Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මහා තේජෝ බලැති ‘අටලක්ෂ ඉනාව’

1 year ago 7 Min read
Subha.lk

ගුප්ත විද්යා ශාස්ත්රය තුළ ඉතා දරුණු ගණයේ යකුන්, යක්ෂණියන් දමනය කිරීම සඳහා යොදාගත හැකි මහත් තේජෝ බලැති අතිප්රබල මන්ත්ර දැහැන් අපට හමුවෙයි. පැරැණි ඍෂිවරුන් හා මන්ත්රාචාර්යවරු මෙම ශාස්ත්රය තම පණ දෙවැනි කොට ආරක්ෂා කළ අතර දරුණු ගණයේ යකුන්, යක්ෂණියන්ගෙන් තම ජීවිත ආරක්ෂා කර ගැනීමටද මෙම මන්ත්ර දැහැන් භාවිත කළහ. මෙම මන්ත්ර දැහැනට අඩංගු නොවන යකෙක්, යක්ෂණියක්, භූත, ප්රේත, පිසාච කිසිවෙක් නොමැති බැව් පොතපතේ සඳහන්ව ඇත. මන්ත්ර දැහැන - “ඕං හේ හේ වාරුං කදිරපුර නාරායනේ දේවතාවා දේවතාවී එක් සැණෙන් ඔඩ්ඩි තම්බිරානේ වාරුං අයියා සෙල්ලුම් දෙමළ ඉරුක්කුම් කන්ද කදිරනේ ශිවගුරු අටලක්ෂ කට්ටු බහිරවී කට්ටු දෙමළ වඩිඟ ගුරුළු කිඩ කට්ටු ඔඩ්ඩි දේවතාවා කට්ටු මෛල වෛක්ය සමයං කට්ටු වටයකුන් කට්ටු, තොටයකුන් කට්ටු වට සෙල්ලුම් කරදිය වළල්ලෙන් කන්දසාමි අණින් අඩංගු සූර්ය දිව්‍යරාජ මණ්ඩලයේ හිටු උඩ යකුන් බිම යකුන් හිම යකුන් මාගේ බන්ධනයට වලංගුය. අට ලක්ෂයකට බෙදුණ මාගේ වරමින් මං බඳින බන්ධනයට ඉනාවී සිටු. ඕං බරාදි බාහේස් කේෂරේ ජගදේස් මෛලයං කොණ්ඩු නාග ස්වාමියාගේ මන්ත්ර පූට්ටු ”………… මෙම මන්ත්ර දැහැනෙන් බොහෝදේ කළ හැකිය. ඕනෑම යක්ෂ, ප්‍රේත, භූත ලෙඩකට තෙල් මතුරා ගැනීමට සුදුසුය. යක්ෂ දෝෂ සඳහා නූල් 7 පටයි. ගැට 7යි 21 වර මතුරා බඳිනු. පිස්සන්ට මුහුණ බලා සිහිකරනු. දමනය වේ. යක්ෂ, ප්‍රේත, භූත දෝෂ පවතින නිවෙස්වල දෝෂ දුරු කිරීමටද මෙම දැහැන යොදාගත හැකිය. තවත් බොහෝ කටයුතු සඳහා භාවිතයට ගත හැකි අගනා මන්ත්ර දැහැනකි. සුරක්ෂිතව තබාගෙන ප්‍රයෝජනයට ගනු. ක්‍රමවේද ගුරුන්ගෙන් විමසා කරනු. තෙරුවන් සරණයි.!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk