Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සෙනසුරු අපල දුරුවෙන කපුටු දානයේ උප්පත්ති කතාව

1 year ago 7 Min read
Subha.lk

කපුටා යනු අප පරිසරයේ නිතරම දකින්නට ලැබෙන මිනිසාට ඉතා සමීපව සිටින පක්ෂියෙකි. ස්වභාවධර්මය මඟින් මිනිසාට දායාද කළ ගස් වැල් මල් මෙන්ම සතා සිවුපාවාද මිනිසාගේ එදිනෙදා කටයුතුවලට ඉතා ප්රයෝජනවත් විය. එවැනි සතා සිවුපාවන් අතරින් කපුටාට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබේ. සෙනසුරු දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන කපුටු පක්ෂීන් වර්ග 5කට බෙදා ඇත. එනම් බ්රහ්ම, ක්ෂත්රීය, වෛශ්ය, ශුද්ර, අන්න්යාජ නම් බව කියැවේ. මෙහිදී විශේෂ ස්ථානයක් හිමිවන්නේ බ්රහ්ම වංශික කපුටු පක්ෂීන්ටය. කාල වර්ණයෙන් යුත් නිල්වන් නෙත් සහිත මනාවට වැඩුණු ශරීරයක් ඇති කපුටා කපටි මොළකාරයෙක් ලෙසද හඳුන්වයි. යමක් රැගෙන ඒම සඳහා හරියටම නිවැරැදිව ඉගැන්වුහොත් අකුරටම එය ඉටු කිරීමට කපුටාට හැකියාව ඇතැයි බොහෝ අයගේ විශ්වාසයයි. කපුටු පක්‍ෂීන් හරිම එකමුතු සත්ත්ව කොට්ඨාසයකි. තමන්ගේ රෑනට නපුරක් සිදුවන්නේ නම් මහ හඩින් කෑ ගසා තම වර්ගයා එකතු කර ගැනීමට සමත් වේ. යම් හෙයකින් කවුරු හෝ පුද්ගලයකු තම වර්ගයාට නපුරක් හෝ අනතුරක් සිදුකර තිබුණේ නම් ඔහු පසුපස එළව එළවා ශක්තිමත් කපුටු තුඩින් පහර දෙනු ඇත. බ්‍රහ්වංශික කපුටා මිනිසාගේ පෙර පරම්පරා හතක ඥාති වර්ගයා හඳුනන බවද පැවැසේ. ඒ අනුව ආදි කාලීනව අපේ මිනිස් වර්ගයා කපුටු ශාස්ත්රය ගැන හොඳ අවබෝධයකින් සිටි බව කියනු ඇත. යම් පුද්ගලයකුගේ දෙයක් රැගෙන ඒමට කපුටාට පුරුදු පුහුණු කළහොත් කපුටාට එය නිවැරැදිව කිරීමට හැකියාව ඇති බව පැවැසේ. මෙතරම් දස්කමක් කිරීමට කපුටාට හැකියාව ලැබුණේ ගණ දෙවියන් විසින් දුන් වරමක් නිසා බවද ජනප්‍රවාදයේ සඳහන් වේ. හැමදෙනාටම අපල කරන සෙනසුරු දෙවියන් විෂ්ණු දෙවිඳුටද බටකොළ කෑමට කටයුතු කළේය. මේ අතර ගණ දෙවියන්ටද අපල කිරීමට කාලය උදාවිය. සෙනසුරු දෙවියන් ගණ දෙවිදුව සොයාගෙන පැමිණියේ සෙනසුරු අපලය ලබාදීම කාලය උදාවී ඇති බව පැවැසීමටය. නුවණට අධිපති ගණ දෙවිඳු මෙම සිදුවීම බුද්ධියෙන් වටහාගෙන සෙනසුරු අපලය අද නොවේ හෙට යනුවෙන් බඩේ ලියා ගත්තේය. මෙය දුටු බ්‍රහ්මවංශික කපුටා කාක් කාක් කියමින් කෑගසමින් මම දැක්කා හොරේ මම දැක්කා හොරේ සෙනසුරු දෙවියන්ට කියන්නම් කියන්නම් කියා කීවේය. වහාම නුවණ පහළ කළ ගණ දෙවියෝ එළඟි තෙල් මිශ්ර කිරි බත් මිටක් කපුටාටදී ඇත. එය කෑ කපුටාට නිතර නිතර වේදනාවෙන් ඇතිවන කුසගින්න එම එළඟි තෙල් මිශ්ර කිරිබත් කෑමෙන් පසු නැතිවිය. මෙම සිදුවීමෙන් බ්‍රහ්ම වංශික කපුටාට සෙනසුරු දෙවියන් හමුවේ ගණ දෙවිඳුට විරුද්ධව කේලම පවා කීමට අමතක විය. බ්‍රහ්ම වංශික කපුටා විසින් ගණ දෙවියන්ට කළ මෙම උදවු උපකාරය නිසා ගණ දෙවියන් විසින් කපුටාට පුංචි නුවණක් ලබාදුන් බව පැවැසේ. එදා පටන් වර්තමානයේ මේ දක්වාම සෙනසුරු අපල දුරුවීමට සෙනසුරාදා දින හිමිදිරි උදෑසන 6 ට පමණ කපුටාට එළඟිතෙල් මිශ්ර කිරිබත් දානයදීම සිදු කරයි. මෙම දානයේ ආරම්භය සිදුවූයේ එදා පටන් බව කියනු ඇත. ඔබත් ශනි හෙවත් සෙනසුරු අපලය දුරුකර ගැනීමට සෙනසුරාදා දිනක විෂ්ණු දෙවිඳුට නිල් පාට කළ ලුණු මිශ්ර නොකරපු කිරිබත්, නිල් කටරොලු මල්. නිලුපුල් මල්, මදුරුතලා පත්ර, එළඟි තෙල් පහනක් පුදා පින් අනුමෝදන් කර පසුව එළඟිතෙල් මිශ්ර කිරිබත් ගෙන කපුටු දානය දෙන්න. මෙමඟින් සෙනසුරු අපලය යම් තරමින් හෝ අඩුකර ගැනීමට හැකි බව අපි අත්දැකීමෙන් දන්නෙමු. එනිසා අපල දුරුවීමට කපුටු දානය දීම ඉතා වැදගත්ය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk