Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔක්තෝබර් 04දා දරුවාට අකුරු කියවන්න අතිප්‍රබල සරස්වතී යෝගයක්

1 year ago 7 Min read
Subha.lk

බුද්ධියට අධිපති බුධ ග්‍රහයා ඔක්තෝබර් 04 වැනිදා රාත්‍රි 8.38ට කන්‍යා රාශියට පැමිණ උච්ච වෙයි. එම බුධ ඔක්තෝබර් 19 වැනි දින අලුයම 1.17 දක්වා කන්‍යා රාශියේ සිටින අතර මෙම කාලය තුළ මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට හා එම ලග්නවලින් උපදින දරුවන්ට භද්‍ර යෝගය උදා වේ. මෙම කාලයේ රවිද කන්‍යාවේ බැවින් බුධ ආදිත්‍ය යෝගයද යෙදේ.

මෙසේ බුධ කන්‍යා ලග්නයේ උච්ච වීමෙන් මෙම වසර තුළ යෙදෙන ඉතාමත් ප්‍රබල සරස්වතී යෝගය ඔක්තෝබර් 04 වැනිදා බදාදා හරියටම පෙරවරු 6.00ට යෙදේ.

“සිය තුගු රැස් සිටි යම්  ග්‍රහයකුගේ

සිය දින හෝරා ලත් කල ඔහුගේ

විය සරසවි නම් සත්         යෝගේ

කියවිය අකුරක් නුනුවණ   නොනැඟේ”

 

ඉහත පද්‍යයට අනුව බදාදා දිනයක කන්‍යා ලග්නයේ බුධ උච්චව සිටියදී බුධ හෝරාවේ බුධ පංචමයේ බුධ සූක්‍ෂ්මය තුළ මෙම නැකැත යෙදී ඇත. මෙදින රවිද කන්‍යාවේම සිටින අතර අකුරු කියැවීමට නිර්දේශිත සඳුට අයත් රෙහෙණ නැකැත පැවැතීමත්, සඳු 9 වැන්නේ උච්චව සිටීමත් මෙම මුහුර්තයේ බලය දෙගුණ තෙගුණ කරයි. සුබ දිශාව නැඟෙනහිර වේ.

දරුවා කෙරෙහි ඉමහත් ආදරයක්, කරුණාවක් ඇති, දරුවා ඉගෙන ගෙන සමාජයේ ඉහළම ස්ථාවරයකට යා යුතු යැයි අවංකවම ප්‍රාර්ථනා කරන, ඊර්ෂ්‍යා පරවශ චේතනා නොමැති අයකු විසින් දරුවාට අකුරු කියැවිය යුතුය. අකුරු කියැවීමට ප්‍රථම බුදුරජාණන් වහන්සේ හා සැරියුත් මහරහතන් වහන්සේ උදෙසා මල්, පහන්, සුවඳ දුම් පුදා තෙරුවන් නමැද ගණ දෙවියන් හා සරස්වතී මෑණියන් උදෙසාද පහන් දල්වා ආශීර්වාද ප්‍රාර්ථනා කළ යුතුය. පූජාවක්ද තබන්නේ නම් වඩාත් සුදුසුයි. එම පූජාව සඳහා පහත පූජා ද්‍රව්‍ය ගත හැකිය.

පූජා ද්‍රව්‍ය

තල, උක් හකුරු, වී පොරි, මී පැණි, අඹ සහිත පලතුරු

උඳු මිශ්‍ර කැවිලි, හබල පෙති, සුදු මල්, නෙළුම් මල්

සඳුන්, කපුරු, පිනිදිය, පැන්. බුලත්, පඬුරු

ගිතෙල් පහනක් දල්වන්න.

ගණ දෙවිඳුන්ට වඳින ගාථාව

ඥානේශ්වර ලම්බෝධර කර්ණ විලම්භීතං

සත්යාධර මූෂඛ මූෂික වාහන නිත්‍යං

හස්ති වක්ර සාධර මත ස්වේත ධන්ත භින්නං

පුෂ්පාසන ග්‍රාම නේත්‍ර ශ්‍රී ගනේෂ දිව්‍යං

සරස්වතී දේවියට වඳින ගාථාව

ජිනේන්ද්‍ර මත්තේ භ සතුම්භ චාරිනී

ජිනෝරසානං මුඛ පංක ජාලිනී

සරස්වතී මේ මුඛ ගබ්බ ගබ්බිනී

රමත්ව නායාස සදත්ත සූදනී

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk