Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රවී - ශනී මකරයේදී එක්වෙයි - දේශාපාලන පිටිය උණුසුම් වෙයි 

1 year ago 7 Min read
Subha.lk

මේ වනවිට රව් සහ ශනි යන ග්‍රහයන් මකර රාශිය තුළ චලිත වන අතර මෙම ග්‍රහයන්ගේ මකර රාශි චලිතය 2022 වසරෙහි පෙබරවාරි 13 වැනිදා දක්වාම පවතියි. මෙම ග්‍රහ තත්ත්වයට අනුව 2022 වසරෙහි ජනවාරි 29 වැනිදාත් 2022 වසරෙහි පෙබරවාරි 13 වැනිදාත් අතර කාල සීමාව තුළද දේශපාලන ක්‍ෂේත්‍රය දැඩි ලෙස උණුසුම් වීමට ඉඩකඩ ඇති අතර, එම කාල සීමාව තුළ මැතිවරණ පිළිබඳ නව කතිකාවතක් ඇති වීමටද, පාර්ලිමේන්තුව තුළ නව අණපනත් සම්මත වීමටද, නව ගිවිසුම් අස්සන් කිරීමටද අමාත්‍ය මණ්ඩල සංශෝධන ආදියටද ඉහළ ඉඩක් ඇතිවේ. තවද ජනතා නියෝජිතයන්ට ඇතිවන අපලදායක ප්‍රතිඵලවලටද ඉඩකඩ ඇත. 2022 වසරෙහි පෙබරවාරි 4 වැනිදා රාත්‍රි 12.36ට රවි සහ ශනි නියම ලෙසම සංයෝග වීමට අනුව 2022 වසරෙහි පෙබරවාරි 4 අවට දිනවල ඉහත කී සිදුවීම් සිදුවීමේ ඉඩකඩ වඩාත් ඉහළ යනු ඇත.

 

 

තවද මීට කලින් ලිපියෙන්ද සඳහන් කළ පරිදිම 2022 වසරෙහි ජනවාරි 29 වැනිදා සිකුරු ග්‍රහයා නිවෘත වීමට අනුව 2022 වසරෙහි ජනවාරි 29 ආශ්‍රිත දිනවල සහ 2022 වසරෙහි ජනවාරි 29 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ ඛනිජ තෙල් පිළිබඳව නව කතිකාවතක් ආරැඹීමට හෝ ඒ පිළිබඳ අලුත් ආරංචි ලැබෙන්නටද, ජල විපත්වලටද, හදිසි අනතුරු වැඩි වන්නටද ඉඩකඩ පවතින බව පෙනේ. මීට අමතරව මීට කලින් ලිපියෙද සඳහන් කළ පරිදිම 2022 වසරෙහි පෙබරවාරි 4 වැනිදා බුධ ග්‍රහයා නිවෘත වීමට අනුව පෙබරවාරි 4 වැනිදායින් පසු රටෙහි ආර්ථිකය පිළිබඳව යම් පමණකට හෝ සුබදායක ආරංචි ලැබෙන්නටද, 2022 වසරෙහි පෙබරවාරි 4 ආශ්‍රිත දිනවල අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය වැනි අංශ පිළිබඳව ආන්දෝලනාත්මක ආරංචි ලැබෙන්නටද, 2022 වසරෙහි පෙබරවාරි 4 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ ආගමික උතුමන්ලා සම්බන්ධව සහ ආගමික අංශ සම්බන්ධව අසුබ ආරංචි ලැබෙන්නට සහ ජල විපත්වලටද ඉඩකඩ පවතින බව පෙනේ.

 

 

 

අංක විද්‍යාත්මක සිද්ධාන්තවලට අනුව 2022 වසරෙහි එක් මැජික් මාසයක් වන්නේ මාර්තු මාසය නිසා එයට ආසන්නතම මාසයක් වන පෙබරවාරි මාසයටද මාර්තු මාසයෙහි බලපෑම යම් පමණකට ක්‍රියාත්මක වන බව පෙනේ. ඒ අනුව 2022 වසරෙහි පෙබරවාරි මාසය තුළද, මාර්තු මාසය තරම නොවුණත් මහ සයුර තුළ ප්‍රබල භූ කම්පන ඇති වීමේ ඉඩක් හට ගන්නා බව පෙනේ. එමෙන්ම, සෑම පුද්ගලයකුටම පාහේ තම දෛව අංකය අනුව 2022 වසරෙහි මාර්තු මාසය තුළ පමණටම නොවුණාද, 2022 වසරෙහි පෙබරවාරි මාසය තුළද විශේෂිත කැපී පෙනෙන සිදුවීම් පෙන්නුම් කෙරේ. ඉදිරියේදී සිදුවීමට නියමිත වඩාත්ම තීරණාත්මක ග්‍රහ මාරුව වන්නේ කුජ ග්‍රහයා 2022 වසරෙහි පෙබරවාරි 26 වැනිදා ප.ව. 3.48ට මකර රාශිය තුළ උච්ච චලිතයක් ආරම්භ කිරීමය. මෙසේ මකර රාශිය තුළ රවි, කේතු, කුජ ග්‍රහයා 2022 වසරෙහි අප්‍රේල් 7 වැනිදා ප.ව. 3.15 වන තෙක්ම තම මකර රාශි චලිතය පවත්වාගෙන යයි. මෙය ඉතා සුවිශේෂී ග්‍රහ චලිතයකි. එයට හේතුව ඒ මොහොත වන විට ශනි ග්‍රහයාද මකර රාශිය තුළ ප්‍රබල ලෙස චලිත වීමය. මෙම ග්‍රහ ගෝචරය අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කරන ග්‍රහ පිහිටීමකි. ඒ අනුව 2022 වසරෙහි පෙබරවාරි 8 වැනිදා ප.ව. 3.49ත්. 2022 වසරෙහි අප්‍රේල් 7 දී වැනිදා ප.ව. 3.15ත් අතර කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල නායකයන් ඇතුළු සියලුම ආකාරයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුවීමේ ඉඩකඩක් හට ගනියි. කෙසේ වෙතත් මෙම ග්‍රහ ගෝචරයට අනුව 2022 වසරෙහි පෙබරවාරි 27 වැනිදාත්, 2022 වසරෙහි අප්‍රේල් 7 වැනිදාත් අතර කාලසීමාව තුළ ක්‍රීඩකයකුගේ ලෝක වාර්තාවක් බිහි වීමට ඉඩ ඇති අතරම මහ පොළොවෙන් රතු මැණික් මතු වීමටද ඉහළ ඉඩක් හට ගනියි. එමෙන්ම කුජ ග්‍රහයා උච්චව හැසිරෙන ඉහත කී කාලසීමාව තුළ කුජ නියෝජනය කරන තරුණ පරපුරෙහි උද්‍යෝගයක් ඇති වීමටද ජනතාවගේ අවධානය යොමු වන ආකාරයේ නඩු තීන්දුවක් ලැබෙන්නට සහ අලුත් නීති නිර්මාණය වීමටද ඉඩකඩ ඇති අතර ආරක්ෂක අංශවල උන්නතිය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමටද ඉඩකඩ ඇත. කුජ ග්‍රහයාගේ උච්ඡ හැසිරීමේ ප්‍රතිඵල පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වෙමු.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk