Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කාලසර්ප යෝගයක් ඇත්දැයි හරියටම හඳුනා ගන්නා හැටි

1 year ago 7 Min read
Subha.lk

බොහෝ දෙනෙකු භීතියට පත්වන 'කාලසර්ප යෝගය' නිර්මාණය වන්නේ කිසියම් උත්පත්ති කේන්ද්ර සටහනක කේතු සහ රාහු යා කරන අක්ෂයෙන් එක් පසෙක පමණක් ග්රහයන් පිහිටීමෙනි. රාහු සහ කේතු අක්ෂය වැටී ඇති භාව අනුව ද, ග්රහයන්ගේ පිහිටීම් ආරම්භ වන්නේ රාහුගෙන් ද එසේ නැත්නම් කේතුගෙන් ද අනුව ද සලකා බලා ඇතැම් කේන්ද්ර සටහන්වල බැලූ බැල්මට කාලසර්ප යෝග ලෙස නිරීක්ෂණය වන ඇතැම් යෝග සැබවින්ම 'කාලසර්ප යෝග' නොවන බව ඇතැමකුගේ අදහසයි. තවද රාහු සහ කේතු සමඟ එකම රාශියක තවත් ග්රහයන් තැන්පත්ව ඇත් නම් ද එම ග්රහයන්ගෙන් අඩු වශයෙන් එක් ග්රහයකුවත් රාහු කේතු අක්ෂයෙන් පිටත ග්රහයන් තැන්පත් නොවී ඇති අංශයෙහි අංශක වශයෙන් තැන්පත්ව ඇත්නම් ද අර්ධ කාලසර්ප යෝගයක් යෙදේ. කෙසේ වෙතත් අපගේ අත්දැකීම්වලට අනුව ඉහත පිහිටීම්වලින් කුමන පිහිටීම් තිබුණත් 'කාලසර්ප යෝගය' යෝගයේ ප්රතිඵල අඩු වැඩි වශයෙන් ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඉහත ආකාරයට 'කාලසර්ප යෝගය'ට යෝගය පවතින ප්රසිද්ධ කේන්ද්ර සටහන් කිහිපයක් සලකා බලමින් කාල සර්ප යෝගයේ ප්රතිඵල පිළිබඳ සාකච්ඡා කිරීමට මීළඟට බලාපොරොත්තු වෙමු. ශ්රී ලංකාවේ ජනකාන්ත රංගන ශීල්පියකුව සිටි විජය කුමාරතුංගගේ ප්රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්ර සටහනේ 'කාලසර්ප යෝගය'ක් ඇත. ඔහුට තම ජීවිතයේ උච්චතම අරමුණු සපුරා ගැනීමට පෙර ඝාතනය වීමට සිදු වූයේද, වරෙක සිරගත වීමට සිදු වූයේද, මෙම 'කාලසර්ප යෝගය' යෝගය නිසා විය හැකිය. අමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ ඒබ්රහම් ලින්කන්ගේ ප්රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්ර සටහන තුළද 'කාලසර්ප යෝගය' යෝගයක් ඇත. මැතිවරණ ගණනාවකින් පරාජයට පත් වුවද පසුව අමරිකාවේ රාජ්ය නායකත්වයට පත් වීමට භාග්යය උදා වුවද ඔහුගේ කේන්ද්ර සටහනේ පැවති 'කාලසර්ප යෝගය' නිසාදෝ නොසිතූ මොහොතක හදිසියේ ඝාතනයට ලක් වීමට සිදු විය. මෙරට හිටපු රාජ්ය නායකයකු වූ එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායකගේ උත්පත්ති කේන්ද්ර සටහන තුළද 'කාලසර්ප යෝගය'ක් නිරීක්ෂණය කළ හැකිය. උත්පත්ති කේන්ද්ර සටහන තුළ පැවති මෙම 'කාලසර්ප යෝගය' නිසාදෝ රාජ්ය නායකත්වයේ සිටියදීම ඝාතනය වන්නට ඔහුට සිදු විය. එමෙන්ම මෙරට සිටි කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ෙජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ප්රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්ර සටහනෙහි ද කාලසර්ප යෝගයක් ඇත. එහි ප්රතිඵලයක් නිසාදෝ රටට සේවය කිරීමට බොහෝ කලක් ඉතිරිව තිබියදී ඝාතනය වී දැයෙන් සමු ගැනීමට ඔහුට සිදු විය. 2009 වසරෙහි විජයග්රාහි යුද්ධය නිම කිරීම සඳහා හමුදා නායකත්වය ලබා දුන් යුධ සෙන්පතියාගේ ප්රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්ර සටහනෙහි ද 'කාලසර්ප යෝගය'ක් ඇත. දේශපාලනයට සම්බන්ධ වීම නිසා සිරගත වීමට සිදු වූයේද ඒ නිසා විය හැකිය. ශ්රී ලංකාවේ අග්රගණ්ය කලා ශිල්පිනියක වූ රුක්මණී දේවියගේ උත්පත්ති කේන්ද්ර සටහන තුළ ද 'කාලසර්ප යෝගය'ක් ඇත. කලාකාරියක, ගායිකාවක ලෙස ඉමහත් ප්රසිද්ධියට පත්වී සිටියද හදිසි අනතුරකින් ජීවිතයෙන් සමු ගැනීමට සිදු වූයේ එම 'කාලසර්ප යෝගය' නිසා විය හැකිය. දකුණු අප්රිකාවේ ඉමහත් කීර්තියට පත් රාජ්ය නායකයකු වු නෙල්සන් මැන්ඩෙලාගේ උත්පත්ති කේන්ද්ර සටහන තුළ ද කාලසර්ප යෝගයක් ඇත. පසුව නොබෙල් ත්යාගයෙන් පවා පිදුම් ලැබුවද මුල් කාලයේදී බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන්නට ඇත්තේද බොහෝ කලක් සිරබත් කෑමට සිදු වූයේද එකී 'කාලසර්ප යෝගය' නිසා විය හැකිය. උතුවන්කන්දේ වීර සරදියෙල් ගේ ප්රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්ර සටහනට අනුව 'කාලසර්ප යෝගය' යෝගයක් පැවති නිසාදෝ ඔහු හදිසියේ ඝාතනයට ලක් වූ අතර, ගජමන් නෝනාගේ උත්පත්ති කේන්ද්ර සටහනට අනුව කාලසර්ප යෝගයක් පැවති නිසාදෝ ඇයට යුග දිවි ගැටලු සහ වෙනත් ගැටලු හමුවේ අසරණව මිය යන්නට සිදු වන්නට ඇත. අප විසින් ඉදිරිපත් කරන ලද්දේ කාලසර්ප යෝග පවතින ප්රසිද්ධ කේන්ද්ර සටහන්වලින් කිහිපයක් පමණි. කාලසර්ප යෝගයක් පවතිද්දී ඉහත අසුබ ප්රතිඵල කිසිවකට මුහුණ දීමට සිදු නොවූ කේන්ද්ර හිමියෝ ද සිටින බව අවධාරණය කළ යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk