Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අතේ හැඩය, පාට බලලා ගතිගුණ ගැන සාස්තරයක් කියන්නද?

1 year ago 7 Min read
Subha.lk

සමුද්ර සෘෂිවරයා විසින් ලොවට හඳුන්වාදුන් සාමුද්රක ශාස්ත්රය හෙවත් හස්ත රේඛා විද්යාව භාරත දේශයෙන් ආරම්භ වී මේ වනවිට ලොව පුරා බොහෝ දෙනකුගේ පිළිගැනීමට ලක්ව ඇත. අත්ලක් පරීක්ෂා කිරීමේදී පුරුෂයකුගේ දකුණු අත්ලත් ස්ත්රියකගේ වම් අත්ලත් පරික්ෂා කළයුතු බව බොහෝ දෙනකුගේ මතයයි. හස්ත සංජීවනී නම් භාරතීය ග්රන්ථයේද මේ මතයම සඳහන් වෙයි. ඇතැම් ග්රන්ථවල දැක්වෙන්නේ පුරුෂයකුගේ වම් අත වැඩි භාවිතාවක් වන්නේ නම් වම් අතද ස්ත්රියකගේ දකුණු අත වැඩි භාවිතාවක් වන්නේ නම් දකුණු අතද පරික්ෂා කළ යුතු බවයි. කෙසේ වුවද බොහෝ දෙනකුගේ අදහස වන්නේ ස්ත්රී පුරුෂ භේදයකින් තොරව වම් හා දකුණු අත් දෙකම පරීක්ෂා කිරීම වැදගත් බවයි. අතක් පරික්ෂා කිරීමේදී පළමුවෙන්ම අපේ ඇස් යොමුවන්නේ අත්ලටයි. අත්ලේ හැඩරුව, වර්ණය හා විශේෂ සලකුණු අනුව අත් හිමියාගේ පලාපල පැරැණි සාමුද්රක විද්‍යා පොත්වල පැහැදිලිව දක්වා ඇත. එම භාරතීය සාමුද්රක ශාස්ත්‍රයෙහි සඳහන් පරිදි වඩාත්ම ජීවිතයට සුබපල දෙන අත්තල හෙවත් පාණිතල දහයක් පිළිබඳව මෙසේ විස්තර කර ඇත. 1. අත්ල ස්පර්ශ කළවිට උණුසුම් ගතියක් දැනීම. 2. සූර්යයා උදාවීමට පළමු අහස් තලයෙහි දක්නට ලැබෙන රක්ත වර්ණයට සමාන වර්ණයක් අත්ලෙහි දිස්වීම. 3. අතේ ඇඟිලි එක්කළ විට සිදුරු නොමැතිව එකට එකතු වී තිබීම. 4. අත්තලය තෙල් ගැල්වූ කලෙක මෙන් මනාව ඔපවත්ව මෘදුව පිහිටීම. 5. මසින් පිරුණු ඝනකම සහිත වූ අත්තලයක් වීම. 6. මධ්යම ප්‍රමාණයේ අත්තලය විශාලවම පිහිටීම. 7. නියපොතු තඹවන් පැහැය වීම. 8. ඇඟිලි දික් සහිත වීම. 9. අත්තලය හෙවත් අල්ල දිගට වඩා පළල්ව පිහිටීම. මේ හැර අත්ල සමතලාව, මසින් පිරුණු, උඩට නෙරා ඇති අත්ලෙන් ත්‍යාගශීලී භාවයත් ධනවත් භාවයත් මනාව ප්රකට කෙරේ. වළ ගැසී ඇති අත්ලෙන් මවුපිය උරුම අහිමිවීමත් වඩාත් ගැඹුරට වළ ගැසී ඇති අත්ලෙන් දිළිඳු භාවයත් ප්රකට කෙරෙන බව සාමුද්රක ශාස්ත්‍රයේ සඳහන් කර ඇත. එමෙන්ම දියුණු මනසකට හා සංවේදී ජීවන චරිතයකට හිමිකම් කියන අයට හතරැස් හැඩයකින් යුත් අත්ලක් පිහිටයි. ඔවුන් සිතන්නේත් කතා කරන්නේත් තර්කානුකූලවයි. නීතිඥ වෘත්තියේ යෙදී සිටින අයට බොහෝවිට මෙවැනි පිහිටීම් තිබිය හැකිය. පැහැපත් සමකින් හා මෘදු මාංසපේශීන්ගෙන් යුත් අත්ල හිමියා කලාකාමියෙකි. කෝණාකාර හැඩයක් ගන්නා අත්ලෙන් බුද්ධිමත් අයකු හඳුනාගත හැකිය. බුද්ධි හීන. පුද්ගලයාගේ සම ගොරෝසු බවක් පෙන්වයි. රේඛා දෙක තුනක් පමණක් පිහිටීමත්, ශීර්ෂ රේඛාව කෙටි වීමක්ද එවැනි අත්ලක දැකිය හැකිය. සියුම් වැඩවලට දක්ෂ අයගේ අත්ල කුඩාය. මසින් පිරි වියළි ගතියෙන් යුත් අත්ල හිමියා වාසනාවන්තය. දැඩි ආත්ම ශක්තියකින් යුතුව ඕනෑම බරපතළ කාර්යයකට වුවද අත ගසන ඔවුන් එය නිම කිරීමෙන් ඉමහත් සතුටක් ලබයි. දක්ෂ පාලකයන්ටද එවැනි ඇතුල්තල පිහිටයි. හැමවිටම දහදිය දමනසුලු අල්ලක් ඇති අයද අප අතර සිටිති. රක්තපාතය, ස්නායු දුර්වලත්වය වැනි අසනීප එවැනි අයට තිබිය හැකිය. ළා රෝස පාට අත්ල වඩාත් සුබපල දෙන පිහිටීමකි. අත්ල කළුපාට හෝ දුඹුරු පැහැවීම අසුබයි. දුක්බර දිවියක් එමඟින් පෙන්නුම් කරයි. මෘදු ගතියෙන් යුත් රතු පැහැති පැහැදිලි අත්ලක් පිහිටන්නේ සුපින්වත් ලලනාවන්ටය. බොළඳ සිතිවිලි හා ආචාරශීලී හැසිරීම් විලාසයක් ඇති ඇය සැබැවින්ම කාරුණිකය. දේහ ලක්ෂණ විද්‍යා පොත්වල සඳහන් පරිදි රතු පැහැති හෝ තඹ පැහැති ගතිය ස්ත්‍රීන්ගේ අත්වල තිබීමද ඉතාමත් සුබයි. ජීවිතයේ උපරිම වින්දනය, තෘප්තිය ලබාගැනීමේ වාසනාව හිමි එවැනි අය යහපත් චරිත ඇත්තියෝද වෙති. අත්ල තද කහ පැහැයෙන් යුක්ත වූයේ නම් හෙතෙම පිත්තාධික ශරීරයක් ඇත්තාවූද එමෙන්ම කාමුක අභෝභන සිතිවිලිවලින් යුක්ත වූ අයෙක්ද වේ. අත්ල සුදු පැහැයෙන් යුක්ත වීමද අසුබය. සමාජයෙන් අෑත්ව සිටීමට මොවුහු හැමවිටම උත්සාහ කරති. අත්ල කළු පැහැයෙන් යුක්ත අයෙක් නම් හේ ආත්මාර්ථකාමී අයෙක් විය හැකිය. අත්ල රක්ත වර්ණයෙන් යුක්ත වී නම් වස්තු සම්පත් නොඅඩුව ලබන්නෙක් වන අතර අත්ල නිල්වන් පැහැයෙන් යුක්ත වූයේ නම් හේ මත්ද්‍රව්ය නිසා ජීවිතය මෙන්ම තම වස්තුවද විනාශ කරගන්නකු වේ. දූපතක සලකුණක් අත්ලේ රේඛාවක් මත හෝ ග්රහ මණ්ඩලයක් මත සලකුණු වී ඇත්නම් අසුබය. ජීවන රේඛාව මත මෙම දූපත් සලකුණ පෙන්නුම් කරයි නම් ශරීරයේ කොතැනක හෝ ඇතිවන ආබාධයක් එමඟින් පෙන්නුම් කරයි. මේ අයුරින් ශීර්ෂ රේඛාවේ දූපතක සලකුණු වේ නම් ශීර්ෂා බාධාද හෘදය රේඛාවේ නම් හෘදය ආශ්‍රිත රෝගද ප්රකට කෙරේ. හෘදය රේඛාවේ රවි මණ්ඩලය යටදී දූපත් සලකුණ වැටී ඇත්නම් ඇස්වල රෝග ඇතිවිය හැකි අතර වම් අතේ එම සලකුණෙන් දකුණු ඇසේද, දකුණු අතේ එම දූපත් ලකුණින් වම් ඇසේද රෝග ඇතිවිය හැකිය. දෛව රේඛාවේ දූපත් ලකුණක් වී නම් ආදායම් තත්ත්වයේ පහත වැටීමක් පෙන්නුම් කරන අතර එය රවි රේඛාවේ හෙවත් කීර්ති රේඛාවේ නම් තම ආත්ම ගරුත්වයට කැළැලක් වන බවද පෙන්නුම් කෙරේ. කවයකට සමාන සලකුණක් අත්ලේ කුමන තැනක පිහිටියත් එයද අවාසනාවන්තය. නෙළුමක පැහැයෙන් යුතු රත් පැහැති රේඛා සහ නොකැඩුණු දිගැති රේඛා පිහිටීම ධනය හා වාසනාව පෙන්නුම් කරයි. රේඛා කාලවර්ණ වීම, ප්‍රධාන රේඛා මැකී යෑම අවාසනාවන්තය. එය දිළිඳු වීමේ ලක්ෂණයකි. ස්ත්‍රියකගේ අත්ලේ මාළුවකුගේ රුවක් හෝ නෙළුම් මලක සටහනක් පිහිටියේ නම් ඉතා වාසනාවන්තය. එය පිරිමි දරුපල ලැබීමටද හේතුවක් වේ. පිරිමියකුගේ අත්ලෙහි නෙළුම් මල්, මත්ස්ය, කොඩි, පුන්කලස්, සේසත්, වටාපත්, වී ඇට ලකුණු, අශ්ව රූප, අලි රූප ආදී ලක්ෂණ පිහිටියේ නම් රජවීමට තරම් වාසනාවක් බව ශ්‍රී කේශව බ්‍රාහ්මණ පඩිවරයා විසින් ලියා ඇති ග්‍රන්ථයක සඳහන්ය. අත්ලේ උපන් ලපයක් පිහිටන්නේ ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන් වෙතය. දකුණු අත්ලේ තල කැළැලක් පිහිටීම පිරිමියකුට සුදුසු නොවේ. තම වස්තුව විනාශ වන බව එමඟින් පෙන්නුම් කරයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk