Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දෝසක් ඇති නොවන ලෙස චූටි දෝණිගෙ කන් විදින්නේ මෙහෙමයි

1 year ago 7 Min read
Subha.lk

කන් විදීම කියන්නේ දියණියකට පමණක්ම උරුම වුණු කාරියක් වුණත්, වර්මානයේ නම් පුරුෂ පාර්ශ්වයේ අයත් සම්ප්රදායෙන් බැහැර වුණත් මේ කටයුත්තට යොමු වීම දක්නට ලැබෙනවා. නමුත් මෙහි සුවිශේෂීභාවය හිමිව ඇත්තේ දියණියකට පමණක්මයි. මනුෂ්යයාගේ උපතේ සිට යොදා ගනු ලබන ප්රධාන කඩඉම්වලදී බොහෝ නැකැත් බැලීම සිදු කරනු ලැබුවත්, සාමාන්යයෙන් ස්ත්රී දිවියේ පළමුවෙන්ම නැකැත් සීහුම් අනුව කරන පළමුවැනි කටයුත්ත වනුයේ දෙකන් විදීමේ චාරිත්රයයි. මේ කටයුත්ත පිළිබඳ බොහෝ මතිමතාන්තර සමාජය තුළ පැවැතියද, විශේෂයෙන් මෙහි කාල වේලාවන් පිළිබඳව ඔබද මේ වන විට නිසි අවබෝධයෙන් පසු නොවනවා ඇත. හය-හතර නොදන්නා සිඟිති දියණියට මෙය මහා වේදනාවක් ගෙන දුන්නද, උපතේ සිට 10, 12, 16 යන දින ගණන්වලදී නිසි දින සපුරමින් ජේ‍යාතිෂයට අනුව කන් විදීම සිදු කරනු ලැබේ. එසේම කුමන හේතුවක් නිසාවත් මෙම කාල සීමාවේදී දරුවාගේ කන් විදීම සිදු කර ගැනීමට නොහැකි වූයේ නම්, දරුවාට නිසි වයස් සපුරාලන 6-7-8 යන මාස නිසි ලෙස යොදා ගැනීම සිදු කරන්න. එසේම ජේ‍යාතිෂයේ පෙන්වා දෙන පරිදි, දියණියකගේ දෙකන් විදීම සඳහා ඉහත කී නිසි කාලය සපුරන විටදී, මෙම බලවත් කාර්ය සිදු කර ගැනීම උදෙසා නිසි නැකැත් සීහුම් සහිත ශුභ වේලාවක් සකසා ගැනීම ද සිදු කළ යුතුය. ඒ සඳහා දියණියගේ උපන් නැකැතට යෝග්ය වන සුදුසුම නැකැත් සීහුම් අතරින් මුවසිරස, පුනාවස, පුෂ, හත, සිත, සුවන, දෙනට, වෙතී, උත්‍රපල්, උත්රසල, උත්‍රපුටුප යන නැකැතකින් එකක් තෝරා ගත යුතුය. එසේම මේෂ, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර යන රාශියකින් ජන්ම රාශියට සීහෙන රාශියක් ද තෝරා ගැනීමද අනිවාර්ය විය යුතුය. එපමණක්ම නොවේ. ශුභ නැකැත් ගැළපීමේදී යහපත් වන තිථියක්ද නිසි ලෙස ගළපා ගත යුතුය. පුර පක්ෂයේ නම් 2-5-7-10-11 යන ශුභ තිථියක්ද, අව පක්ෂයේ නම් 1-3-5 යන තිථියක්ද අනිවාර්යයෙන්ම තෝරා ගැනීමට සිතට ගත යුතුය. තවත් විශේෂයෙන් සිහිපත් කළ යුතු කාරණාවක් වන්නේ, කන් විදීම ශරීරය හා සම්බන්ධ කටයුත්තක් බැවින් ත්‍රිජන්ම නැකැත් සහ කනේ විස කලාව අත් හැරිය යුතු වීමයි. මෙය නැකැත් සාදන ජේ‍යාතිෂවේදියාගේ වගකීමක් වනු අතරම, තත්කාල කේන්දරයේ තුන් වැන්න සහ අට වැන්න ශුද්ධ වීමද සිදු විය යුතුය. මේ ආකාරයෙන් බලවත්ව නිසි ලෙස නැකැත් පිරිසුදු කර ගැනීමෙන් පසුව දියණියගේ දෙකන් විදීම මව විසින් හෝ එසේ නොමැති නම් දරුවාට හිතැති පළපුරුදු සහිත අයකු ලවා සිදු කර ගත්තාටද වරදක් නොවන්නේය. එසේම කන් විදීමෙන් අනතුරුව දරුවාගේ, එම ස්ථානය පිරිසුදුව තැබීමටත් මවුපියන් වශයෙන් ඔබ කාගේත් වගකීමද වන බව තරයේ සිහියේ තබා ගන්න. • – ජේ‍යාතිෂවේදී, හස්ත රේඛා ශාස්ත්රඥ වාස්තු

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk