Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

හදන ගෙදරට කිරි ඉතිරෙන්න දොරවල් තබන්නේ මෙහෙමයි

1 year ago 7 Min read
Subha.lk

විශ්වකර්ම ප්රකාශයේ හැටියට නිවෙසකට දොරටු වර්ග (15)ක් තිබෙන බව පෙන්නා දී ඇත. එම දොරටු වර්ග මෙසේය. ධාන්ය, ජය, නන්ද, බර, කාන්ත, මනෝරාමා, සුමුද්ර, දුර්මුඛ, උග්ර, රිපුද, ධනද, නාශ, ආතාන්ද, විපුල සහ විජය යනාදී වශයෙනි. ධාන්ය වර්ගය - නැඟෙනහිර දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෘහය ධාන්ය වර්ගයට අයත් වේ. එබඳු ගෘහයක පදිංචි වීමෙන් බොහෝ වස්තුව ලැබෙන බව උගන්වයි. ජය වර්ගය - දකුණු දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙනමින් හඳුන්වයි. එබඳු ගෘහයක පදිංචි වීමෙන් විජය ශ්‍රී හෙවත් ජයග්රහණය ලබාදේ. නන්ද වර්ගය - නැඟෙනහිර හා දකුණු දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙනමින් හඳුන්වයි. එබඳු ගෘහය ස්ත්‍රීන්ගේ විනාශයට ලක් වෙයි. නාන්න වර්ගය - නැඟෙනහිර හා බටහිර දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය නාන්ත නම් වර්ගයට ඇතුළු වෙයි. එබඳු ගෘහය පුත්ර ලාභ පිණිස වේ. බර වර්ගය - බටහිර දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට ඇතුළු වන අතර එම වර්ගයට අයත් ගෘහය සැප සම්පත් විනාශයට හේතු වන බව දක්වා තිබේ. මනෝරාමා වර්ගය - දකුණ හා බටහිර දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. එම ගෘහය බොහෝ සැප සම්පත් ලබා දෙයි. සුමුඛ වර්ගය - නැඟෙනහිර බටහිර හා දකුණු දිසාවට එන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. මෙම වර්ගයටම අයත් නිවෙසක පදිංචි වීමෙන් බොහෝ භව භෝග සැප සම්පත් ලබා දෙන බව ඍෂි මතයයි. දුර්මුඛ වර්ගය - උතුරු දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. එවැනි ගෙය අප්‍රිය පිණිස හේතු වේ. උග්ර වර්ගය - උතුරු හා නැඟෙනහිර දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. එබඳු ගෙය දුක් කරදර වැඩිවීම පිණිස හේතු වේ. රිපුද වර්ගය - උතුරු හා දකුණු දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. එබඳු ගෙය සොර සතුරු බිය ඇති වීමට හේතු වන බව පෙන්වා දේ. ධනද වර්ගය - උතුර, දකුණ හා නැඟෙනහිර දිසාවට සම්මුඛ වන ගෙය මෙම වර්ගයට අයත් වේ. එබඳු ගෙය බොහෝ ධන සම්පත් ලබා දීමට හේතු වේ. නාශ වර්ගය - උතුර හා බටහිර දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. එබඳු ගෙය ඉක්මනින් විනාශ වන බව දක්වයි. ආතාන්ද වර්ගය - උතුර, නැඟෙනහිර හා බටහිර දිසාවන්ට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. මෙම නිවෙස නිවැසියන්ට ශෝකය උපදවන බව කියැවේ. විපුල වර්ගය - උතුර, දකුණ, බටහිර දිසාවන්ට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වන අතර එම ගෙය බොහෝ ධනය, යස, ඉසුරු ලබාදෙන බව පෙන්වා දී තිබේ. විජය වර්ගය - සතර දිසාවන්ට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. එබඳු ගෙයක පදිංචි වීමෙන් බොහෝ යස ඉසුරු සම්පත් දියුණුව ලබාදෙන බව වාස්තු විද්‍යාව සොයාගත් ඉසිවරු මහත් අනුකම්පාවෙන් අපට උගන්වා තිබේ. මේ නිසා මේ ආකාරයට සුබ දිසාවන් බලා සුදුසු ස්ථානයන්හි දොරටු ස්ථාපනය කර තම දියුණුව සපයා ගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk