Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අධ්‍යාපනයෙන් ජය කෙහෙළි නංවන්න පාර කියන දරුවාගේ කාමරයේ සැඟවුණු වාස්තු රහස්

1 year ago 7 Min read
Subha.lk

නිවෙසක විධිමත් අධ්යාපනය ලබන වයසේ දූ දරුවන් සඳහා වඩාත් උචිත නිදන කාමර වන්නේ ඊසාන, නැඟෙනහිර හා උතුරු දිශාවන්හි පිහිටි කාමර වේ. මෙහිදී නිවෙස වෙත නැවුම්ව අමිශ්රව ඇතුළු වන අන්තරීක්ෂ ශක්තිය වැඩි වැඩියෙන් ඒ කාමර හරහා ගමන් කරන බව වටහා ගත හැකිය. එයින් වැඩි වැඩියෙන් නිරවුල් වන අධ්යාත්මික ජීවනයක් අධ්යාපනයට උචිත ලෙස ක්රියා කරනු ඇත. එවැනි දිශාවල ඇති කාමරවල මේසයක් සමීපයේ පුටුවක හිඳ ගනිමින් පාඩම් කිරීමේ කටයුතුවල යෙදෙන දරුවන්ගේ භෞතික ශරීරයේ නොව ශක්ති ශරීරයේ (AURA) විශේෂ ස්ථාන (වක්ර) රැසක් සක්රිය කර ගැනීමට පාඩම් කිරීමේදී ඊශාන, නැඟෙනහිර හෝ උතුරු දිශාවට හැරී එහි යෙදීමෙන් අවස්ථා උදාවේ. එහිදී ශරීරයේ ඉහළ වක්ර වඩ වඩාත් සක්රිය වන අතර, එය චිත්ත ඒකාග්රතාව හෙවත් නොවිසිරුණු මනසින් අධ්යාපන කටයුතුවල යෙදීමට මහත් වූ පහසුවක් සැලසෙයි. අධ්යාපන කටයුතුවල යෙදෙන දූ දරුවන් වාඩි වී සිටින ස්ථානයේ පිටුපස බිත්තියක් වැනි ස්ථීර යමකින් ආවරණය වී තිබීම අතිශයින් වැදගත් වේ. විශේෂයෙන් විවෘත කවුළුවකට පිටුපා පාඩම් කිරීම් ආදියෙන් නිසි සාර්ථක අධ්යාපන අවස්ථාවක් දූ දරුවන්ට උදා නොවේ. මෙය දිශාවන් සේම වැදගත් කරුණක් බව අවධාරණය කළ යුතුව තිබේ. අධ්යාපන මෙවලම් අතර පරිගණකය ආදිය අද අත්යවශ්ය දෙයක් බවට පත්ව ඇති බව ද අපට අමතක කළ නොහැකිය. එවැනි අවස්ථාවලදී නිදන කාමරය පරිගණක හා වෙනත් විද්යුත් මෙවලම් පරිහරණය සඳහා යොදා නොගත යුතු බව ද අවධාරණය කළ යුතු වේ. මෙයට ආසන්න හේතුව වන්නේ එවැනි උපකරණ වෙතින් නිකුත් වන ධන ආරෝපණයන් නිසා අවකාශයේ ඇතිවන විද්යුත් මීදුම (ELETRO SMOG) අධ්යාපන කටයුතුවල යෙදී සිටින දූ දරුවන්ගේ ශක්ති කිරණවලට නින්දේදී බරපතළ අයහපත් ප්රතිඵල හිමි කර දේ. මෙහිදී නිදන කාමරයේ පමණක් නොව තමන් විසින් අධ්යාපන කටයුතු කරන ස්ථානයේ සිට ඊශාන, නැඟෙනහිර හා උතුරු රේඛාවනට විද්යුත් මෙවලම් බාධා නොවන පරිදි ඒවා භාවිත කිරීමත් අතිශයින් වැදගත් වේ. තමන් විසින් පරිහරණය කරනු ලබන පොත්පත් තිරස්ව නොපිහිටුවීම ද මෙහිදී අත්යවශ්ය වේ. අධ්යයන කාමරවල දකුණු - නිරත -බස්නාහිර වැනි දිශාවලට ඇති බිත්තිවලට යා වන පරිදි පොත් රාක්ක ආදිය පිහිටු වීම කළ යුතු වේ. සිටුවිය නොහැකි සටහන් පොත් ආදිය පවා ආධාරක ගොනු (BOX FILE) ආදිය හෝ යොදාගෙන සිරස්ව සිටුවීමෙන් අන්තරීක්ෂ ශක්ති සංසරණය අතිශයින් යහපත් වන බව සිසු දරු දැරියන් වටහා ගත යුතුව තිබේ. මෙසේ නිවැරදි වාස්තු පිළිවෙත් භාවිත කිරීමෙන් මනා අවබෝධයක්, ස්මරන ශක්තියක් ඇති වීමෙන් ඔවුන්ගේ අධ්යාපන ක්රියාවලිය ද වඩාත් සාර්ථක කර ගත හැකි වනු ඇත

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk