Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවී ගිය පහන දැල්වී පරව ගිය පෙම්මල් පිපී ප්‍රමාද විවාහ ඉක්මන් වීමට අනංග රාජ යන්ත්‍රය

1 year ago 7 Min read
Subha.lk

ස්ත්රී පුරුෂ දෙපාර්ශ්වයේම අපේක්ෂා අතරින් විවාහ අපේක්ෂාව තරම් අපේක්ෂාවක් මුළු ලොවෙහිම නැත. කායිකව, මානසිකව අද කීදෙනෙක් මේ දුකින් පෙළෙන්නේද? දුක්වන්නේද? විවාහ දිවිය ප්‍රීතියෙන් හා සතුටින් ජීවත්වීමට හැම ස්ත්‍රී පුරුෂ අයකුට උරුමයක් ඇත. එහෙත් එයට පෙර කරුමය හරස්වීමෙන් බාධා ඇති වන අවස්ථා වෙයි. කෙනකු පෙම් සතුටු සාගරයේ ගිලී සතුටු වෙද්දී තවත් කෙනකු දුක්සාගරේ තනිව ගිලී හිඳී. ඊට හේතුවන බලවත් පෙර කර්ම මෙන්ම ග්රහ අපල වෙයි. ජන්ම කේන්දරය පරීක්ෂා කර ඒ පිළිබඳව වැටහීමක් ලබාගත හැකිය. ප්‍රමාද වූ විවාහ ඉක්මන් කර වාසනාවන්ත විවාහයක් සිදු කර ගැනීමට මෙම යන්ත්රය හා බලගතු අඳුන භාවිත කළ හැකිය. පළමුව පංචෝපකාර මල් බුලත් තටුවක් තනා එයට කිරිබත් කෑලි, කෙසෙල්ගෙඩි, පලතුරු 9, කැවිලි, කැකුළු බත්, හත්මාළුව, මල් 9, පොල් ගෙඩියක්, තැඹිලි ඇස්සගසා, නෙළුම් මල්, පාට රෙදි කෑල්ලක්, ජලවරුණ දෙවියන්ට පහනක්, කතරගම, විෂ්ණු, ශුක්ර, ඉන්ද්‍රානි, බ්‍රහ්මයාට, යමයාට පොල්, තැඹිලි නවසි, අබතෙල්, පහන් දල්වා මෝහනීලිංග, විජයපත්ර, බෙලිලාටුවලින් නෙළුම් රේණු අඹරා සඳුන් තෙල් මිශ්ර කර එම අඳුන යන්ත්‍රයේ අතුරා යහනේ තබා මෙම මන්ත්‍රයෙන් 324 වරක් කියමින් ජප කරන්න. මන්ත්රය :- ඕං අයිල්ලරි සුන්දරී බ්‍රහ්මවතී ඕඩීවා කාමනීලංක්‍රායි අනංග ඊශ්වරානි ඕං වාවා බ්‍රහ්ම චන්ද්ර සූර්ය වාරේ ඨං ඨං බද්ර සිධි සිධි මන මෝහනී නර රූපතර අවතාරෙන් (මාවට) බැබලි බැබලී සිට මාමුණ්ඩිනර රූප අවතාර නැඟි නැඟී දිෂ්ටි දෂ්ටි සපිරි වාරන් කුරු කුරු සර්ව ස්ත්‍රී පුරුෂ අනංග හී සැරැ විදි සැරවායෙන් නපුංසකත්මක ග්‍රහවේද කීල කීල ඉඟිල යං යං හුං හුං ඕං ටං ටං ත්‍රි බූතථා කුම්භ තරිනාදී සං සය– එට් එට් ස්වාහ– මෙම මන්ත්‍රයේ මාවට යන තැනට අවශ්ය අයගේ නම කියවා ජප කරන්න. මෙම යන්ත්රය ගුරු දින උදේ ගුරු හෝරාවෙන් මතුරා ගුරු දිනක ගුරු හෝරාව තුළදී පලඳින්න. දින 21ක් ගතවීමෙන් පසු ඔබේ ග්රහ බාධක සුන්වී විවාහ වීමට බැරිවන ලෙස කර ඇති වින බංග දැවී ප්‍රමාද විවාහ ඉක්මන් වීමට හේතුවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk