Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලංකාවට ලක්ෂ්මිය වඩින්නේ නැතිද?

1 year ago 7 Min read
Subha.lk

වසර ගණනක් පුරා අප රට මහා විපත්වලට ලක්වෙමින් පණ අදිමින් ඉදිරියට යන රටක් බවට පත්ව තිබේ. මේවාට වසර ගණන් පුරා විසඳුම් සෙව්වත් මෙම ප්රබල කඩාවැටීම් සක්කරයටවත් නවතා ගන්නට බැරි වීම පුදුම සහගතය. එක වේලක් හෝ කෑමක් නැතිව පණ අදින ජනතාව ලංකාව පුරා සිටී. පාසල් ළමයින් දරුණු මන්දපෝෂණයෙන් පෙළෙයි. මේ අතර දේවාල සියල්ල වැසෙමින් යන්නේ දෙවියන් පිළිබඳවද මිනිසුන් තුළ ඇති භක්තිය හා විශ්වාසය නොමැති බැවිනි. නමුත් මේ සියල්ල පසුපස ඔබ නොදන්නා මහා විශ්ව සත්‍යයක් තිබේ. වගා පාළුවීමේ සිට මුළු පරිසර පද්ධතියම ඇනහිටීමට ප්රබලතම හේතුව අපගේ නරක පුරුදු හා නොසැලකිලිමත්කමය. මුතුන් මිත්තන් ගිය මඟ අප අමතක කොට ඇත. නවීන තාක්ෂණයට සියල්ලම භාරදී කම්මැළි ජාතියක් ලෙස සිටි අපට එලොව පොල් පෙනුණේ මෙලොව පොල් ගෙඩියද රුපියල් සියයක් වූ විටය. ගොවීන් වගා නොකළොත් ධාන්ය ලක්ෂ්මිය නැතිවෙනවා. සහලින් ස්වයංපෝෂිත රටක්, ආහාරයෙන් ස්වයංපෝෂිත රටක් ලක්ෂ්මියගේ වාසභූමියයි. හොඳයි දැන් අපි බලමු පවුලක් විධියට අපේ නිවෙසට සෞභාග්ය හා ලක්ෂ්මිය කැඳවාගන්න ආකාරය. සිතුවිලි පිරිසුදු වුණයින් පසුව අපි ගේදාරවත්ත පිරිසුදුව තබාගත යුතුයි. නිවෙසේ නඩත්තු කටයුතු හැකි ආකාරයට කරගත යුතුයි. මකුළුදැල් බැඳපු අපිරිසුදු අදුරු තැනක කවදාවත් ලක්ෂ්මිය රැඳෙන් නැහැ. මොකද මම මුලින් කීව වගේ ආලෝකය, පිරිසුදුකම තමයි ලක්ෂ්මිය ප්‍රිය කරන්නෙ. පිත්තල භාණ්ඩ හොඳින් දිදුලන ආකාරයෙන් පිරිසුදු කර නිවෙසේ තැබීම අනිවාර්ය කාරණයක්. ප්‍රධාන උළුවස්ස තමයි අපේ මුහුණ වගේ ගෙදරක ස්වභාවය තීරණය කරන්නෙ. බලන්න දමිළ නිවෙස්වල ප්‍රධාන දොර උළුවස්ස මොනතරම් විචිත්ර විධියට සරසනවද කියලා. ප්‍රධාන දොරට ඉහළින් නිවෙස තුළ බලාගෙන සිටින ආකාරයට ලක්ෂ්මි රූපයක් තැබීම යහපත්. කහ කැබැල්ලක්, කැකුළු හාල් හා කාසි 8ක් කහ රෙදි කඩක ඔතා උළුවස්ස මත තැබීම නිවෙසට සෞභාග්ය ගෙන එනවා. ඊළඟට කුස්සිය හා ළිප. මේ තමයි නිවෙසේ හදවත. කාන්තාවක් උදෑසන අවදිවී පිරිසුදු වී කුස්සියේ වැඩ කරන්න කලින් ලක්ෂ්මි මෑණියන්ගෙ රූපයක් දිහා බලලා වන්දනා කරල ගෙදර වැඩ පටන් ගන්න ඕනි. මොකද ගෙදරක ගෘහණිය ලක්ෂ්මිය විය යුතුමයි. මූ දේවියක් නොවිය යුතුයි. නිවෙසක කාන්තාව තමයි ඒ පවුලේ පහන, ආලෝකය. ආහාර පිසීමේ සිට සියලු කාර්යන් නිර්මාණශීලීව කිරීමට කාන්තාවක් දක්ෂ වෙනවා නම් ඒ පවුලට ලක්ෂ්මිය පැමිණීම කාටවත් නවත්වන්න බැහැ විශේෂ දෙයක් තමයි සිකුරාදා දවසේ නිවෙස තුළ ලක්ෂ්මි මෑණියෝ වෙනුවෙන් ගිතෙල් පහනක් සිකුරු හෝරාවේදී දල්වන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නොකැඩුණු කැකුළු හාල් මත මැටි පහනක් මේ ආකාරයෙන් දල්වලා ඒකට කාසියක් දාන්න. එදා දවස ගෙදර සාම්බ්‍රානි අල්ලා පිරිසුදුව තියාගන්න. තවත් එක ක්‍රමයක් තමයි විනිවිද පෙනෙන වීදුරුවකට ලුණු කැට පුරවල ඒකට කරාබු නැටි 4ක් දාලා නිවෙසේ නිරිත දිශාවෙන් තබන එක. මේක දියවෙලා අපවිත්ර වෙනවා නම් නැවතත් එය කළ යුතුයි. මේ දෙය නිවෙසේ අගහිඟකම් දුරුවෙන්න, ලක්ෂ්මියගේ ආශීර්වාදය ලැබෙන්න කරන්න පුළුවන් දෙයක්. ගෙවත්තේ සුවඳවත් මල් සහිත ගස් හිටවන්න.බෙලි ගහක් ගෙදරක තියෙනවා නම් ඒක වාසනාවේ සංකේතයක්. මොකද ලක්ෂ්මිය විමානය කරගෙන සිටින්නෙ බෙලි වෘක්ෂය නිසා. ලක්ෂ්මි කියන්නෙ ධන ධාන්ය පමණක්ද? නැහැ. ඔබගෙ මව ඔබට ලක්ෂ්මි. පියා ඔබට ලක්ෂ්මි. ගුරුවරයා ලක්ෂ්මි. දෙවියන් ලක්ෂ්මි. ස්වාමියා ඔබට ලක්ෂ්මි. බිරිය ඔබට ලක්ෂ්මි. දරුවන් ඔබට ලක්ෂ්මි. ඒවාගේම ආලෝකය කියන්නෙ ලක්ෂ්මි. මොනවගේ ආලෝකයද, ගෙදරක දල්වන පහනේ ආලෝකය ලක්ෂ්මි. රන්, රිදී, මුතු, මැණික් සියල්ල ලක්ෂ්මි. අපි මේවාට නිසි ගෞරවය දක්වනවා නම් මේ ලක්ෂ්මි අපට කැඳවාගන්න අපහසු නැහැ. ඔබේ දැනුම ලක්ෂ්මිය කරගන්න නම් ඔබ ඒ දැනුමට ගෞරව කළ යුතුයි. අපි ඒ දැනුමෙන් පෝෂණය වෙනවාද ඒ දැනුමෙන් විනාශ වෙනවාද කියන එක තීරණය වෙන්නෙ ඒ දැනුමට කරන ගෞරවය මත. ආධ්‍යාත්මික ගමනකට ගියත් අපේ යැපීමට සඳහා ආහාර, වස්ත්ර, බෙහෙත් හේත් වගේ දේවල් අත්‍යවශ්‍යයි. එහෙනම් ලෞකික ජීවිතයක් ගත කරන ඔබ නිරෝගීව ජීවත් වෙන්න නම් යහපත් දැනුමක් අවශ්‍යයි. ගෙදරක නැහැ, බැහැ කියන වචන ඒ ගෙදර යට ලීයට ඇහෙන්න කියන්න එපා කියලා අපේ පැරැන්නෝ භාවිත කළ කියමනක් තියෙනවා. අපේ සිතුවිලි ධාරාව සෞඛ්ය සම්පන්න නොවන තාක් අපි ගෙදරකට සෞඛ්ය උදාකරගන්න දරන උත්සාහය නිෂ්ඵලයි. අපි හොඳට මතක තියාගන්න ඕනි සුවඳවත් මල්වලට මීමැස්සා ඇදිල යනවා වගේම දුගඳ හමන තැනට නිලමැස්සා ඇදී යන බව. අපි නිතරම හොඳ සිතුවිලි හිතන්න හිතන්න ඒ අවට පරිසරය පවා ප්‍රසන්න වෙනවා. මේක ටිකක් ආධ්‍යාත්මික කතාවක්. නමුත් මේ පුද පූජාවලින් පමණක් කවදාවත් ලක්ෂ්මිය අපට කැඳවාගන්න බැරි බව තේරුම් ගන්න ඕනි. අපේ පැරැන්නෝ ඇත්තටම හිත්වලින් පොහොසත්. බත් මුට්ටිය ළිපේ තියලා ඒකට වන්දනා කළා. ඇළට දොළට අපවිත්ර දේ නොදා ඒවාගේ සුන්දර බව විඳින ගමන් ඒවාගේ ගෞරවය ආරක්ෂා කළාඅද විශේෂයෙන් කාගේවත් ගෞරවය නොලබන කුඹුරු එදා අපේ මිනිස්සු දැක්කෙ පන්සල් වගේ. පූජා භූමි වගේම වැඩිහිටියාට, ගුරුවරයාට, නෑදෑ හිතවතුන්ට ගෞරව කළා. තමන්ගේ මුතුන් මිත්තන්ට ගෞරව කළා. ඉරට, හඳට, ගෞරව කළා. යහපත් දේ ආරක්ෂා කරගත්තා. නිතර සිනාවෙන් සංග්රහ කළා.ආදරයෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් සිතුවිලි පොහොසත් වුණා. අද හැමෝටම බැන බැන හැමෝගෙම අගුණ දකින හීන දීන ජාතියක් බිහිවෙලා. අපේ සිතුවිලි අද මූ දේවිය අරක් අරගෙන ඉවරයි. ශ්‍රී දේවිය පෑළ දොරින් පිටව ගිහින්. මේ මොහොතෙම අපි ආපහු හැරුණේ නැත්නම් මේ රට ජාතිය විනාශවෙන එක නවත්වනවා කියන එක නම් සිහිනයක්. ආත්මාර්ථකාමීව තමන්ටත් පවුලටත් විතරක් සෞඛ්ය උදාකරගන්න ඔබ කොච්චර සම්මන්ත්රණවලට, පූජාවලට ගිහින් තියෙනවද? ඒ කියපු විවිධ ක්රම අත්හදා බැලුවද? හිතන්න ජාතියක් රටක් විදිහට කෝ ලක්ෂ්මි. මම කියන්නෙ පූජා නොකරන්න කියල නෙවෙ. නමුත් බුද්ධිමත්ව හිතන්න. මේක ශාපයක්. කාගෙවත් ශාපයක් නෙවෙයි ඔබ ඔබටම කරගත්ත ශාපයක්. විශ්වාසවන්ත සුබවාදී සිතුවිලි නොමැතිව පුද පූජා නිෂ්ඵලයි. පාලකයන්ගේ වැරදි නැතිව නොවේ. නමුත් පාලකයාගේ සිතත් අපේ සිතත් කිසිම වෙනසක් නැහැ. මගේ පවුල මගේ සැප පමණක් සිතන්න පටන් ගත්ත දා පටන් අපි දිළිදු වීම ආරම්භ වුණා. ඔබට විතරක් ලක්ෂ්මි උදාවුණාම ඇතිද. ඔබට ලක්ෂ්මි හිටියට වැඩක් නැහැ. කන්න ආහාර ටික රටේ නැත්නම්, අඳින්න ඇදුම් ටික රටේ නැත්නම්. දරුවට නිසි අධ්‍යාපනයක් රටේ නැත්නම්. මේ ටික ඔබට වෙනස් කරගන්න පුළුවන් නම් ධනවත් සිතුවිලිවලින් ඔබ පොහොසත්. ඔබේ දරුවන් ධනවත් සිතුවිලිවලින් පෝෂණය වේවි. දුර්ගන්ධයට දුර්ගන්ධය මිස සුගන්ධයක් කවදාවත් එක් වෙන්නෑ. ගැළපෙන්නෑ. ඒක අපි දැනගන්න ඕනි. රටක් විදිහට ගොඩනැඟෙන්න අවශ්ය නම් මෙන්න මේ ක්රමය ක්‍රියාත්මක කරල බලන්න. ලක්ෂ්මිය කැඳවන්න දමන අත්තිවාරම ඒක බව අපි අවබෝධ කරගන්න ඕනි. ලංකාවේ අද ඉන්න දේව ගැතිනියන් දේව ගැතිවරුන් සතු කාර්යය වෙන්නෙ මිනිසුන්ගේ හදවත්වලට නැවත ලක්ෂ්මිය වඩම්මවාගෙන එන එක කියල මම තදින් විශ්වාස කරනවා. ඔබේ වරම ඔබට ලැබුණේ මෙන්න මේ වියළී ගිය කාන්තාරය මහා වැස්සක් වගේ සරුසාර කරන්න. මුතුන් මිත්තන් ඇදහීම හා ගෞරව කිරීම ගෝත්‍රික ඇදහිල්ලක් කියල බැහැර කරන්න බැහැ. අපේ රටේ වැව් බැන්දෙ අපේ මුතුන් මිත්තෝ. ඔවුන් ජලය දුටුවේ ලක්ෂ්මිය විදිහට. වැව් පිටියෙ තනපු දේවාලෙ, ගමත් වැවත් රැක්ක දෙවියන්ට පුද සත්කාර කළේ පුදුම ගෞරවයකින්. නැවත මේ සංස්කෘතිය ලංකාවට ගෙන එන්න වරම් දුරුවන් සීමිත සංඛ්‍යාවක් විශ්වය විසින් තෝරගෙන තියෙනවා. කරුණාකරල ඔබත් ඒ ගොඩට එකතු වෙන්න. ආත්මාර්ථකාමී ජාතියක අවසාන පුරුක් නොවී ගෞරවනීය වංශයක නැවත ප්‍රාණය ආරක්ෂා කළ පූජනීය චරිත වෙන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk