Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහයේදී විසි පොරොන්දම් විතරක් බලලා මදි

1 year ago 7 Min read
Subha.lk

වර්තමානයේ විවාහ ජීවිත ගැන බලනවිට වැඩි දෙනකු යෝජිත විවාහ මත විවාහ වී ඇති බව පෙනේ. එහෙත් ප්රේම සම්බන්ධතා මත සිදුවන විවාහද ඇත. යෝජිත විවාහ මත සිදුවන විවාහ වැඩිපුරම සිදුවන්නේ දෙදෙනාගේ කේන්දර ගළපා පොරොන්දම් බැලීම තුළිනි. එහිදී විසි පොරොන්දමට මුල් තැනක් ලැබී ඇත. ඊට අමතරව අෂ්ට කූට පොරොන්දම්ද බලනු ලැබේ. පොරොන්දම් කෙසේ බැලුවත් අද එම විවාහ ජීවිතද වැඩි ප්රමාණයක් අසාර්ථක වී ඇත. එනිසා දික්කසාද වීම්ද වැඩිවී ඇත. තවත් සමහර දෙනා ඇකැමැත්තෙන් වුවද විවාහ ජීවිතය ගෙන යති. මෙසේ වන්නේ ඇයිද යන ප්රශ්නයට පිළිතුරු සෙවිය යුතුය. මෙසේ වෙන්නේ පොරොන්දම් මතම බලා ලබාදෙන තීරණ අනුවය. විසි පොරොන්දම්වලින් වැඩි ප්රමාණයක් සුබ වුවත් විවාහ ජීවිත අසාර්ථක වනු ඇත. මෙයට හේතුව දෙදෙනාගේ කේන්දරවල ග්රහ තත්ත්වය නොබැලීමයි. පොරොන්දම් ගැළපීම කරනු ලබන්නේ දෙදෙනාගේ උපන් නැකැත්වලට අනුවය. එසේ වුවත් දෙදෙනාගේ උපන් නැකැත අනුව ඔවුන්ගේ කායික හා මානසික තත්ත්වය තේරුම් ගන්නට අමාරුය. උපන් නැකැතින් තීරණය කළ හැක්කේ සඳුගේ බලය පමණි. මේ මඟින් දෙදෙනාට වන අහිතකර බලපෑම් තීරණය කරන්නට අසීරු වෙයි. ඒ සඳහා දෙදෙනාගේ කේන්දරද බලා තීරණ ගත යුතුය. විසි පොරොන්දමට අනුව ලිංග පොරොන්දමට, ගණ පොරොන්දමට වැදගත් තැනක් ගෙන සලකනු ලැබේ. විවාහ වන විට පුරුෂයා ස්ත්‍රීලිංග වීමත් ස්ත්‍රිය පුරුෂලිංග වීමත් අශුභ යැයි සලකති. දෙදෙනාම නපුංසක ලිංග වීමත් අසුබ සේ සලකනු ලැබේ. මේ අනුව මේ අයට දරු සම්පත් නැතැයි විසි පොරොන්දම බලා තීරණය කරයි. එය වැරදි සහගතය. දෙදෙනාගේ දරු පල බැලීමට ගුරු ග්‍රහයා ගැනද කේන්දරයේ පස්වැන්නාධිපති ගැනද බැලිය යුතුය. එසේම ගණ පොරොන්දම අසුබ නම් විවාහයට නුසුදුසු යැයිද තීරණය කරති. එයද වැරදිය. දෙදෙනාගේ ගණ පොරොන්දමේ දෝෂ ඉවත්වන අවස්ථාද ඇත. දෙදෙනාගේ රාශි පොරොන්දම් හා රාශ්‍යාධිපතින් සුබ නම් ගණ පොරොන්දමේ දෝෂ ඉවත් වනු ඇත. එවිට දෙදෙනා රාක්ෂ හා දේව ගණ වුවත් වරදක් නැත. විසි පොරොන්දමෙන් අනාවරණය නොවන ගැටලු රාශියක් ඇත. එම ගැටලු මොනවා දැයි තීරණය කළ යුත්තේ දෙදෙනාගේම කේන්දර සුපරීක්‍ෂාකාරීව බැලීමෙනි. එම ගැටලු නිසා යුග දිවියේ සතුට නැතිවී යයි. කුජ දෝෂයද එවැනි දෝෂයකි. පොරොන්දම් බැලීමට පෙර දෙදෙනාගේම කේන්දරවල කුජ දෝෂ පවතී