Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සෙනසුරු අපල දුරුකරන බලගතු ස්තෝත්රය සහ යන්ත්රය

1 year ago 7 Min read
Subha.lk

බොහෝ පොදු ජනයා තම කේන්දරයේ සෙනසුරු හෙවත් ශනි මහා දශාව ලැබූ විට බිය වෙති. එසේම කේන්දරයේ සටහන් වන සෙනසුරු (ශනි) 12, 1, 2, රාශිවල සහ 7, 8 රාශිවල ගමන් කරනා කාලවලදී අසුබඵල විපාක විඳින්න සිදුවේ. සමහර අය පිටරට යෑමටත්, ගෙවල් ෙදාරවල් වෙනස් කිරීමටත් පුරුදුව සිටිති. කොහේ හිටියත් කුමක් කළත් අසුබඵල විපාක සිදුවීම හෝ ඉන් මිදීමට අපහසුය. එය අද ඊයේක නොව පුරාණ දේව කථාවලද සඳහන් වේ. සෙනසුරු හෙවත් ශනි නිසා මහා විෂ්ණු දෙවියන්ද ඇත් වේශයක් මවාගෙන වනයට ගොස් හත් අවුරුද්දක් බටකොළ කෑ බව ජනප්රවාදයේද සඳහන් වේ. බොහෝ විට සෙනසුරු හෙවත් ශනි මහා දශාව සෙනසුරු හෙවත් ශනි අතුරු දශාව ලබා ඇත්නම් වර්ෂ තුනකුත් දින තුනකුත් වැනි දීර්ඝ කාලයකදී එය ගෙවේ. මේ කාලය තුළ බොහෝ විට පාද බිඳීම, අත් බිඳීම, කල්ගත වූ රෝග, පිළිකා, උගුර, කන්, දත් රෝගද හට ගනී. සෙනසුරු හෙවත් ශනි ග්රහයා පාලනය කරනුයේ පුද්ගලයාගේ දණහිස්, පාද, නියපොතු යනාදියයි. ආඝාතය, සන්ධි, සෝතය, රූමැටික්, උණ, රක්ත ප්රමේහය, ඇදුම, උගුර ආබාධ, චර්ම රෝග, කාසය ආදියද වැලඳීමට හැකිය. ඒ අතර ගෝචර ගමනේදී ඉහත අතුරු දශාවන් සහිතව සෙනසුරු හෙවත් ශනි 12, 1, 2 හා 7, 8 රාශිවල ගමන් කරන කාලය තුළදී තදබල අපල ගෙනදේ. මෙවැනි අවස්ථාවලදී ශනි ස්තෝත්රය ගායනා කිරීම හා පුද පූජා පැවැත්වීම කළ යුතුය. එසේම රාශි චක්‍රයේ සෙනසුරු හෙවත් ශනි සිටින රාශිය අනුවද පුද පූජා සහ පිළිවෙත් කිරීම ඉතා වැදගත් වේ. සෙනසුරු හෙවත් ශනි අපල දුරු වීමට විෂ්ණු දේව පූජාව - නිල් මානෙල් මල්, නිල් කටරොඩු මල්, තුල්සි හෙවත් මදුරුතලා කොළ, නිල් පාට කළ ලුණු නොදා සකස් කළ කිරිබත් පාත්තර 1, එළඟිතෙල් පහන් 1, නිල් පාට තිර රෙදි යාර 1, නිල් මල් මාල 1, තැඹිලි මල් 1, විෂ්ණු දෙවිඳුට පූජා කරන්න, බෝධි පූජාවක් තබා විෂ්ණු දෙවිඳුට පින් අනුමෝදන් කර අපල දුරු වීමට සෙත් කවියක් කියන්න. එය දින 3, දින 7 දින 14 යහපත් වේ. නුග ගසක් පාමුල පිරිසුදු කර සෙනසුරාදා දිනක උදය වරුවේ සුදු මල් 108ක මාලයක් නුග ගසට පලන්දවා 7 වර පෙරන ලද පිරිසුදු පැන් කළයකින් සහ කිරි කළයකින් නුග ගස නහවා සුවඳ දුම්, මල් පහන් පුදා විශේෂයෙන් එළඟිතෙල් පහනක් දල්වා එළඟිතෙල් මිශ්ර කිරිබත් ගුළි 9ක් නුග ගසට පූජා කරන්න. විෂ්ණු දෙවිඳුන්ට පින් දෙන්න. සෙනසුරාදා දින 7ක් එළඟිතෙල් මිශ්ර කිරිබත් උදේට කපුටන්ට ආහාරයට දෙන්න. පහත සඳහන් මන්ත්රය දිනපතා හෝ සෙනසුරාදා දිනවල උදේට කියන්න 21 වරක්. මන්ත්රය :- “ඕම් ප්‍රාන් ප්‍රින් ප්‍රොන් සායි ශනේශ්චරාය නම–” සෙනසුරු හෙවත් ශනි අපල දුරු වීමට ඔබට මෙම පූජා කටයුතු සහ සෙත් ශාන්තිද කළ හැකිය. එනම් විෂ්ණු දෙවිඳුට අංග සම්පූර්ණ පූජාවක් තබන්න. බෝධි පූජාව දින 7ක් තබන්න. සෙත් කවියක් නිවැරදි ක්රමයට සාදාගෙන දින 7ක් කියන්න. දුගියන්ට ඔෟෂධ වර්ග හා ඇඳුම්, ආහාර ලබා දෙන්න. රෝගීන්ට ඔෟෂධ වර්ග ලබාදී සාත්තු සත්කාර කරන්න. ශනි මුර්ජිත, විෂ්ණු ආඝෝර, විෂ්ණු මණ්ඩල, නවගුණ, නවග්රහ වැනි යන්ත්ර නිවැරදිව ඇඳ නියමිත පුද තබා නියමිත ජප වාර ගණන සම්පූර්ණ කර දෙහිගැට 21ක් කපා ෙදාස් දුරු කර ගෙල පලඳින්න. එසේ නැතිනම් ‘මව්බිම’ – තරුපති හි සඳහන් යන්ත්රය “නීලංග මණ්ඩල යන්ත්රය” නියමිත පූජාවන් තබා නිවැරදිව ඉරි නොකැපෙන ලෙස ඇඳ ජප වාර ගණන සම්පූර්ණ කර ගෙල පලඳින්න. සෙනසුරු මහා දශාවක් ඇත්නම් හෝ සෙනසුරු 12, 1, 2 හෝ 6, 7, 8 රාශිවල ගමන් කරන්නේ නම් හෝ ශනි, චන්ද්ර ඒරාෂ්ටක අපල ඇත්නම් පහත සඳහන් ශනි ස්තෝත්රය සෙනසුරාදා දිනක සෙනසුරු රූපයක් තබා ඒ අසල විෂ්ණු දෙවිඳුගේ රූපයක්ද තබා පහන් දල්වා හඳුන්කූරු, කපුරු, සුවඳ දුම් පුදා විශේෂයෙන් නිල් මානෙල් මල්, නිල්කටරොඩු මල්, මදුරුතලා කොළ පුදට තබා පළමුව නා පිරිසුදු වී මල් පහන් පුදා තුණුරුවන් වැඳ මෙම ශනි ස්තෝත්රය 9 වරක් හෝ 21 වරක් ගායනා කරන්න. විෂ්ණු දෙවියන්ට සහ සෙනසුරු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒරාෂ්ටක අපල දුරු වී නිරෝගී සුවය ලැබෙනු ඇත. රට හැර යා යුතු නැත. ගෙවල් වෙනස් කළ යුතු නැත. මල් පහන් පුදා තුනුරුවන් වැඳ මස්මාංසයෙන් වැළකී යහපත් ලෙස දිවි ගෙවන්න. හැකි පමණින් දුගියන්ට දන් දෙන්න. ඔබට යහපත සැලසේ…. සෙනසුරු ස්තෝත්රය ඕම් ශම් ශනේචාරාය නම– – ඕම් ශ්‍රාන් ශ්‍රීන් ශ්රෝන් සායි ශනේශ්චාරාය නම– – නිලංජන සමාහසං – රවි පුත්රං යමාග්රජං ජායා මර්තණ්ඩ සංභූතං – තං නමාමි ශනේශ්චරම් – මාර්ගත්ධජ ශුධා සෞරි නීල බස්ත්‍රාන් – ජයන්ද්‍යතිග් – කෝන ශනෛශ් – වරෝ චන්දන් මායා හ්රිදයා ගන්දන– – අබ්‍රහ්මන– කෘෘර කෘෘර – කර්මාකන්ජි ග්රහ නායක– – ක්‍රිෂ්ණෝධර්මානු ජ– – ශාන්ත– – ගුෂ්කොධර වර ප්‍රදාහ්….. සෙනසුරු හෙවත් (ශනි) අපලයට – නීලංග මණ්ඩල යන්ත්රය:- ජප මන්ත්රය:- ඕං ශනි වරං ශනි පත්ර කාලි දිෂ්ටි දිෂ්ටි නම– ක්රමය :- මල් ආසනය සාදාගෙන පුවක් මල් අතුරා බුලත් 9, පඬුරු 9, නිල් මානෙල් මල් 9, නිල් කටරොඩු 9, නිල්පාට කළ කිරිබත් ගුළි 9, එළඟිතෙල් පහන් 1, පුදට තබා පළමුව නා පිරිසුදු වී මල් පහන් පුදා තුනුරුවන් වැඳ ශනි ග්‍රහයාට හිමි විෂ්ණු දෙවිඳුට පූජාවක් තබා අවසර ගෙන ශ්‍රී රාම දිෂ්ටියෙන් 51 වර දිෂ්ටි කර සාම්බ්‍රාණි දුම් දෙමින් ඉහත මන්ත්‍රයෙන් 3008 වර මතුරාගෙන ප්‍රාණ, සිද්ධි, පුට, පලිප්පු මන්ත්‍රවලින් නිම කරවා මස් මාංසයෙන් වැළකී පුර පක්‍ෂයේ බෝධි පූජාවක් තබා විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කර ආතුරයාට දෙහි ගැට 9 හෝ 21 කපා ෙදාස් දුරු කර පස්ලෝ සුරයක දා යන්ත්රය ගෙල පලඳවන්න. දිනපතා මල් පහන් පුදා තුනුරුවන් වැඳ විෂ්ණු දෙවිඳුට පින් දෙන්න. ගව මස්, උෟරු මස් කෑමෙන් වළකින්න. සෙනසුරු අපල දුරුවේය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk