Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දිළින්දාත් රජගෙට යවන වාස්තු විද්‍යාව

1 year ago 7 Min read
Subha.lk

අපි තෝරා ගනිමු වාස්තු විද්යාවේ විද්යාත්මක පැතිකඩ. මේ ලිපි මාලාවේ ප්රධාන අරමුණ එය. මුලින්ම හදුනාගන්න ඕනි ඔයාව. ඔයා කවුද ඔයා සොබාදහමේ නිර්මාණයක්. ඔයාට පණ තිබෙනවා. දැනට ලොව සිටින බුද්ධිමත් සත්ත්වයා කිව්වොත් නිවැරදියි. ඉතින් ඔයාගේ මේ ශරීරය පවත්වාගෙන යන්න මොනාවාද අවශ්ය. හොඳ වාතය, ජලය, ස්වාභාවික ශක්තිමත් ආහාර, හිරුඑළිය මේ දේවල් තමා ඔයාව ජීවත් කරවන්නේ. එතකොට ඔයාට ජීවිතේ ගොඩක් හීන තියෙනවා නේද? ඒවා සැබෑකර ගන්න තමයි අපි හැමෝගෙම උත්සාහය. ඒ හීනවලට යන්න නම් ශක්තිමත් හිතක් තියෙන්න ඕනි. එතකොට ඒ ශරීරය තුළ නිරෝගී බව නැතිනම් අපේ හිත දුර්වලයි. ඉතින් මේ ශරීරය වර්තමානයේ ජනාකීර්ණ වුණු නිසා නිවෙසක් ඇතුළට කොටු වුණා. ඒ වගේම සොබාදහමේ අපට දුන්නු වර්ගයා බෝ කිරීමට අපි නීති දමාගෙන විවාහය, දරුවන් මේ වගේ නොයෙකුත් හීන වර්තමානයේ හදාගෙන. මේ හීනවලට යන්න නම් ඔයා ශක්තිමත් වෙන්න ඕනි. ඒකට ඔයා අනිවාර්යයෙන් ඔයාගේ නිවෙස තුළට සොබාදහමේ ශක්තිය ගන්න ඕනි. මිනිසා නිවාසයක් මූලික අවශ්‍යතාවක් කරගත්තේ අනෙක් අයට වඩා ඉහළින් ඉන්න, පරෙස්සම් වෙන්න. ඉතින් ඒ ලෞකික සැප විඳින්න නම් ශරීරය නිරෝගී වෙන්න ඕනි. අන්න ඒ සැප විඳින්න අපේ පැරැන්නන් සොබාදහමේ හැසිරීම නිවෙස තුළට එකතු කළා. ගොඩක් ඉන්දියානු ඝෘෂිවරයන් වහන්සේලා විසින් මේ කරුණු පොත්වල සටහන් කරලා තියෙනවා. ඒ දේවල් ලංකාවේ ප්‍රචලිත වෙලා අපේම ගෘහනිර්මාණ කලාවක් බිහිවුණා. ඉතින් මේකට ජේ‍යාතිෂයත් එකතු වෙලා රට තුළ විවිධ ආකාරයෙන් නිවාසවලට සොබාදහම ගළපනවා. මේ අනුව නිවාස සැලසුම් අඳිනවා, ඒවාහි මිනිස්සු සතුටින් ජීවත්වෙනවා. මම කලින් කිව්වා වගේම අපි දැන් හරිම කාර්යබහුලයි. ඒකට ශරීරය මෙහෙයවන්න, ශරීරය නිරෝගී කරන්න ඕනි. නිවෙස ඇතුළත දහඩිය දානවා නම් අඩුපාඩුව සුළඟ. ශරීරය දුර්වල නම් නිවෙස ඇතුළ අදුරුයි. මොකද හිරුඑළිය ශරීරයට වැටෙද්දී විටමින් වර්ග නිපදවෙනවා. පෘථිවියේ විද්‍යුත් චුම්බක ශක්තිය, ජලය හැසිරීම, වර්ෂාව, මෝසම් සුළඟ ආදී මේ හැමදෙයක්ම නිවෙස තුළ දිශාවන්වලට වෙන්කරලා දක්වලා තියෙන්නේ මේ වාස්තු විද්‍යාව තුළ. උදාහරණයක් විදියට අපි අහලා තියෙනවා වාස්තුවල ඊසාන දිශාව තමා පූජනීය දිශාව කියලා. ඒ ඇයි ඔයා හිතන්න අපේ පෘථිවිය ඇලය සමඟ තමා භ්රමණය වන්නේ. එතකොට හිරුට මුලින්ම නිරාවරණය වෙන්නේ ඊසාන දිශාව. ඒ කියන්නේ උදෑසන උපරිමව ශක්තිමත් හිරු එළියක් නිවෙස තුළට එනවා. ඒ ලැබෙන විටමින් වර්ග සුළඟ නිවෙස තුළට ගන්න නිතරම නිවෙසක ඊසාන දිශාව වාස්තු විද්‍යාවට අනුව නිදහසේ තියෙන්න ඕනි. ඒ වගේම නැඟෙනහිර සහ උතුරු දිශාවත් ඒ වගේ. මේ දිශාවන්වලට නොයෙකුත් අංග වාස්තු විද්‍යාව තුළ ගළපලා තියෙනවා. ඒවා ගැන ඉදිරි ලිපිවලින් කියන්න බලාපොරොත්තු වෙනවා. මේ ලිපියෙන් ජීවිතය ජය ගන්න වාස්තු විද්‍යාත්මක කරුණු වැදගත් බව ඔයාට තහවුරු වෙන්න ඇති. ඇස, කන, නාසය, දිව, ශරීරය යන මේ සියල්ලටම නිරෝගී බව අවශ්‍යයි. එම නිරෝගී ශරීරයක තිබෙන සිත ශක්තිමත් ලෞකික ජීවිතයට ඇති අභියෝග ජයගන්න. වාස්තුවේ විද්‍යාව පිහිට වෙන්නේ ඔයාව දිළින්දාගේ ඉඳලා රජෙක් කරන්න. හිතට අලුත් බලාපොරොත්තු ගෙනෙන්න. ලෞකික සැප උපරිම විඳින්න. ඔයා දිගටම මේ ලිපි මාලාව එක්ක එකතුවෙලා ඉන්න ඔයාට ජීවිතය ජය ගන්න පුළුවන් වේවි. ඒ අතරම සිත ශක්තිමත් නම් මේ දේවල් වැඩක් නෑ කියලා ඔයාගෙ හිතේ දැන් තර්කයක් ගොඩනැඟිලා ඇති. ඔයා දන්නවද ඒක ඇත්තක්. ඒ ඇත්ත වලංගු වෙන්නේ අත්හැරීම්වලට, ලෝකෝත්තර සරල ජීවිතයට. එවැනි ජීවිතයකට සමාජයට පේන්න වැඩ කරන්න ඕනි නැහැ. නමුත් සැප විඳින්න නම් ඔයාගේ ශරීරය, ඔයා නිතරම නිරෝගී වෙන්නම ඕනි. එයට ඔයාව නිර්මාණය කරපු සොබාදහම ඔයා හැංගිලා ඉන්න නිවෙසට ගන්න ඕනි. ඒකට සහාය වෙන්නේ මේ වාස්තු විද්‍යාවයි. ඉදිරියේදී අපි කතා කරමු වාස්තු විද්‍යාවේ පුරාණ කතාව සහ විද්‍යාත්මක පැතිකඩ ගැන.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk