Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගේ හදන්න සුදුසු ඉඩමක් තෝරා ගන්නේ කොහොමද?

1 year ago 7 Min read
Subha.lk

ජීවිතය ලස්සනට ගෙවන්නට දහසක් පැතුම් පොදි බැඳගෙන සිරියාවන්ත ගේ පොඩ්ඩක සිහිනය සැබෑ කරගන්නට වෙර දරන ඔබ, නැති නම් ඒ සිහිනය සැබෑ කරගත් ඔබ ධනය, ශි්රයාව, නිරෝගී බව රැඳෙන පදිංචියට සුදුසු ඉඩමක් තෝරාගත්තා යැයි ඔබට සහතික විය හැකිද? එසේත් නැතිනම් ඔබේ උපරිම ශක්තිය වීර්යය යොදා උපයාගත් මුදලට සරිලන භූමියක් තෝරාගෙන ඔබේ නිවෙස ඉදිකිරීමට තීරණය කළාද? නැතිනම් උරුමයෙන් ත්යාග වශයෙන් ලද ඉඩමේ නිවෙස ඉදිකළාද? මේ කුමක් හෝ වේවා ඔබ නිවෙස ඉදිකිරීමට පෙර මවුපියන්ගෙන් යාළු හිතමිතුරන්ගෙන් ඇතැම් විට භූ විද්යා, පළාත් පාලන ආයතනවල නිසි අනුමැතිය ලබාගත්තා විය හැකිය. එහෙත් වාස්තු විද්යාත්මකව එම භූමිය ඔබට සුදුසුද යන්න පිළිබඳව ඔබ සැලකිලිමත්ද? වාස්තු විද්‍යාව යනු නිවෙසක අඩුපාඩු සොයාබැලීම නොව ගම් නගර නිර්මාණය කිරීමෙහිලා විද්‍යාත්මක පදනමක් මත පිහිටි සම්මත නීතිරීති පද්ධතියකි. මේවා බිඳ දැමුවා යැයි දඬුවම් ලැබෙන්නේ නැත. එහෙත් ඒවායේ අහිතකර බලපෑම් නියත වශයෙන්ම ලැබේ. එනිසා ඔබ නිවෙසක් ඉදිකිරීමට තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක් වේ. මාර්ග, ජලය, විදුලිය, කඳුහෙල්, මඩවගුරු, කර්මාන්තශාලා අසල ගංගා පිටාර තැනි, යුද පිටි, ගල් සහිත ඉඩම් ආදී කරුණුද අනිකුත් කරුණු පිළිබඳව වගේම භූමියේ හැඩය අනුවද වඩාත් සුදුසු වන ආකාර වාස්තු විද්‍යාව මඟින් නිර්දේශ කර ඇත. ඒ අනුව ඉඩමක හැඩය මුල්කර ගනිමින් දහසය ආකාරයක වර්ගීකරණයක් වාස්තු විද්‍යාවේදී හඳුන්වා දී ඇත. ඒ අනුව ඔබේ නිවෙස ඉහත සුදුසු හැඩයකට පරිවර්තනය කර ගනිමින් යහපත් පල අත්විඳින්න. භූමියේ ලක්ෂණ අනුව වර්ග කරන ආකාරය ලබන සතියේ බලාපොරොත්තු වන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk