Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රතන සූත්‍රය භාවිතයෙන් සිදුකර ගතහැකි ගුප්ත කර්ම

1 year ago 7 Min read
Subha.lk

“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” තෛ්රලෝක්ය තිලත වූ සුගත තථාගත වූ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව විශාලා මහනුවර පැවැති රෝග, අමනුෂ්ය, දුර්භික්ෂ නම් වූ තුන්භිය දුරු කිරීම උදෙසා එකල උන්වහන්සේ විසින්ම දේශනා කරන ලද “රතනසූත්ර දේශනාව” අපමණ බල සහිත බුද්ධ දේශනාවකි. මෙහි ගුණ, බල වචනවලින් විග්රහ කිරීම අපහසු කාර්යයකි. මවිසින් ලියන ලද ඉහත ශීර්ෂයෙන් යුත් ලිපියෙන් අනතුරුව බොහෝ පාඨක පිරිස් මාගෙන් විවිධ කටයුතු සඳහා යොදාගත හැකි අවස්ථා මේ වන තෙක්ම විමසමින් මහත් පල ප්රයෝජන ලබාගන්නා ලදී. අද දින ලිපිය වෙන් වන්නේද එහි දිගුවක් වශයෙනි. • “යානීධ භූතානි” යන ආදි පළමු වැනි ගාථාවේ ගුරුකම් :- තමා ස්නානය කොට පිරිසුදු සුදු වස්ත්ර ඇඳ පවිත්ර වී පිළිමගෙයක කුල දේවතාවන්ට සුවඳ මල් හා ගිතෙලින් පහන් පුදා එළකිරෙන් නොඉඳුල්ව පිසූ කිරිබත් පූජාකොට තමා සිතූ දේ ඉෂ්ට වේවායි අධිෂ්ඨාන කොට මෙම ගාථාවෙන් අටෝරාශියක් පිරිත් කරනු. කරුණු ඉෂ්ට වේ. • “තස්මාභි භූතානිසාමේථ සබ්බේ” යනාදී දෙවැනි ගාථාවේ ගුරුකම් :- යම් තැනක අමනුෂ්ය දෝෂ ඇත්නම් කුලදේවතාවුන්ට මල් පහන් පුදා මෙම ගාථාවෙන් අටෝරාශියක් පිරිත් කරනු. සියලු උපද්රව දුරුවෙයි. • “යංකිංඥවි චිත්තං” යනාදී තුන්වැනි ගාථාවේ ගුරුකම් :- පිරිසිදුවී කුලදේවතාවුන්ට විලඳ සහ කිරිබත් පුදා අටෝරාශියක් මෙයින් පිරිත් කරනු. යක්ෂ ප්‍රේත උපද්රව දුරුවෙයි. යම් ගෙයක හෝ ගොඩනැඟිල්ලක යක්ෂ ප්‍රේත උපද්රව ඇත්නම් ඔයකින් හෝ මුහුදින් වැලිගෙන මෙයින් අටෝරාශියක් පිරිත් කර මෙම ගාථාව කියමින් ගෙයි හැම තැනම එම වැලි ඉසිනු. යක්ෂ ප්‍රේතාදී සියලු බය දුරුවේ. යක්ෂ ප්‍රේතාදී බයක් ඇති මාර්ගයක යන කල ඊතණ ගසක මුල පටන් තුන්වැනි පුරුකෙන් කඩාගෙන ඊට අටෝරාශියක් පිරිත් කොට එය හිස පැලඳ එම ගාථාවම සිහිකරමින් යනු. සියලු බය දුරුවේ. රාජ වශී සඳහා මේ ගාථාවෙන් පිරිත් කළ දෑ තිලක දෙනු. බාලගිරි දෝෂයෙන් අඬන දරුවන්ට මෙයින් අටෝරාශියක් පිරිත් කොට නළලෙහි ඉරි තුනක් අඳිනු. ළදුරුවෝ නාඬා සිටිති. • “ඛයං විරාගං අමතං පණීතං” යනාදී හතර වැනි ගාථාවේ ගුරුකම් :- වැසි නොවසින කල, පස් පවින් වැළකී, තුනුරුවන්ටද බෝධීන් වහන්සේටද මල් පහන් සහ කිරිබත් පුදා අනුන් හා කතා නොකොට පිරිසුදු පිළිම ගෙයක මෙම ගාථාවෙන් අටෝරාශියක් පිරිත් කරනු. වැසි වසී. මෙම ගාථාවෙන් පිරිත් කොට ගොස් යක්ෂ උපද්‍රවාදියෙන් බියවූවන් දකිනු. බිය දුරුවේ. සර්පයන් දෂ්ට කළ විට දෙහි ඇඹුලට පිරිත්කොට ඇඟ ආලේප කරනු විෂ බහී. මේ ගාථාව කියමින් දකුණතේ රණගිල්ලේ තුඩෙන් සර්පයා දෂ්ට කළ මුඛය මැදිවන්ට ත්‍රිකෝණ අඳිනු. රුජා දුරුව විෂ බසී. මෙයින් සඳුන් පිරිත් කොට කුඩා කුප්පිවල දමා ගෙයි මුලු හතරෙහි එල්ලනු. යක්ෂ, ප්‍රේත උපද්රව දුරුවෙයි. සිහිනෙන් බයවූ කල මෙම ගාථාව සිහි කරනු යක්ෂ ප්‍රේත අවතාර නොපෙනේ. • “යං බුද්ධ සෙට්ඨෝ” යන පස්වන ගාථාවේ ගුරුකම් :- මෙම ගාථාවෙන් සමන් පිච්ච මල්වලට අටෝරාශියක් පිරිත් කර දාගැබකට, බෝධියකට හෝ පිළිම ගෙයකට පුදනු. සියලු උපද්රව දුරුවේ. හිසරදේට තැඹිලි තෙල්වලට අටෝරාශියක් පිරිත් කොට හිස ගල්වනු. සුවවේ. සපුමල් කඩාගෙන මෙම ගාථාවෙන් 108 වර පිරිත් කර ගව ගාලේ අටකොන තබනු. ගවයන් සොරු නොගනී. වසු පැටවු නිරෝගී වෙති. වසංගත දුරුවේ. මෙයින් අටෝරාශියක් පිරිත් කරමින් ගවයන් නාවනු. ගවයෝ බෝවෙති. මෙයින් පැන්වලට පිරිත් කොට කාන්තාවන්ගේ ඔසප් දිනවල පොවනු. දරු සම්පත් නොමැති අයට දරුගැබ් පිහිටති. මෙයින් සපුමල්වලට පිරිත් කොට වී අටුවේ දමනු. සොරු නොගනිති. රතන සූත්රය අපමණ බල සහිතය. එය විශාලා මහනුවර වැසියන් බුදුරදුන් ජීවමානව සිටියදීම අත්දුටුවහ. එතැන් පටන් මේ දක්වාම එහි ගුණ බල කිසිදු අඩුවක් නොමැතිව පවතී. එහි ගුණ බල නොපිහිටන්නේ නම් වරද ඇත්තේ භාවිත කරන අයගේ ක්‍රමවේද හා ප්‍රතිපත්තිවලය. බුදු දහම සාංදෘෂ්ටික, අකාලික දහමකි. එවන් දහමක හැසිරෙන්නෝ දහම විසින්ම ආරක්‍ෂා කරනු නියතය. තවත් මෙවන් තොරතුරු ඇතුළත් ලිපියකින් හමුවීමේ අපේක්‍ෂාවෙන් සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk