Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ධනයෙන් අඩුවක් නැති වෙන්න මුදල් තැබිය යුතු ගෙදර හොඳම තැන

1 year ago 7 Min read
Subha.lk

වාස්තු ශාස්ත්රයේදී මුදල් තැබිය යුතු ස්ථානය දක්වා ඇත්තේ භාණ්ඩාගාරය යන නාමය අනුව යමිනි. එසේ වුවත් එයින් අදහස් වන්නේ අද අප විසින් විමසා බලන මුදල් තැබීම සඳහා උචිත ස්ථානය යන්නයි. මේ සඳහා සාම්ප්රදායිකව දක්වා ඇති ස්ථානය වන්නේ උතුරු දිශාවයි. මෙසේ උතුරු දිශාව භාණ්ඩාගාරය ලෙස යොදා ගැනීම අප ප්රතික්ෂේප නොකළද එයට වඩාත් උචිත, තර්කානුකූල ස්ථානයක් ඇත්දැයි විමසීම සිදු නොකොට ගතානුගතිකව ක්රියා කිරීම යහපත් නොවේ. මේ අනුව අප විසින් සැලකිය යුතු කරුණ වන්නේ මිල මුදල්වලට වැටෙන යම් ශක්තියක් හේතුකොට ඒවා බලවත් වීමක් වැනි විහිළු කියවීමක් අද සමාජයට ගළපන්නට යෑම උචිත නොවන බවයි. එසේ යම් ද්රව්යයක පවත්නා ස්වභාවික ඕරාව හෙවත් ශක්ති ශරීරය බලවත් වීමේද යම් අයුරකින් වැදගත් විය හැකි වෙතත් එයට වඩා සහේතුක වූ පැහැදිලි කිරීමක් අප විසින් යොදා ගත යුතුව ඇත. මේ සඳහා අන්තරීක්ෂ, භූ හා චුම්බක යන ශක්තීන් සමඟ ඇති බලපෑම්හි ස්වභාවය වටහා ගත යුතුව තිබේ. ඊසානයෙන් (සාපේක්ෂව) ගලා එනු ලබන ශක්තිය මැනැවින් තැන්පත් වී ඇති ස්ථානයක ජීවත් වන්නන්ගේ ශක්ති ශරීරය බලවත් වීමේ ස්වභාවයක් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවැනි ස්ථානයක් ආශ්රිතව මූල්යමය තීන්දු ගැනීම බුද්ධිමත් මූල්යමය කළමනාකරණයකට හේතු වේ. එබැවින් ඊට නුදුරින් මුදල් තැබීම ප්රායෝගික හේතුව ලෙස සැලකීම හේතු යුක්තයි. මේ අනුව නිරිත දිශාව අන්තරීක්ෂ, භූ ආදී ස්වභාවික ශක්තීන්ගේ පොහොසත්ම ස්ථානයයි. එසේ නම් මුදල් පරිහරණයට උචිතම ස්ථානයයි. එබැවින් නිරිත හෝ නිරිත ආශ්රිතව මුදල් තැබීම ශක්තිමය වශයෙන් අතිශය ඵලදායී බව අපගේ අදහසයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk