Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බිස්නස් දිනෙන් දින දියුණු කරවන පාර්වතී දෙවඟනගේ බැල්ම ඇති මහානුභාවසම්පන්න ධනදා ස්තෝත්රය

1 year ago 7 Min read
Subha.lk

භාරත දේශයේ පෞරාණික නහර ලේඛනයක සඳහන් මෙම අතිදුර්ලභ පාර්වතී නම් දෙවඟනට අධිපති ධනදා ස්තෝත්රය දිනපතා තම ආදායම් මාර්ගයන්ට ප්රවිෂ්ට වීමට මත්තෙන් සජ්ඣායනය කිරීමෙන් රැකියා ලාභ, උසස්වීම්, විජයග්රහණ, ආදායම් මාර්ග වර්ධනය වීමෙන් ඒකාන්තයෙන්ම ධනවත් භාවයට පත්වන බව ස්තෝත්රයෙහිම සඳහන් කර තිබීමෙන් මෙහි ඇති බලසම්පන්නභාවය මනාව ප්රකට වේ. ධනදා ස්තෝත්රයට අධිපතිනිය ලෙස සඳහන් වන්නේ ශිව දෙවිඳුන්ගේ භාර්යාවක් ලෙස සැලකෙන පාර්වතී දේවියයි. එම දෙවඟනගේ පින්තූරයක් හෝ මූර්තියක් පාරිශුද්ධ ස්ථානයක සවිකර හෝ තැන්පත් කර පිරිසුදු තැඹිලි තෙලින් පහනක් දල්වා හඳුන්කූරු, කපුරු පත්තු කර සාම්බ්‍රානි දුම් අළුලා මල් පුදා දිනපතා උදේ – සවස සත්වරක් බැගින් මෙම ස්තෝත්රය පිරිසුදුව පේවී භක්තියෙන් විශ්වාසයෙන් යුතුව සජ්ඣායනය කරන්න. මස් මාංස කිලිකුණුවලින් වැළකී පංචශීල ප්‍රතිපත්ති ගරුකව නිවැරැදි අක්ෂරානුකූලව මෙකී පූජාව සිදුකරනවිට මෙහි ඇති සත්‍යතාව දින තුනෙන්, හතෙන් විද්‍යමාන වීමට පටන් ගනියි. ආවාට ගියාට සිදුකිරීමෙන් ප්‍රතිඵල ලබාගැනීම දුෂ්කර වේ. නිවැරැදි ක්‍රමවේදයට සිදුකිරීමෙන් බංකලොත් වූ ව්‍යාපාර ආදායම් මාර්ග නැවත සක්‍රිය කිරීමේ ප්‍රබලත්වයක් මෙකී ධනදා ස්තෝත්රය තුළ පුරාණ භාරත ඍෂීන් වහන්සේ විසින් ගැබ්කර ඇත. ධනදා ස්තෝත්රය - “නම– සර්ව ස්වරූ පේච නම– කල්‍යාණ දායිකෙ මහා සම්පත් ප්‍රදේදේවී ධනදායෛ නමෝස්තුතේ මහා භොග ප්‍රදා දේවි මහා කාම ප්‍රපුරිතෙ සුඛ මොක්ෂ ප්‍රදේ දේවි ධන දායෛ නමෝස්තුතේ බ්‍රහ්ම රූපේ සදා නන්දේ සදා නන්ද ස්වරූපිණී ද්‍රැත සිද්ධි ප්‍රදා ප්‍රදේ දේවි ධන දායෛ නමෝස්තුතේ උදේත් සූර්ය ප්‍රකාශභේ උදේ දාදිත්ය මණ්ඩලේ ශිව තත්ව ප්‍රදේ දේවි ධන දායෛ නමෝස්තුතේ විෂ්ණු රූපෙ විශ්ව මතේ විශ්ව පාලන කාරිණී මහා සත්ත්ව ගුණාක්‍රාන්තේ ධන දායෛ නමෝස්තුතේ ශිවරූපේ ශිවා නන්දේ කාරණා නන්ද විග්‍රහේ විශ්ව සංහාර රූපේච ධන දායෛ නමෝස්තුතේ පංච තත්ත්ව ස්වරූපේච පංචා චාර සදාරතේ සාධකා භීෂ්ටදා දේවි ධන දායෛ නමෝස්තුතේ ’’ (ධනදා ස්තෝත්‍රයෙහි නිමාව) “ධනදා ස්තෝත්‍රයෙහි ගුණ ස්තෝත්‍රයෙහිම මෙසේ සඳහන්ය. ඉදංස්තෝත්රං මයා ප්‍රොක්තං සාධකා භීෂ්ට දායකම් ය– පඨෙත් පාඨයේ ද්වාපි සලභෙත් සකලා ඵලම් ත්‍රිසන්ධ්‍යාං ය– පඨෙත් නිත්යං ස්තෝත්ර මෙතත් සමාහිතම් ස– සිද්ධිං ලභතේ ශීග්රං නාත්ර කාර්යණ විචාරණ ඉදං රහස්යං පරමං ස්තෝත්රං පරමදුර්ලභම් ගෝ පනීයං ප්‍රයත්නේන ස්වයෝනි රිච පාර්වතී අප්‍රකාශ්ය මිදං දේවි ගෝපනීයං පරාත් පරම් ප්‍රපඨන්නාත්ර සන්දේහෝ ධනවාංජාසතේ චිරාත් ” චිරං ජයතු..!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk