පෙබරවාරි මාසයේ ඔබේ ලග්නයට කොහොමද ? (පෙබරවාරි 07 සිට පෙබරවාරි 13 දක්වා)
මේෂ ලග්නය
ලග්නාධිපති කුජ සිකුරු සමග 9 වැන්නේද රවි ශනි හා බුධ 10 වැන්නේද, ගුරු 11 වැන්නේද, රාහු 2 වැන්නේද ගෝචර වෙමින් ආරම්භ වන මෙම මාසය ඔබට සුබපල සහිත මාසයකි.
බොහෝ කරදර සිත් පීඩාවලින් මිදී බලාපොරොත්තුවෙන් සිටි වැඩකටයුතු කිහිපයක්ම ඉටු කර ගැනීමට හැකි මාසයකි. මෙම මාසය පුරාවටම සියලුම ලග්නවලට කාලසර්ප දෝෂයක්ද පවතින බැවින් තම කටයුතු ඉතා උනන්දුවෙන් කර ගැනීමට සිදුවේ.
රැකියාව - රැකීරක්ෂා කටයුතු වලින් ජය ලැබේ. අලුත් තත්ත්වයකට පත් වේ. ගෞරව සැලකිලි ලැබේ. සතුරන්ගෙන් ඇති වී තිබූ කරදර හා ව්පත්වලින් නිදහසත් සැනසීමත් ලැබෙන මාසයකි. සෙනසුරු 10 වැනි භාවයේ තවදුරටත් ගමන් කරන බැවින් විටින් විට සිත්තැවුල් ගැටුම් ඇති වීමටද හැකිය. එබැවින් ශනිට අදාළ පිළිවෙත් කර ගැනීම සුබවේ. උපතේදී සඳු 10 හෝ 11 තැම්පත් නම් නිතරම කරදර සිත්තැවුල් හා ගැටුම් ඇති වේ.
ධනය - ආදායම් හොදින් ලැබෙන මාසයකි. ගුරු 11 වැන්නේ ගමන් කිරීම ඔබට වාසි සහගත වනු ඇත. මුදල් පිළිබඳ තරමක් කරදර සහිත වුවද ඔබට ඒ සියල්ල මෙම මාසයේ කළමනාකරණය කර ගත හැකිවේ.
ගෘහ ජීවිතය - පවුලේ අය සමඟ දුර බැහැර ගමන් හෝ වන්දනා ගමන් යෑමට සිදු වේ. වාසනාවන්ත සහකාරයෙක් ලැබෙන කාලයකි. ගෙදර දොර සමාදානය ප්‍රීතිය වාසනාව ඇති වේ.
සෞඛ්‍යය තත්ත්වය - ශරීර සනීපය යහපත් වේ. දණහිස් පාද ආශ්රිත අසනීප සුළුවට ඇති විය හැකිය. රාහුගේ දසාවක් ගත කරයි නම් ඇස, හිස, පපුව සම්බන්ධ අසනීප මතු වීමට හැකිය.
| සුඛ දිනය - අඟහරුවාදා
| සුඛ වර්ණය - රතු
| ජය අංකය - 04
වෘෂභ ලග්නය
ලග්නාධිපති සිකුරු කුජ සමග 8 වැන්නේද, රවි, බුධ ශනි 9 වැන්නේද, ගුරු 10 වැන්නේ හා චන්ද්‍රයා 11 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම මාසය ඔබට මිශ්රපල සහිත මාසයකි. බලාපොරොත්තු කිහිපයක්ම ඉටු කර ගැනීමට හැකිවේ. සැප පහසුවට හේතු වන සෑම දෙයක්ම ලැබේ. ගෙවල් වැඩද ආරම්භ වේ. සතුරු කරදරවලින් නිදහස් වේ.
රැකියාව - රැකීරක්ෂා කටයුතු සාර්ථක වේ. රැකීරක්ෂා සොය සොයා සිටින කෙනෙකුට නම් මෙම කාලයේදී එය ලැබෙන්නට හේතුවේ. නිලතල බලාපොරොත්තු වන අයට එයද ඉෂ්ට වේ. අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හොඳ කාලයකි. දෙනට, සියාවස යන නැකැත්වලින් ඉපදී ඇති නම් ප්‍රවේශම් විය යුතුය.
ධනය - ධන ලාභ ලැබෙනවා ඇත. ගමන් යෑමට වියදම් කිරීමට සිදු වේ. නිතරම මුදල් ගැන සිත සිතා සිටීමට සිදුවේ. තමාගේ වාසනාවට ධනය ලැබේ.
ගෘහ ජීවිතය - තමාට ආධාරයට සිටින අයට විපත්තිදායකයි. විවාහ වූ අයකුට නම් තම භාර්යාවට හෝ ස්වාමිපුරුෂයාට අපල කාලයකි. ස්ත්‍රීන් ආශ්‍රය නිසා විපත්ති සිදු වේ. මංගල යෝජනා වෙනස් වෙන්නට පුළුවන.
සෞඛ්‍යය තත්ත්වය - යහපත් වේ. අසනීපයක් තිබුණේ නම් එය සුව වීමට හැකිය. නමුත් අසුබ දසාවක් හෝ ජන්ම ඒරාෂ්ටක අපලයක් මෙම කාලයේ තිබේ නම් පවතින අසනීප බොහෝ වැඩි වීමට ඉඩ ඇත.
| සුඛ දිනය - බදාදා
| සුඛ වර්ණය සුදු
| ජය අංකය - 06
මිථුන ලග්නය
ලග්නාධිපති බුධ, රවි හා ශනි සමඟ 8 වැන්නේද, කුජ සිකුරු 7 වැන්නේද ගුරු 9 වැන්නේ හා සඳු 10 වැන්නේද ගමන් කරමින් ආරම්භ වන මෙම මාසය ඔබට සිතේ නිදහස අඩු කරන මාසයකි. මුදල් අතින් අ හිඟකම් නිතරම ඇති කරයි.
රැකියාව - රැකීරක්ෂා පිළිබඳවත් නම්බුව කීර්තිය පිළිබඳවත් වාසනාවන්ත විය හැකිය. ඒ කටයුතු පිළිබඳව ගමන් යෑමට සිදුවේ. පින්දහම් කටයුතුවලට යෑමට සිදුවේ. ඉගෙනීමෙන් උසස් වීම් ලැබේ. පෙර පිනකටම තමාට රැකියාවක් ලැබේ. නැතිනම් විදෙස්ගත වීමට අවස්ථාවක් උදාවේ.
ධනය - රැකීරක්ෂා වෙළෙහෙළඳ ව්‍යාපාරවලින්ද, වැඩිහිටියන්ගෙන්ද, උසස් අයගෙන්ද උදවු උපකාර හා ධන ලාභ ලැබේ. රාහුගේ හෝ කේතුගේ දසා ගත කරන අයට නම් ධන හානි සිදුවේ. ඒරාෂ්ටක අපලද පවතින බැවින් මෙම මාසයද ප්‍රවේශම් විය යුතුය.
ගෘහ ජීවිතය - පවුලේ අය සමඟ දුර බැහැර ගමන් බිමන් වන්දනා ගමන් ආදී යෑමට සිදුවේ. විවාහ සහකරුට අසනීපාදී කරදර ඇතිවීමටද අනෙන්යාන්ය සමඟියට බාධා සිදු වීමද සතුරන් නිසා දුක් විඳීමටද සිදුවේ. පහත් ස්ත්රීන්ගේ හෝ පුරුෂයන්ගේ ආශ්‍රය ඇතිවේ. සෞඛ්‍යය තත්වය - අසනීප කරදර ඇති වීමට හැකි මාසයකි. ප්‍රවේශම් විය යුතුය. උණ, කැස්ස මෙන්ම හදිසි අනතුරු වුවද ඇති වීමට හැකි බැවින් මෙම මාසයද ඔබ ප්‍රවේශම් විය යුතුය. පාද ආශ්රිත රෝග මතු වේ. උපතේදී සුබව පිහිටි ග්‍රහයකුගේ දසාවක් ගත කරන අයට අසුබපල අඩුවේ. නමුත් එතරම් සුබ මාසය නොවේ.
| සුබ දිනය - බදාදා
| සුබ වර්ණය - කොළ
| ජය අංකය - 05
කටක ලග්නය
ලග්නාධිපති සඳු 9 වැන්නේද, රවි, බුධ හා ශනි 7 වැන්නේද, කුජ සිකුරු 6 වැන්නේද ,ගුරු 8 වැන්නේ හා රාහු 11 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම මාස ඔබට මිශ්රපල සහිත මාසයකි. ඔබ සුවණ, දෙනට, සියාව වැනි නැකැත්වලින් ඉපදී ඇතිනම් සුබපල අඩු වීමට හැකිය.
රැකියාව - මහන්සියෙන් කරන වැඩකටයුතු වැඩි වන අතර රැකී රක්ෂාවලට කරදර මතු විය හැකි මාසයකි. පහත් අයගේ ගරු සැලකිලි ලැබේ. තමා යටතේ සිටින සේවකයන්ගෙන් වැඩ කටයුතු කරගැනීමට හැකිවේ. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. නමුත් මෙම කාලයේ ඔබේ සිතට නිදහස නම් අඩු වන කාලයකි.
ධනය - විවාහ සහකාරයාගෙන් ද, භාරගෙන කරන කටයුතුවලින්ද මිල මුදල් ලාභ ලැබේ. සමඟිය ඇති කිරීමට වියදම් කරයි. තරුණ වයසේ නම් කම්සැප ලාභ සඳහා වියදම් කරයි.
ගෘහ ජීවිතය - සතුරු කරදරවලින් නිදහස ලැබේ. සුදුසූ වයසේ නම් විවාහය හෝ මංගල යෝජනා ඇතිවේ. කම් සැප ලාභ ලැබේ. සහකාරයෙක් ලැබේ. ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවට හදිසියේ අසනීප ගති මතු වීමටද හැකිය. තදබල අපල ඇති නොවේ. සෞඛ්‍යය තත්ත්වය - බරපතළ අසනීප ඇති නොවේ. නමුත්
ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා 7 ,8 හෝ ලග්නයේ තැම්පත් වී ඇතිනම් අසනීප මතු වීමට බොහෝ ඉඩකඩ පවතී.
| සුබ දිනය - බ්‍රහස්පතින්දා
| සුබ වර්ණය - සුදු
| ජය අංකය - 07
සිංහ ලග්නය
ලග්නාධිපති රවි, බුද්ධ ශනි සමඟ 6 වැන්නේද කුජ, සිකුරු 5 වැන්නේද, ගුරු 7 වැන්නේද රාහු 10 වැන්නේද ගමන් කරමින් ආරම්භ වන මෙම මාසය ඔබට සුබපල සහිත මාසයකි. උපතේදී සඳු 6,7 හෝ 12 වැන්නේ තැන්පත් අයට නිතර බාධක මතු විය හැකිය.
රැකියාව - රැකියාව සම්බන්ධ කරදර මතු වනු ඇත. තමාගේ රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ දෝෂාරෝපණයට ලක් විය හැකිය. රැකියාව වෙනස් වීමට හෝ ටික කාලයකට හෝ රැකියාවෙන් වෙන් වී සිටීමට සිදු විය හැකිය. මාසයේ අවසාන කාලයේදී උසස්වීම් ලැබීමට හෝ පඩි වැඩි වීමට හැකිය. සෑමවිටම ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කළ යුතුවේ.
ධනය - මහන්සියෙන් කරන කටයුතුවලින්ද රැකියාව මාර්ගයෙන්ද හොඳ ආදායම් ලැබේ. ශරීර සනීපය සඳහා වියදම් කිරීමට සිදුවේ. නමුත් මෙම කාලයේදීද මුදල් සම්බන්ධ කරදර විටින් විට ඇතිවේ. ලෙඩුන් වෙනුවෙන් වියදම් වන මාසයකි.
ගෘහ ජීවිතය - ගෘහ ජීවිතය යහපත්ව ගත කිරීමට හැකිවේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. තම පවුලේ සමඟිය, සමාදානය ඇතිවන මාසයකි.
සෞඛ්‍යය තත්ත්වය - මාසය පුරාම යහපත් සෞඛ්‍යමය තත්ත්වයක් පවත්වා ගැනීමට හැකිවේ. පවුලේ කෙනෙකු අසනීප වීමට ජන්ම ඒරාෂ්ටක පවතීනම් පාද ආශ්රිත වේදනා මතුවේ.
| සුඛ දිනය - බදාදා
| සුඛ වර්ණය - රතු
| ජය අංකය - 04
කන්‍යා ලග්නය
ලග්නාධිපති බුධ, රවි හා ශනි සමඟ 5 වැන්නේද කුජ, සිකුරු 4 වැන්නේද, ගුරු 6 වැන්නේද රාහු 9 වැන්නේද ගමන් කරමින් ආරම්භ වන මෙම මාසය ඔබට සුබපල සහිත මාසයකි. නමුත් දරුවන් සම්බන්ධව නිතරම කරදර, බාධක මතුවිය හැකිය. සහෝදරයන් සම්බන්ධ කරදර, සිත් රිදවීම් මතු වේ.
රැකියාව - මුදල් වියදම් කර ලාභ බලාගෙන කරන කටයුතුවලින් දියුණුව ඇතිවේ. දරුවන්ට රැකීරක්ෂා ලැබෙන්නට හෝ ඉගෙනීම දියුණු වීමට හැකිය. ගරු සැලකිලි ලැබේ. ක්‍රීඩා කටයුතු සාර්ථක වේ. රැකියාවේ සුළු ගැටුම් දුරදිග යෑමට ඉඩ නොදිය යුතු මාසයකි.
ධනය - ගෙවල් ඉඩම් වැඩවලින් ආදායම් ලැබේ. නැතිනම් ඒවාට වියදම් කිරීමට සිදුවේ. අලුතින් වාහනයක් හෝ වෙන මොනයම්දෙයක් හෝ මිලදී ගැනීමට හැකිය. ගොවිතැන්වලින් ප්‍රයෝජන ලැබේ.
ගෘහ ජීවිතය - මෙම කාලය තුළ ප්‍රීතිමත් ගතියෙන් වාසය කිරීමට ඉඩ ලැබේ. ස්ත්‍රී සැපට හෝ අන්‍ය පස්කම් සැපට ආශාව වැඩිවේ. ඒ පසුපස දිවීමට සිතේ. හදිසියේ ගන්නා තීරණ නිසා කරදර ඇති වීමටද ඉඩ පවතින බැවින් සිත පාලනය කර ගත යුතුය.
සෞඛ්‍යය තත්වය - ශරීර සෞඛ්‍යය යහපත් වේ. උෂ්ණ ගති නම් නිතරම පවතී. කේතුගේ හෝ රාහුගේ දසා ගත කරන අයට නම් නිතරම අසනීප ගති මතුවන මාසයකි. සෙම රෝග සෑදිය හැකිය.
| සුඛ දිනය - බදාදා
| සුඛ වර්ණය - කොළ
| ජය අංකය - 03
තුලා ලග්නය
ලග්නාධිපති සිකුරු, කුජ සමඟ 3 වැන්නේද, රවි, බුධ, ශනි 4 වැන්නේද, ගුරු 5 වැන්නේ හා සඳු 6 වැන්නේ ගමන් කරමින් ආරම්භ වන මෙම මාසය ඔබට සුබපල සහිත මාසයකි. තමා පදිංචි ස්ථානය පිළිබඳ විටින් විට කරදර නම් පැමිණීමට හැකිය. මවට අසනීප ඇතිවිය හැකි කාලයකි. නමුත් ඔබ බලාපොරොත්තු වන අරමුණු බොහෝමයක් ඉටු කර ගැනීමට සුබ මාසයක් වනු ඇත.
රැකියාව - රැකීරක්ෂා කටයුතුවලට කරදර, බාධා මතුවේ. සමාජ ආශ්‍රයට තරමක් අහිතකර මාසයකි. වැඩට බාධා, අවහිරකම් මතුවේ. උසස් නිලධාරීන් සමඟ ආශ්‍රය ඉතා කල්පනාවෙන් කළ යුතුය.
ධනය - මිල මුදල් ගනුදෙනු වලින් පාඩු සිදු විය හැකි මාසයකි. මුදල් හිඟ වේ. විරුද්ධකම්වලට මුහුණ දීමට සිදුවේ. බලවත් ග්‍රහයකුගේ දසාවක් පවතී නම් අශුභපල අඩු වී යයි.
ගෘහ ජීවිතය - ගෘහ ජීවිතය සාර්ථක වේ. මහජන සැලකිලි ලැබීමද, තරුණ තරුණියන් අතර ආශ්‍රයද ඇති කරන කාලයකි. බදු හිමියන්ගෙන්, කුලීකාරයන්ගෙන්, ඉඩම් හිමියන්ගෙන් කරදර ඇතිවේ.
සෞඛ්‍ය තත්ත්වය - යහපත් සෞඛ්‍ය තත්ත්වයක් මාසය පුරාම පවතී.
| සුබ දිනය - සිකුරාදා
| සුබ වර්ණය - ක්‍රීම් පාට
| ජය අංකය : 06
වෘශ්චික ලග්නය
ලග්නාධිපති කුජ, සිකුරු සමඟ 2 වැන්නේද, රවි, බුධ, සිකුරු හා ශනි 3 වැන්නේද, ගුරු 4 වැන්නේද, රාහු 7 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම මාසය ඔබට සුබපල සහිත මාසයක් වනු ඇත.
රැකියාව - වෙළහෙළඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. අනුන්ගෙන් ගරු සැලකිලි ලැබේ. රැකියාවේ උසස් වීම්, පඩි වැඩි වීම් සිදුවන මාසයකි. ආණ්ඩුවේ හෝ උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබේ. රැකියාවේ කරදර ඉවත්වන මාසයකි. හීන වී ගිය ධෛර්ය නැවත ලැබේ. අලුතින් රැකීරක්ෂා ලැබෙන මාසයකි.
ධනය - ධන ලාභ ලැබේ. තම තත්ත්වය තිබුණාට වඩා උස් වේ. තමා කරගෙන යන සියලුම කටයුතු වැඩි දියුණුවට පත්වී ආදායමද වැඩි වේ. අධ්‍යාපන කටයුතු වලට වියදම් කිරීමට සිදුවේ.
ගෘහ ජීවිතය - පවුලේ සමඟිය, සමාදානය වැඩි වනු ඇත. තමාගේ කටයුතු සඳහා මහලු අයගෙන්ද වැඩිහිටියන්ගෙන්ද උදවු උපකාර ලැබේ. ගොඩනැගිලි වැඩකට අත්තිවාරම් දැමීමට සිදුවේ.
සෞඛ්‍ය තත්වය - යහපත් වේ. අසනීප කරදරවලින් නිදහස් වී සතුටින් සිටීමට හැකි මාසයකි. නමුත් ජන්ම ඒරාෂ්ටක අපල කාලයක් ගෙවන අයට නම් පපුවේ අමාරු, හදිසි අනතුරු ඇති වීමට හැකිය. මානසික ආත්තිය නිසා හිසේ කැක්කුම් නිතර ඇති විය හැකිය.
| සුබ දිනය - ඉරිදා
| සුබ වර්ණය - රතු මිශ්‍ර
| ජය අංකය 04
ධනු ලග්නය
ලග්නාධිපති ගුරු 3 වැන්නේද, රවි, බුධ හා ශනි දෙවැන්නේද, කුජ, සිකුරු ලග්නයේමද ගමන් කරමින් ආරම්භ වන මෙම මාසය පසුගිය මාසයට වඩා යහපත් වනු ඇත. නමුත් තවදුරටත් අපල කාලයක් පවතින බැවින් මෙම මාසයද කල්පනාවෙන් කටයුතු කර ගත යුතුවේ.
රැකියාව - රැකී රක්ෂා සම්බන්ධයෙන් තරමක් කරදර කාලයකි. ඉවසීමෙන් කටයුතු කරගන්නේ නම් උසස් අයගෙන් උපකාරද ලැබෙන යහපත් මාසයක් විය හැකිය. නමුත් නින්දා අපහාස ආදියට ලක් වීමට හැකි කාලයක් බැවින් ඉවසීමෙන් සිටිය යුතුවේ.
ධනය - අතේ මුදල් රැඳෙන්නේ නැති මාසයකි. අධික වියදම් ඇතිවේ. ලැබෙන්නට තිබෙන මුදල් පවා නොලැබී යා හැකිය. කතාවේ බලයෙන් ආදායම් ලබා ගත හැකිවේ. කරදර බාධා පවතිනුයේ තව ඉතා සුළු කාලයකි.
ගෘහ ජීවිතය - ගෘහ ජීවිතය සාර්ථකව ගෙන යෑමට හැකිවේ. විවාහ යෝජනා සම්බන්ධයෙන් ස්ථාවර අදහසකට හෝ නිගමනයකට එළැඹීම දුෂ්කර වනු ඇත. තව සුළු කාලයක් ඉවසීමෙන් සිටින්නේ නම් ඔබට දැනට පවතින බොහෝ ගැටලු විසඳී යනු ඇත.
සෞඛ්‍ය තත්වය - ශරීර සෞඛ්‍ය තරමක් අයහපත් වීමට හැකිය. හොඳින් ආහාරපාන ලබාගත යුතුය. සෙම් රෝග, උණ සහ මෙම කාලයේ පැතිරී යන අසනීප තමාටද වැලඳීමට හැකි බැවින් සෑම විටම ප්‍රවේශම් වෙන්න. දෙනට නැකතින් ඉපදී ඇතිනම් අනිවාර්යයෙන්ම ප්‍රවේශම් වෙන්න.
| සුඛ දිනය - සිකුරාදා
| සුඛ වර්ණය - කහ මිශ්‍ර
| ජය අංකය - 05
මකර ලග්නය
ලග්නාධිපති ශනි, රවි හා බුධ සමඟ ලග්නයේමද, ගුරු දෙවැන්නේ හා රාහු 5 වැන්නේද, කුජ හා සිකුරු 12 වැන්නේද, සඳු 3 වැන්නේද ගෝචරව ආරම්භ වන මෙම මාසය ඔබට යහපත් වූ ප්‍රතිඵල ලබාදෙනු ඇත. කලෙක සිට තමා බලාපොරොත්තුවෙන් සිටි දෙයක් මෙම මාසයේදී තමාට ලැබෙනු ඇත.
රැකියාව - රැකීරක්ෂා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට හැකිවේ. වෙළහෙළඳ ව්‍යාපාරවලින්ද දියුණුව ඇතිවේ. අලුත් තත්ත්වයකට පත් වේ. වැදගත් කතා පැවැත්වීමට හැකිවේ. ආදායම් ලැබෙන මාර්ග වැඩිවේ. අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ කාලයකි.
ධනය - පසුගිය මාස වලට වඩා ධන තත්ත්වය යහපත් වේ. වාහන ලාභද ලැබෙන කාලයකි. දේපළ ලාභ ලැබේ. සුබ එමෙන්ම වාසනාවන්ත මාසයකි.
ගෘහ ජීවිතය - අඩුපාඩු නැතිව ජයට කෑම බීම ලැබෙන කාලයකි. සිතට සැනසීමත්, දියුණුවත්, ප්‍රසිද්ධ වීමත්, නම හොඳ වීමත් සිදුවේ. තමාට හෝ තම පවුලේ කෙනකුට දරු ලාභයක්ද ලැබෙනවා ඇත. ගෙදරදොර වාසනාව ඇති කරයි. උපතේදී සඳු 7, 1 හෝ 2 වැන්නේ සිටී නම් කරදර, බාධක, නීතිමය ගැටලු ඇතිවේ.
සෞඛ්‍ය තත්වය - දරු ශිෂ්‍යයන්ට අසනීපාදී කරදර සහිත පැටලිලි සහගත කාලයකි. ගමන් බිමන් නිසා වෙහෙසීමට සිදුවේ. රාහුගේ දසාවක් පවතී නම් උදරාබාධ සෑදීමට හැකිය. තමාට හෝ තම පවුලේ කෙනකුට බෝවෙන වසංගත රෝගයක් හෝ වැලඳීමෙන් කරදර විඳීමට සිදුවේ. ඉතා සිහිබුද්ධියෙන් කටයුතු කර ගත යුතු මාසයකි
| සුබ දිනය - සිකුරාදා
| සුබ වර්ණය - නිල්
| ජය අංකය - 09
කුම්භ ලග්නය
ලග්නාධිපති ශනි ග්‍රහයා බුධ හා රවි සමඟ 12 වැන්නේද, ලග්නයේ ගුරුද, කුජ, සිකුරු 11 වැන්නේද, රාහු 4 වැන්නේ හා සඳු 2 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම මාසය ඔබට එතරම් යහපත් නොවනු ඇත. සිත් රිදවීම්, මුදල් ගැටලු, දරුවන් සම්බන්ධ අනවශ්‍ය කරදර, රැවටීම් ඇති වීමට හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. රැකියාව
රැකියා ස්ථානයේ අනවශ්‍ය කරදර, සිත් රිදවීම් මතු වීමට හැකි අතර උසස් නිලධාරීන් සමඟ ගනුදෙනු කිරීමේදී ඉතාමත් සිහි බුද්ධියෙන් සිටිය යුතුය. ලද දෙයින් සතුටු විය යුතු කාලයකි. සුවණ, දෙනට හෝ සියාවස යන ජන්ම නැකැත්වලින් ඉපදී ඇති අයට නීතිමය ගැටලු වලට ද මුහුණ දීමට සිදුවේ.
ධනය - මිල මුදල් අතින් කරදර ඇති වේ. වෙළහෙළඳ ව්‍යාපාර වැනි දේවල් අලුතින් පටන් ගැනීමට ගොස් මුදල් රැවටීමකට අසු වීමට හැකිය. තමාට ඉතාමත් විශ්වාසවන්ත පුද්ගලයන් සමඟ පමණක් මුදල් ගනුදෙනු කළ යුතු කාලයකි.
ගෘහ ජීවිතය - ගෘහ ජීවිතයේ ද අනවශ්‍ය කරදර මතු වීමට හැකිය. ස්වාමිපුරුෂ යාට හෝ භාර්යාවට අසනීප මතු වීම නිසා නිතරම වෙහෙසීමටද සිදු විය හැකිය. හැකි සෑම විටම බෝධි පූජා තැබීම වැනි පුණ්‍ය කටයුතුවල නිරත විය යුතුය.
සෞඛ්‍ය තත්වය - වඩා සැලකිලිමත් විය යුතුය. දැනට අසනීප පවතී නම් ඒම අසනීප සඳහා වෛද්‍ය ප්‍රතිකාර නිවැරදි ලෙස ලබා ගත යුතුය. නැතිනම් සුළුවට පවතින අසනීප වැඩි වනු ඇත. මාසයේ අවසාන කාලය යහපත් වේ.
| සුබ දිනය - බ්‍රහස්පතින්දා
| සුබ වර්ණය - රතු
| ජය අංකය - 09
මීන ලග්නය
ලග්නාධිපති ගුරු 12 වැන්නේද, රවි, ශනි හා බුධ 11 වැන්නේද, කුජ, සිකුරු 10 වැන්නේද, රාහු තුන් වැන්නේ හා සඳු ලග්නයේමද ගෝචර වෙමින් ආරම්භ වන මෙම මාසය ඔබට මිශ්රපල සහිත මාසයකි. මානසිකව වේදනා දෙන සිදු වීම් කිහිපයක්ම මෙම කාලයේ ඔබට අත් විඳීමටද සිදුවනු ඇත.
රැකියාව - කේලාම්, ඕපාදූපවලින් ප්‍රවේශම් විය යුතුය. කරගෙන යන කටයුතු තරමක් දුරට පහළ බැසීමද, දබර හා නඩුහබවලට අසුවුවහොත් පරාජයට පත්වීමද නියමයි. අලුතින් ආරම්භ කරන රැකීරක්ෂා කටයුතුවලින් දියුණුව ඇති වේ. වෙළෙහළඳ ව්‍යාපාරවලින්ද දියුණුව ඇතිවන මාසයකි.
ධනය - මිල මුදල් අතින් යහපත් වේ. බලාපොරොත්තු රහිත මාර්ගයෙන් මිල මුදල් ලාභ ලැබේ. තමා කරන රැකියාවේ උසස්වීම් නිසා මුදල් ලාභද ලැබෙනු ඇත. නමුත් මිල මුදල් ලැබෙන ප්‍රමාණයටම ඔබට වියදම් කිරීමට කරුණුද සැලසෙනු ඇත. වැඩිහිටියකු වෙනුවෙන් වියදම් කිරීමට සිදුවේ. භූමියෙන් ලැබෙන ලාභද ලැබෙන මාසයකි. ගොවිතැන්වලින් පසුගිය මාසයට වඩා මිල මුදල් ලාභද ලැබෙනු ඇත.
ගෘහ ජීවිතය - ගෙදරදොර කටයුතුවලින් වාසනාවද සැනසීමද, සිතේ සතුටද ඇතිවේ. දරු ශිෂ්‍ය ලාභ ලැබේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාගවලින් ජය ලැබෙනු ඇත. ඉගෙනීමට ආශාව වැඩිවේ. අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සුබ කාලයකි. විදෙස් අධ්‍යාපනය සඳහා යොමු වීමට සුබ මාසයකි.
සෞඛ්‍ය තත්වය - ශරීර සෞඛ්‍ය යහපත් වේ. නමුත් අසනීප වේ යැයී සැකයෙන් ජීවත් වීමට සිදුවේ. මේ නිසාම හිසේ අමාරු, මානසික ආතතිය වැනි අසනීප ඇති වීමට හැකි බැවින් සැහැල්ලුවෙන් කාලය ගත කළ යුතුවේ. කෙටි කාලයකට පවුලෙන් වෙන්වී සිටීමට සිදු වේ.
| සුබ දිනය - සඳුදා
| සුබ වර්ණය - රතු මිශ්‍ර
| ජය අංකය - 09