දැයි බැලිය යුතුය. කුජ ලේ ධාතුවට අධිපති බැවින් එය විවාහයට දැඩි ලෙස බලපායි. මෙම කුජ දෝෂ දෙදෙනාගේම කේන්දරවල භංග වෙනවා දැයි බැලිය යුතුය. එසේම විස කන්‍යා දෝෂයද බැලිය යුතුය. මෙය විවාහයට අශුභ යෝගයකි. උපත ලබා ඇති තිථිය, දිනය, නැකැත අනුව විස කන්‍යා යෝගය යෙදෙයි. විස කන්‍යා යෝගයෙන් යුතු ස්ත්‍රියක් විවාහ කර ගන්නා පුරුෂයාටද යහපතක් නොලැබේ. එනිසා විස කන්‍යා යෝගය නැති වේදැයි දෙදෙනාගේ කේන්දර බලා තීරණය කළ යුතුය. දෙදෙනාගේම කේන්දරවල එකම වර්ෂයක් තුළ එකම මහ දශාවක් ලබා තිබීමද අසුබය. එය කඩ හන්දි දෝෂයයි. මෙහිදී මහ දශාව වුවත් අතුරු දශා ගැනත් බැලිය යුතුය. වැන්දඹු දෝෂ ගැනද සලකා බැලිය යුතුය. මෙහිදී ස්ත්‍රී කේන්දරයේ පුරුෂ මර යෝගත් පුරුෂ කේන්දරයේ ස්ත්‍රී මර යෝගත් තිබීමට පුළුවන. මෙසේ වීමෙන් එක් අයකු කනවැන්දුම් බවට පත්වෙයි. මේ නිසා මේ ගැනද සලකා බැලිය යුතුය. තවත් විශේෂයෙන්ම සලකා බැලිය යුතු දෙයකි බහු විවාහ යෝග. මේ ගැනද තීරණයක් ගත හැකි වන්නේ දෙදෙනාගේ කේන්දර පරීක්‍ෂා කර බැලීමෙනි. වර්තමානයේ විවාහ ජීවිත අසාර්ථක වීමට මෙය බලපා ඇත. සමහර අවස්ථාවල දෙදෙනාම මෙයට ලක්වීමට පුළුවන. මේ නිසා දෙදෙනාගේම කේන්දරවල මෙම බහු විවාහ යෝග මෙන්ම සරාගී යෝග ගැනද සලකා බැලිය යුතුය. එසේම දෙදෙනාගේම කේන්දරවල අවිවාහක යෝග හා වඳ යෝග තිබේද යන්න සලකා බැලිය යුතුය. අවිවාහක යෝග යනු විවාහ වීමට ඇති ආශාව අඩුවීම හෝ තනිකඩව ජීවත් වීමට ඇති කැමැත්තයි. වඳ යෝග යනු විවාහ වුණත් දරු සම්පත් ලැබීමට වාසනාව නොමැති වීමය. මේ නිසාද විවාහ ජීවිත අසාර්ථක වනු ඇත. මේ පිළිබඳවද තීරණයක් ගත හැක්කේ දෙදෙනාගේ කේන්දර පරීක්‍ෂා කර බැලීමෙන් පමණය. නමුත් විසි පොරොන්දම් ගැන විශ්වාසය තබා ඒ මත විවාහය තීරණය කිරීම අයුක්ති සහගතය. එසේම විසි පොරොන්දමේ ඇති සමහර පොරොන්දම් වර්තමාන සමාජයට නොගැළපේ. වෘක්ෂ පොරොන්දම, ආයුෂ පොරොන්දම, ලිංග පොරොන්දම එවැනි පොරොන්දම් කිහිපයකි. මෙම පොරොන්දම් අසුබ වුවත් සාර්ථක විවාහ ජීවිත ගත කරන අය සිටිති. ඒ නිසා විසි පොරොන්දම් ගැනම විශ්වාසය නොතබා දෙදෙනාගේ කේන්දර ගැනද විමර්ශනය කර තීරණ ගත යුතුය. විසි පොරොන්දම් සුබ වූ පමණින් දෙදෙනාම විවාහයට සුදුසු දැයි තීරණය කිරීම දෙදෙනාටම කරන අයහපතකි. ඔබගේ දූ දරුවන්ගේ විවාහය පිළිබඳ තීරණ ගැනීමට දක්ෂ උගත් ජේ‍යාතිර්වේදියකුගේ සහාය ලබාගැනීම යහපත් වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk