Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ධාරණ ශක්තිය වැඩි කරන බලගතු ගාථා 3ක්

1 year ago 7 Min read
Subha.lk

මසුරන් වටිනා මෙම ගාථා තුන පාඩම් කරගෙන දිනපතා පාන්දර 4.30න් පසුව මෙම පිළිවෙත කරන්න. දරුවා අධ්යාපන කටයුතු කරන කාමරයේ උතුරු පැත්ත තෝරාගෙන මේසයක් හෝ ටීපෝ එකක් බිත්තිය අයිනකට වෙන්න තබා සුදු රෙද්දක් එළා ඒ මත පාට කළ බුදු පිළිමයක් තබන්න. එහි මුහුණ දකුණට හරවා තබන්න. වැඳුම් පිදුම් කිරීමේදී උතුර බලා එය කළ හැකිවන ලෙස තබන්න. පාන්දර 4.15ට පමණ බුදුන් උදෙසා පොල්තෙල් පහන් එකයි, සුදු මල් බඳුනක්, පැන්, ගිලන්පස පූජා කරන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඉන්පසු අටවිසි පිරිත කියන්න. ඊළඟට මෙම ගාථා තුන හත්වරක් සජ්ජායනා කරන්න. මෙම අවස්ථාවේදී පෙරාගත් පැන් වීදුරුවක් තම දෑතින් අල්ලාගෙන ගාථා තුන කියන්න. මෙය අවසන් කර පැන් වීදුරුව පානය කරන්න. මේ ආකාරයට දිනපතා මෙම පිළිවෙත කරගෙන යන්න. පාන්දර 4.30 සිට තම පොතපත පාඩම් කරන්න. හරක් මස්, ඌරු මස්, එළුමස් අනුභව නොකරන්නේ නම් ඔබට මෙයින් උසස් ප්‍රතිඵල හිමිවේ. මෙන්න ඒ ගාථා තුන - “මෝහාන්ධකාර සම්මෝහ ලෝකේ මෝහ විධංසනං දීපා ලෝකේන පූජේමි සම්බුද්ධං ලෝක පූජිතං සංසාර සින්දු තරණං ඛේමං නිබ්බාන ගාමිනිං දීපා ලෝකේන පූජේමි සද්ධම්මං ජින දේ සිතං සද්ධම්ම රාජ තනුජං සෙට්ඨං අරිය පුග්ගලං දීපා ලෝකේන පූජේමි පුඤ්ඤ ඛෙත්තං අනුත්තරං”

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk