Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මන්ත්ර ශාස්ත්රයේ එන දිව මතුරක් මෙන්න

2 years ago 7 Min read
Subha.lk

ඕං ආදේස් කීදේ හෙලීකේ ශුභාදී ගෞරී ආදේස් කී ඕං කුප්පාරා පාරම්මුකීරේ හම් පත්ර කාලී අම්මා ආදේස් කී ඕං ශිව ශිව– අහසීකා පත්ර කාලී මන්ත්ර ජේහේක භෛරව දේවතාවාස ශිව නම– අග්නී මූල ශිව නම– අතීක මුල ශිව නම– විච්චා චරන ශිව නම– මෙය මන්ත්ර ශාස්ත්‍රයෙහි එන්නා වූ දිව්ය මතුරක් බව සඳහන් වේ. මින් යක්ෂ, භූත, ප්‍රේත, පිශාච ආදී අමනුෂ්ය බලපෑමෙන් ඇති වන්නා වූ රෝග සඳහාද, කාන්තාවන්ගේ දෝෂ ආදියටද, දරුවන්ගේ බාලගිරි දෝෂයට ආදියටද, තුන්‍ෙදාස් රෝග බන්ධනවලටද ඉතා වටිනා මහඟු මන්ත්‍රයකි. ඒ ඒ අවශ්‍යතා අනුව මල් බුලත් තටුව සෑදිය යුතුය. නූල් 9 පොටයි (ගැට 9යි) ගෙන පස් තෙල්ද තබා මල් පහන් සුවඳ දුම් ආදියදී දිෂ්ටි මන්ත්‍රයකින් දිෂ්ටි කර ඉහත මතුරෙන් 108 වර ජීවම් කර ගැට අසුරා ආතුරයාගේ ගෙලෙහි බඳිනු. අමනුෂ්ය දෝෂ පහව යයි. තෙද බල දෝෂ ආදිය ඇත්නම් ගුරු ඇසුරක් ඇතිව කරනු. එසේම මෙම මතුර නිතර භාවිත කිරීමද ඉතා සුදුසුය. වෙනත් බලපෑම්වලින් තම ජීවිතයද ආරක්ෂා කෙරේ. මෙම මන්ත්රය සිද්ධි කර භාවිතයට ගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk