Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වී වගාවෙන් රන් අස්වනු ලබාගන්න

1 year ago 7 Min read
Subha.lk

ක්රමවේදය _ ලී කෝටු සහ කෙසෙල් පතුරු ආධාර කරගෙන මල් බුලත් අසුනක් තනා ගන්න. සුවඳ මල් වර්ග 5ක්, කපුරු පෙති 5ක්, පඬුරු 5ක්, බුලත් කොළ 5ක්, සඳුන් පිනිදිය සහ අලුත් මැටි පහනක්ද සූදානම් කරගන්න. වතුර ගලායන දිය ඇළකින් නොපෑගුණු තිරිවාණා ගල් 9ක්, වැපිරීමට ගන්නා වී සේරුවක්, සාම්බ්රානි ග්‍රෑම් 250ක් පමණද අමුකහ, අබ, කපු ඇට, දෙහි කොළ 9ක් සහිත අතු කැබැල්ලක් දමා අලුත් අතලයකට කහ වතුර දමා සූදානම් කරගන්න. දැන් ඔබ ස්නානය කොට පිරිසුදු වී සුදු පිරුවටයක් ඇඳ ඉහත සඳහන් සියලුම දේ මල් අසුන මත තබා මිටි අසුනක වාඩිවී බුලත්, පඬුරු, මල් පුදා පිනිදිය ඉස පහන්, කපුරු, හඳුන්කූරු දල්වා පන්සිල් ගෙන කරණීයමෙත්ත සූත්රය කියා දෙවියන්ට පින් දී පහත සඳහන් මන්ත්‍රයෙන් 108 වරක් කියා සියල්ල ජීවම් කරගන්න. මේ සඳහා රාහු කාලයෙන් තොර සුදුසු වේලාවක් තෝරාගත යුතුයි. මතුරන වාර ගණන 108ට වඩා වැඩි වූවාට කමක් නැත. එසේ කිරීම වඩාත් හොඳයි. ප්‍රයෝජන ගන්නා ක්රමය _ ජීවම් කරගත් වී සේරුව දියේ දමන අනෙක් වී සමඟ හොඳින් කලවම් කරගන්න. ගල් 9 කුඹුර වටේට යට කරන්න. ජීවමට තැබූ සාම්බ්‍රානි මතුරමින් කුඹුර වටේ තුන් වරක් දුම් අල්ලන්න. වී පැළ වූ පසුද එම මන්ත්‍රයෙන් මතුරා කුඹුරට පැන් ඉසින්න. මේ සියල්ලටම කලින් මන්ත්රය හොඳින් කටපාඩම් කරගන්න. මන්ත්රය _ ඕං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඕං නමෝ ඒ සියක් රන්දැල් කෙතේ මැද්ද මණ්ඩපයක් තනවා අපගේ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වැඩම කර වදාරා රවි චන්ද්ර කුජ බුධ ගුරු ශුක්ර ශනි රාහු කේතු යන නවග්‍රහයන් නවදෙනා නව කොනේ සිටුවා ආයුධ නවයක් සිටුවා අහසට අතක් ගසා මල් වරුසාවක් වැස්සුව සේක. ඒ පියුම් පිට වැඩ සිටගෙන ‘වරෝ වරඤ්ඤු’ යන ගාථාව වදාරා වැඩ උන් සේක. එතැන් පටන් ඒ රත්දැල් කෙතේ කලවිට පිරීගිය ආඥාවෙන් ආනුභාවෙන් අදත් මාගේ කලවිටට, වියට, ගොයමට සර්ව ආරක්ෂාවයි සි½ධි බුද්ධ මන්ත්ර සි½ධි ඒස්වාහා… විශාල අස්වැන්නක් ලැබෙන බවත් රට පොහොර අවශ්ය නැති බවත් පොතේ සඳහන් වේ. වත්පිළිවෙත් රකින ගොවි මහතුන් මෙය අත්හදා බලා ප්‍රයෝජන ගන්න. වටිනා ගුරුකමකි. මා අත්හදා බලා නැත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk