Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජීවන ගමනේදී ජය ලැබීමට මන්තර දෙකක්

1 year ago 7 Min read
Subha.lk

ජීවිතයේ විවිධ අවස්ථාවන්වලදී උදාවන ගැටලු ජය ගැනීමට ගුප්ත විද්යාවේ පිළිසරණද සොයා යන අවස්ථා යෙදෙයි. තරග විභාග ජය ලැබීමට, නඩුවලින් ජයග්රහණය ලබා ගැනීමට හෝ අපේක්ෂාවන් ජයග්රහණයට පහත සඳහන් මන්ත්රය යොදා ගැනීමට හැකිය. හොඳින් පිරිසුදු වී පිරිසුදු ඇල්දිය වීදුරුවක් ගෙන 108 වරක් මෙම මන්ත්‍රයෙන් ජප කරන්න. මන්ත්රය: ඕං සෞම්ය චක්ර රාජාම්. අර්ථ සිද්ධි වෛජයන්ති අෂ්ටි ලෝකාග්‍රතේ කොඩුනේ වර වර දේමින්ද නාරායනේ චන්ද්ර මරං මර දිෂ්ටි මා කරා දිෂ්ටි දිෂ්ටි ස්වාමි ස්වාමි චන්චන්ද රක්‍ෂතා නම– පෙරවරු 6.15ට පෙර මෙම මන්ත්රය භාවිත කළ යුතුය. කැකුළු සහල්වලින් පිසගත් කිරිබත් ආහාරයට ගෙන රතු පැහැය මිශ්ර වස්ත්‍රයක් හැඳ ගමනට සැරසෙන විට ජප කරන ලද ඇල්දිය පොළොවට ඉසින්න. දවසේ සුබ දිශාවට මුහුණලා අපේක්‍ෂා ජයග්රහණය කිරීමේ අදිටනින් හා ප්‍රාර්ථනාවෙන් නිවෙසෙන් නික්මෙන්න. අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා දිනවල දකුණු පය පෙරට තබා නික්මෙන්න. ඉරිදා, සඳුදා, බ්‍රහස්පතින්දා දිනවල වම් පය පෙරට තබා නික්මෙන්න. යහපත් දිවියක් ගත කරන ඔබට දේව බැල්ම හා ආශීර්වාදය ලබා ගැනීම සඳහා නිරෝගී බව, වාසනාවන්ත බව සහ සියලු උවදුරුවලින් මිදුණු දිවි පෙවෙතක් උදා කර ගැනීම සඳහා පහත සඳහන් මන්ත්රය උපකාරී වෙයි. ඉඩමේ බෙලි ගසක් අසල වඩා සුදුසුයි. ඊසාන දිශාවෙහි පහන් පැලක් සාදන්න. ඉරමුසු මල් තුනක් ඇතුළු මල් පුදන්න. සවස පහත් හයත් අතර කාලය තුළ මෙම පූජාව කළ යුතු වන්නේ කෙම්මුර දිනවලදීය. පහත සඳහන් මන්ත්‍රයෙන් 108 වතාවක් ජීවම් කරගත් පස් තෙල් පහනක් දල්වන්න. මන්ත්රය මතුරන විට යකඩ ඇණයකින් හොඳින් පස් තෙල් කලවම් කරමින් මතුරන්න. මන්ත්රය ඕං ශ්‍රී ජයතේ නම– මල් පහන් පුදා ඔබගේ අපේක්‍ෂාව ඉටු කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටින්න. ස්ථාන භාර, ගම්භාර දෙවිවරුන්ගෙන් මෙම පිළිසරණ ඉල්ලා සිටින්න. කෙම්මුර දින 07ක් පහන දල්වන්න. ඒ සෑම අවස්ථාවකදීම ඉරමුසු මල් 03 බැගින් පුදන්න. ඔබේ අදිටන සපල වීමට එය ඉවහල් වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk