුවක්් මෙන්) විවාහ රේඛාවද මොනයම් හේතුවක් නිසා හෝ අඹුසැමි වෙන්වීම හෙළි කරන්නෙකි. නමුත් වෙන්වීමට හේතුව ස්වාමිපුරුෂයා රැකියාවක් හෝ ව්‍යාපාරයක් සඳහා අෑත ප්‍රදේශයක හෝ විදේශ රටක වූයේ නම් ප්‍රශ්න පැන නොනඟී. නමුත් එකට ජීවත් වීමේදී සාමය නැති වූ නිසාම හෝ ප්‍රේමයේ පළුදු වීමක් නිසා නම් දික්කසාදයකට ඇති ඉඩකඩ බලවත් වේ.  විවාහ රේඛාව අග උඩින් සමාන්තරව ඇති කෙටි රේඛාවකින් පෙන්නුම් කරන්නේ විවාහයට පසු ඇතිකර ගන්නා වූ පෙම් සබඳතාවකි. (2) මෙය ස්ථිර අනියම් සම්බන්ධතාවක් විය හැකිය.  විවාහ රේඛාවේ අග යටින් සමාන්තරව ඇති කෙටි රේඛාවෙන් (3) පෙන්නුම් කරන්නේ විවාහයට පෙර ඇති කරගත් සම්බන්ධතාවක් තවදුරටත් පවත්වාගෙන යන බවයි.  මෙම අවස්ථා දෙකේදීම රේඛා පැහැදිලි ලෙස පෙන්නුම් කරයි නම් සම්බන්ධතා ශක්තිමත් වේ. නමුත් ඔවුන්ගේ අධිෂ්ඨාන ශක්තිය මත එම ප්‍රතිඵල වෙනස්විය හැකිය. එවිට එම සලකුණු මැකී යනු ඇත.විවාහ රේඛාව හෘදය රේඛාවට ළංව පිහිටීම (4) ඉක්මන් විවාහයකට හේතුවක් ලෙස සැලකේ. තවද එම රේඛාව හෘදය රේඛාව ළංව පිහිටීමෙන් දායාදවලට වඩා ආදරය මුල් කරගත් විවාහයක්ද විවාහ රේඛාව සුළැඟිල්ලට ළංව පිහිටීමෙන් ආදරයට වඩා දායාදවලට කැමැත්තෙන්ද විවාහ සිදුවේ.

විවාහ රේඛාවේ මුල් කොටසේ දූපත් සලකුණක් ඇති වී නම් විවාහයට පෙර නොමනා හැසිරීම්වල යෙදුණු බවද ප්‍රකට වෙයි. නැත්නම් සැමියාගේ හෝ බිරියගේ පෙර පැවැති නොමනා හැසිරීම් නිසා ප්‍රශ්න මතු වී වෙන්වන්නට සිදුවේ.

විවාහ රේඛාවේ දෙකඩ වී නම් විවාහ දිවියේ හදිසි බිඳ වැටීමකි. සමහර අයගේ විවාහ රේඛාව හරස් ඉරිවලින් කැපී ඇති බව දැකිය හැකිය. එවැනි පිහිටීම්වලින් දික්කසාද වීම හෝ වෙනත් විදියේ ගැටීම් ආදිය පෙන්නුම් කරයි. එම රේඛාව දම්වැල් ආකාරයේ ලක්ෂණවලින් යුක්ත නම් විවාහ ජීවිතය ශෝකාන්විත සිදුවීමකින් කෙළවර විය හැකිය.

විවාහ රේඛාව කීර්ති රේඛාවට සම්බන්ධ වී ඇත්තේ නම් (5) ඔහුට හෝ ඇයට ධනවත් ප්‍රසිද්ධ අයකු හා විවාහවීමට ලැබෙන බව ප්‍රකට කරයි. නමුත් විවාහ රේඛාව කීර්ති රේඛාව ඡේදනය කරමින් ඉදිරියට යෑම සුබ නොවේ. (6) විවාහය නිසා නොයෙකුත් දූෂ්‍යමාන කතා පැතිර යෑම එයට හේතුවයි. කවාකාරව උඩට නැමුණු විවාහ රේඛාවක් ඇති අයකුට අන් අයගේ ඊර්ෂ්‍යාව ඇති කිරීමට තරම් ගැළපෙන සහකරුවකු හෝ සහකාරියක හිමිවෙයි. සහකාරයා කොතරම් සුදුස්සකු වුවත් එම අය හා ආදරයෙන් ජීවත් නොවුවහොත් එම රේඛාව වැඩි කලක් යෑමට පෙර පහතට නැමේ. එම තැනැත්තා සතුටට පත්වූවත් සහකරු අසතුටට පත්විය හැකිය. ඒ නිසා යහපත් බිරියක් හෝ ස්වාමිපුරුෂයකු වීමට උත්සාහ කිරීම වැදගත්ය.  බොහෝ විවාහ රේඛා ඇති අය පෙන්නුම් කරන්නේ බොහෝ ප්‍රේම සබඳතා  ඇති බවය. එම අය අනිත් පක්ෂයේ අය හා නිතර සම්බන්ධතා ඇතිකර ගනියි. කෙසේ වෙතත් විවාහ රේඛා වැඩි වූ තරමට නැවත නැවත විවාහ සිදුනොවේ. පැහැදිලිව දික්ව පිහිටි රේඛාව විශේෂයෙන් විවාහය පෙන්නුම් කරයි. විවාහ රේඛාව බොහෝ විට වෙනස්වනසුලුය. මෙම රේඛා සැලකිල්ලෙන් පරීක්ෂා කර එවැනි සිදුවීම් හා අවස්ථා මැඬ පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුයි. උත්සාහයේ නිසි පල ලැබෙන විට රේඛාව වෙනස්වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk