Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ක්රිෂ්ණමූර්ති ක්රමයෙන් කියැවෙන ඔබේ ජීවිතය

1 year ago 7 Min read
Subha.lk

ක්රිෂ්ණමූර්ති පද්ධතියේ මූලික හරය වටහා ගත් විට ඉතා පැහැදිලි සහ නිවැරැදිව පලාපල කථනය කිරීම මෙන්ම කාල නිගමනය ද කළ හැකිය පෙරදිග ජ්යෝතිෂය ශාස්ත්රයේ නව රැල්ලක් ලෙස හඳුන්වමින්, ජ්යෝතිෂය මර්තන්ඩ, සෝතිද මන්නන්, කේ.එස්. ක්රිෂ්ණමූර්ති ශ්රීමතාණන් විසින් ඉදිරිපත් කර ඇති 'ක්රිෂ්ණමූර්ති පද්ධතිය' යනු, ඉතා නිවැරැදි ලෙස පලාපල කථනය කළ හැකි ක්රමයකි. ක්රිෂ්ණමූර්ති පද්ධතිය නිර්මාතෘ කේ. එස්. ක්රිෂ්ණමූර්ති ශ්රීමතාණන් විසින් පෙරදිග ජ්යෝතිෂය ශාස්ත්රය වෙනස් කර නැත. එතුමා ග්රහයන්ගේ ක්රියාකාරීත්වය මඟින් ප්රතිඵල දෙන ආකාරය ඉතා සියුම් ලෙස විශ්ලේෂණය කිරීම සඳහා ක්රිෂ්ණමූර්ති පද්ධතියේ උපස්ථාන සිද්ධාන්තය ඉදිරිපත් කළේය. යම් ග්රහයකු හෝ භාවයක් මඟින් ප්රතිඵල දෙන ආකාරය, එම ග්රහයා හෝ භාවයේ පිහිටීම ඇති නක්ෂත්රය හිමි ග්රහයාගේ නිවේදකත්වය අනුව සිදු වන බවත්, එම ප්රතිඵල සුබ හෝ අසුබ බව උපස්ථානය හිමි ග්රහයා විසින් නිගමනය කරන බවත් කේ.එස්. ක්රිෂ්ණමූර්ති ශ්රීමතාණන් විසින් පෙන්වා දුන්නේය. ක්රිෂ්ණමූර්ති පද්ධතියේ මූලික හරය එයයි. මෙය මනාව වටහා ගත් විට ක්රිෂ්ණමූර්ති පද්ධතිය අනුව ඉතාමත් පැහැදිලි ලෙස සහ නිවැරැදිව පලාපල කථනය කිරීම මෙන්ම කාල නිගමනයද කළ හැකිය. මේ නිසා ක්රිෂ්ණමූර්ති පද්ධතියේදී පලාපල කථනය කිරීම සඳහා යම් ග්රහයකුගේ හෝ භාවයක ජන්ම පත්රයේ හෝ තත්කල කේන්ද්රයේ ඒවායේ පිහිටීම දක්වන භාවය, නක්ෂත්රය සහ උපස්ථානය යන ස්ථාන මොනවා දැයි සොයා ගත යුතු වෙයි. එම නිසා මෙහිදී භාව කේන්ද්රය යොදා ගැනීමට සිදු වෙයි. එය සකසා ගැනීම සඳහා මඳ වෙහෙසක් දැරිය යුතු වෙයි. එහෙත් ගණක යන්ත්රයක් හෝ සරල පරිගණක යන්ත්රයක් උපයෝගී කර ගැනීමෙන් මඳක් පහසු වෙයි. භාව කේන්ද්රය තුළින් ග්රහයන්ගේ සහ භාවවල, නක්ෂත්ර සහ උපස්ථාන යන ස්ථාන ලබාගත හැකිය. ක්රිස්තු වර්ෂ 1923 සිට 1963 දක්වා වූ කාල සීමාව තුළ කරන ලද ජ්යෝතිෂ්ය ශාස්ත්රීය පර්යේෂණ මඟින් පසුව ඉදිරිපත් කර ඇති ප්රතිඵල තවදුරටත් ඉදිරියට යමින් පවතියි. ක්රිස්තු වර්ෂ 1963 සිට ක්රිෂ්ණමූර්ති පද්ධතිය ජ්යෝතිෂ්ය ශාස්ත්රීය පර්යේෂණ කටයුතුවල යොමු වන ආයතනයන් ආරම්භ කර ඇත. කේ.එස්. ක්රිෂ්ණමූර්ති ශ්රීමතානන්ගේ පුතුන් දෙදෙනකු සහ තවත් ජ්යේතිෂ්ය ශාස්ත්රඥයන් කිහිප දෙනකු ක්රිෂ්ණමූර්ති පද්ධතිය පිළිබඳ ජ්යෝතිෂ්ය ශාස්ත්රීය පර්යේෂණ කටයුතුවල නිරතව සිටිති. ඒවායේ දිගුවක් ලෙස බිහි වූ තවත් න්යායක් වන කුලර් අන්තර භාව න්යෘය පද්ධතියේ නිර්මාතෘ එස්. පී. කුලර් ශ්රීමතාණන් ක්රිස්තු වර්ෂ 2023 පෙබරවාරි මාසයේ 12 වැනිදා අභාවප්රාප්ත විය. ක්රිෂ්ණමූර්ති පද්ධතිය නිර්මාතෘ ක්රිස්තු වර්ෂ 1901 දී උපත ලබා 1972 වසරේදී අභාවප්රාප්ත විය. එයට පෙර 1971 වසරෙහිදී එතුමා අප රටෙහි විශේෂ දේශන කිහිපයක් පවත්වා ඇත. එහිදී එතුමා නවීන වරහාමිහිර යනුවෙන් හඳුන්වා ඇත. මේ සංචාරය සඳහා මාතලේ ඒ. සිවපාතම්, බී, දනන්සූරිය සහ ඇම්. බර්ටි.පීරිස් යන ජ්යෝතිෂ්ය ශාස්ත්රඥයන්ගේ අනුග්රහය ද ලැබී ඇත. ක්රිෂ්ණමූර්ති පද්ධතිය පිළිබඳ අතීතයෙන් බිඳක් ගෙන ඒමට අවස්ථාවක් ලැබීම අපගේ ද භාග්යයක් වන අතර දැන් අපගේ ගමන අරඹමු. මෙම කොටස හැඳින්වීමක් මිස ආරම්භය නොවේ. ක්රිෂ්ණමූර්ති පද්ධතිය යනු ඉතාමත් සංකීර්ණ සහ ගණනය කිරීම්වලින් ගහන වූ විෂයයක්ය යන ව්යාජ සංකල්පය නොසලකා සරලව ආරම්භ කිරීමෙන් අපට ජය ලබා ගත හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk