Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කාල සර්ප යෝගය තියෙන කේන්දර අවාසනාවන්තයිද?

1 year ago 7 Min read
Subha.lk

පැත්තක් පාළුවෙච්ච කේන්දරේ අවාසනාවන්තයි… ඔය වගේ කේන්දර මංගල්ලවලට නම් එපා! එවැනි කතා ඔබත් අසා ඇති. කුමක්ද මේ පටලැවිල්ල. විවාහයේදී කේන්දර බොහෝ විට ප්රතික්ෂේප වන්නේ කාලසර්ප යෝගය මුල්කරගෙනය. අවාසනාවන්ත යැයි සම්මත කාලසර්ප යෝගය ජන්ම පත්රයක යෙදෙන්නේ කෙසේද? රාහු – කේතු යන ග්‍රහයන් දෙදෙනාට මැදිව එක් පැත්තක පමණක් ග්‍රහයන් යෝග වීම කාලසර්ප යෝගයයි. රාහු – කේතු දෙදෙනාගෙන් අනෙක් පැත්ත හිස්ව පිහිටීම මෙම ලක්‍ෂණයේ කැපී පෙනීමකි. සියලුම ග්‍රහයන් රාහු – කේතු මැදිකර පිහිටියද මෙහි අවස්ථා දොළසක් විවිධ අයුරින් අර්ථ සපයමින් නිරූපණය වෙයි. මේ පිළිබඳව කිසිදු යහපතක් ලියැවී නොමැතියද එය සෙවීම ජන්මපතේ පිහිටීම අනුව කළ යුත්තකි. බොහෝ විට කාලසර්ප යෝගයෙන් සිදුවී ඇත්තේ විවාහ ජීවිත අසාර්ථක වීමය. කාලසර්ප යෝගය සහිත ජන්ම පත්ර රාහු කොටු දොළසට යෝග වන ආකාරය අනුව වෙනස් වෙයි. එය නිවැරැදිව හඳුනාගැනීම තම දුර්වලතා අවම කර ගැනීමට මඟකි. අනන්ත කාලසර්ප යෝගය රාහු ලග්නයේත් කේතු හත්වැන්නේත් පිහිටීම මත උදාවෙයි. දියුණුවට බාධක පරාජිත උරුමයක් හිමිවීම මෙහි ලක්‍ෂණයකි. විවාහයට සුබ නැත. මැදි වයස අභාග්ය සම්පන්න වෙයි. කුලීන කාලසර්ප යෝගය රාහු දෙවැන්න කේතු අටවැන්න වැනි ස්ථාන හිමිකර ගැනීම මත උදාවෙයි. දරුපල ප්‍රමාද වෙයි. දුෂ්කරතා, ගැටලු, අවමාන ආදියට ජන්මියා ගොදුරු වෙයි. රාහු තුන්වැන්නට සහ කේතු නව වැන්නට ගොනුවීම වාසුකී කාලසර්ප යෝගයයි. ආර්ථික දුෂ්කරතා මත විවාහය සහ පරම්පරාව පවත්වාගෙන යෑමේ ගැටලු උදාකරවයි. මවුපියන්ට අපල ඇති වන්නේ රාහු හතරට සහ කේතු දස වැන්නට උරුමකම් පෙන්වීමෙනි. ශංඛපාල කාලසර්ප යෝගය වන මෙහි ප්‍රතිඵලය ගෙදර‍ෙදාර කටයුතු දුර්වල වීමය. පාද කාලසර්ප යෝගය රාහු පස් වැන්නේ කේතු එකොළොස් වැන්නේ යෙදීම මත උදාවෙයි. දරුපල, අධ්‍යාපනය දුර්වල වෙයි. ශරීර සෞඛ්යයට, හිත මිත්‍රකම් පැවැත්වීමට ගැටලු මතු කරවයි. මහා පාද කාලසර්ප යෝගය රාහු හයවැන්නේ සහ කේතු දොළොස් වැන්නේ පිහිටීම මත නිරූපිතයි. දුර්වල සෞඛ්ය සහ වෘත්තීය විරුද්ධවාදීන් ඇතිවීම මෙහි ස්වභාවයයි. රාහු හත්වැන්න සහ කේතු ලග්නගත වීම තාක්‍ෂිකී කාලසර්ප යෝගයයි. මිල මුදල් ප්‍රශ්න, ව්‍යාපාර අර්බුද, විරුද්ධ ලිංගිකයන් නිසා සමාජමය පීඩන ගොනුවෙයි. රාහු අටවැන්න, කේතු දෙවැන්න උරුමකර ගැනීම, අවාසනාව, පරාජිත විවාහය උරුම කර දෙන අනාථ කාලසර්ප යෝගයයි. සහකරු හෝ සහකාරිය තමන් අත්හැර යෑම පරාජිත විවාහයේ උරුමයයි. ශංකවුඩ කාලසර්ප යෝගය: රාහු නව වැන්නේ පහ කේත් තුන් වැන්නේ බලය රකිමින් ජන්මියාට උසස් පුද්ගලයන් සමඟ ගැටුම් සමඟ පරාජිත අත්දැකීම් ලබාදෙයි. පිය පක්‍ෂයේ දුරස්වීම සමාජයේ විවේචන මෙම යෝගයට උරුම වෙයි. විද්ධා කාලසර්ප යෝගය, රාහු දස වැන්නටත් කේතු හතර වැන්නටත් යෝග වෙමින් අපේක්‍ෂා භංගත්වය, ව්‍යාපාර බිඳවැටීම ආදියෙන් ජන්මියා පෙළීමකි. විශ්ධාර කාල සර්ප යෝගය, යෙදෙන්නේ රාහු එකොළහට සහ කේතු පස් වැන්නට බලය සපයමිනි. මිල මුදල් ප්‍රශ්න අනවශ්ය වියදම් ඇතිවීම බලවත්ය. යෝගය ඇත්තා දැඩි මසුරෙකි. උපන් ගමෙන් ඇත්වීම, උසස් උදවිය සමඟ ගැටලු ඇතිකර ගැනීම මෙහි අනෙකුත් ලක්‍ෂණයන්ය. ෂේස්නාග කාලසර්ප යෝගය, රාහු දොළොස්වැන්න සහ කේතු හයවැන්න උරුම කරවමින් උදාවෙයි. ආරවුල්, කරදර, නඩුහබ ප්‍රධානයි. ජන්මියා නොගැළපෙන ඇසුරට යොමුවීම, සුරාසූදුවට ලොල්වීම අනිටු විපාකයන්ය. මෙහි බලපෑම මහ දසා සහ අතුරු දසා තුළ ජන්මියාට නොඅඩුවම අත්විඳීමට සිදුවෙයි. රාහු සම්බන්ධ වන මහ දශාව හෝ රාහු යෙදෙන අතුරු දශාවක මනස දුර්වල වීම. හදිසි කටයුතුවලින් මනස විකල් වීම, නඩුහබ, වියදම් ආදියෙන් ජන්මියා පීඩාවට පත් කරවයි. කේතු දශාවක හෝ කේතු අතුරු දශාවක නම් ජන්මියාට දුක් දෙවන රෝගාබාධයක් නිතැතින්ම උරුම වෙයි. දුක් විඳින, විඳවන රෝගියකු මනසින් දුර්වල වන්නා සේම කායික හා බාහිර පෙනුමද දුර්වල වෙයි. පිරිසුදුකම් සහ පියකරු බව පිළිබඳ හැඟීමක් නැත. පුරුෂයෙක් නම් ස්ත්‍රීන් සම්බන්ධයෙන් දෝෂාරෝපණයන්, කීර්තිනාමයට හානිවීම් ඇතිවෙයි. ස්ත්‍රියක් නම් චරිතය කෙලෙසෙන අසම්මත ක්‍රියාවන් නිසා පීඩා වෙයි. වැඩිමහල් පිරිමියකු හට මෙම කාලසර්ප යෝගයේ කේතු දශා හෝ අතුරු දශාවක නම් නාකි මනමාලයා නමින් අන්වර්ථ නාමයක් යෙදෙන්නටද ඉඩකඩ බොහෝය. කාලසර්ප යෝගය ජන්මියකුට බලපාන කාලසීමාව පැරැණි ජේ‍යාතිෂ පොතපතෙහි සඳහන්ය. රාහු ලග්නයේ හෝ හත්වැන්නේ වීම කාල සර්ප යෝගය යෙදෙන්නාට එය වසර විසිහතක් බලපායි. රාහු දෙවැන්නේ හෝ අටවැන්නේ නම් වර්ෂ තිස්තුනක්ද, රාහු තුන්වැන්නේ හෝ නව වැන්නේ නම් වර්ෂ තිස් හයක්ද අයහපත් ප්‍රතිඵල උදාකරවයි. රාහු හතර හෝ දහය නම් වසර හතළිස් දෙකක්ද රාහු පහ හෝ එකොළහ නම් වසර හතළිස් අටක්ද රාහු හය හෝ දොළහ නම් වසර පනස් හතර දක්වාද ජන්මියාට අයහපත ගෙනදෙයි. ඔබටද කාලසර්ප යෝගය උදාවී තිබේනම් එය බියවිය යුතු කරුණක් නොවේ. ජේ‍යාතිෂයේ සෑම යෝගයකම අයහපත දුරුවන පිළිවෙත් ජේ‍යාතිෂ න්‍යායනට අනුගතව හඳුනාගත හැකිය. පළමුව කාලසර්ප යෝගය නිසිව හඳුනා ගැනීම යහපත්ය. එවිට දොස් දුරුකර ගැනීම තුළ ලැබෙන සහනය බලවත්ය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk