Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රැල්ලට රට යන්න කලින් කේන්දරය හරියට බලාගන්න

1 year ago 7 Min read
Subha.lk

වර්තමානයේ දීර්ඝ මුහුදු ගමන් වෙනුවට කෙටි කාලයකින් ලෝකයේ ඕනෑම රටකට යා හැකි සුඛෝපභෝඟී ගුවන් යානා පහසුකම් තමන්ගේ හිතේ හැටියට පහසුවෙන් ලබාගත හැකියි. විදේශ ගමන් බිමන් කාණ්ඩ පහකට වෙන්කළ හැකියි. එවා, 1. රාජ්ය තාන්ත්‍රික ගමන්ය. 2. යුද කටයුතු සඳහා ගමන්ය. 3. සංචාරක කටයුතු සඳහා ගමන්. 4. රැකියා සඳහා යන ගමන්. 5. අධ්‍යාපනය සඳහා යන ගමන්. ලෙස වෙන්කළ හැකියි. මෙම පංචම අවස්ථා කෙසේ යෙදුණද කිසියම් ජන්මියකු තම මවුබිමෙන් පිටව වෙනත් රටකට ගියද එය විදේශගත වීමක් ලෙස හැඳින්විය හැකිය. එම ගමන දියෙන් ගියද ගොඩින් ගියද අහසින් ගියද දේශාන්තර සංචාරයන් ලෙස දැක්විය හැකියි. අපි දැන් ඔබේ ජන්ම පත්රය ගෙන බලමු? ජන්ම පත්‍රයේ (3) තුන් වැන්නේ පෙන්වා දෙන්නේ නම් ගමන් බිමන්ද විනෝද ගමන්ද නිරූපණය කරයි. (7) හත් වැන්නෙන් සාමාන්ය ගමන් බිමන් කියැවේ. (9) නව වැන්නෙන් අෑත පළාතකට යන සංචාරකයන් හා වන්දනා ගමන් ගැන ප්‍රකාශ වන අතර (12) ෙදාළොස් වැන්නෙන් විදේශ ගතවීම් පිළිබඳ තොරතුරු අනාවරණය කළ හැකියි. විදේශ ගමන් සම්බන්ධයෙන් පහත සඳහන් තොරතුරු පිළිබඳව විමසා බලමු. – 12 වැන්න සහ එහි අධිපතියා – 9 වැන්න සහ එහි අධිපතියා – ලග්නාධිපතියාගෙන් හෝ භාග්‍යස්ථානාධිපතිගෙන් ෙදාළොස් වැන්න – චන්ද්ර රාශියෙන් නවවැන්න සහ ෙදාළොස්වැන්න – උත්පත්ති හඳහනින් හෝ චන්ද්ර ලග්නයෙන් විදේශ සංචාර පිළිබිඹු නොවන විට නවාංශකයේ ග්‍රහයන් ගැනද විමසා බැලිය යුතුයි. නවාංශකයේ – දොළොස්වැන්න සහ නවවැන්න චර රාශි ගත වීම හෝ එම රාශි අධිපතියන් චර රාශි ගත වීම. – දොළොස්වැන්න හෝ නවවැන්න අධිපතියා සිටි රාශිය අධිපතියා චර රාශි ගත වීම. – දොළහ චර රාශියක් වී සිටින ග්‍රහයාද මිත්ර ග්‍රහයකු වීම. – චන්ද්‍රයා චර රාශිගත වීම හෝ නවය හෝ ෙදාළහ අධිපතියන් සමඟ යහපත්ව සංයෝග වීම. – ලග්නාධිපතියා, භාග්‍යස්ථානාධිපතියා හා ෙදාළොස්වැන්නාධිපතියා සමඟ මිශ්ර ග්‍රහයකු වීම හෝ නවවැන්න අධිපතියා ලග්නයෙන් ලග්නාධිපතියා නවවැන්නේ පිහිටීම. – ලග්නය චර රාශියක් වීමත් එකී අධිපතියා චර රාශි ගත වීමත් එසේම චර රාශියක්ව සිටි ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්වීමටද විදෙස් ගමන යෙදෙන යෝගයකි. – දොළහ හෝ එහි අධිපතියා යෝග කාරක ග්‍රහයකු විසින් දැකීම හෝ සුබ ග්‍රහයකු මුල ත්‍රිකෝනයේ හෝ උච්ච රාශි ගත වීම. – දොළොස් වැන්නාධිපතියා උච්ච ස්වකේෂ්ත්රව පිහිටීම හෝ මුල ත්‍රිකෝණය සුබ ග්‍රහයකු හා සංයෝග වීම. – දොළොස් වැන්නාධිපතියා පාප ග්‍රහයන් හා සංයෝග වීම හා පාප ග්‍රහයකුගේ දෘෂ්ටියට පත්වීම යනු අධික වියදම් දරා විදේශ ගත වීමට සිදුවන ග්‍රහයෝගයන් ලෙස පෙන්වා දිය හැකිය. – ලග්නාධිපතියා දොළොස්වැන්නේ හෝ නවවැන්නේ සිටීම. – දොළොස්වැන්නාධිපතියා දොළොස්වැන්නේ සිටීම හෝ නව වැන්නේ සිටීම හෝ චර රාශි ගත වීම. – ලග්නාධිපතියා හා සිවුවැන්නාධිපතියා දොළොස්වැන්නේ සිටීම. කේන්දර සටහනේ මෙකී ආකාරයට ග්‍රහයන් පිහිටා තිබේ නම් එම පුද්ගලයන්ට විදේශ ගතවීමේදී ප්‍රශ්න ඇති නොවේ. ඔබ දැක ඇති මහන්සි වී මුදල් වියදම් කර විදේශගතව නැවත වැඩි කාලයක් නොගොස් නැවත මවුරටට පැමිණෙන අයව. (2) සමහර අය විදේශගතවන්නේ තමන්ගේ අපල දුරු වීම යැයි සිතාය. එය සමහර දෛවඥයන්ද පවසා තිබේ. නමුත් එය මහා බොරුවකි. තමන්ගේ අපලයට විදේශ ගතවනවා නම් එය හිසේරදේට කොට්ට මාරු කළා වැනිය. තමන්ට සිදුවිය යුතුදේ සිදුවීමට පිටරටද තමා සිටින රටේද කියා නැත. එම දේ කොතැනක සිටියත් සිදුවනවාමය. හැමදෙනාම යන පළියට විදෙස්ගත නොවන්න. ජන්ම පත්රය හොඳින් පරීක්ෂා කර බලා විදේශ ගතවන්න. එවිට එම බලාපොරොත්තු සාර්ථක වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk