Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සෙනසුරුට අයිති අංක අට දුක සැප ගෙනෙන හැටි

1 year ago 7 Min read
Subha.lk

අංක විද්යාව පිළිබඳ අවබෝධයක් ඇති හින්දු භක්තිකයන් බොහෝ දෙනකු අංක 8 කෙරෙහි දක්වනුයේ බලවත් අකමැත්තක් මෙන්ම බියමුසු බවකි. තම ජීවිතය සම්බන්ධ වනු ලබන කිසිදු ක්රියාවකට එම අංකය සම්බන්ධ කර නොගැනීමට ඇතැමකු සෘජුවම වගබලා ගනී. ව්යසනය, විනාශය, මාරකය, දු:ඛිත බව හෝ එහි තුළ ගැබ්වී තිබෙන පෙරළිකාර බව පිළිබඳ ලබා ඇති අවබෝධය නිසාම ඔවුන් එය මගහරින බව පෙනේ. එසේ වී නමුත් එම විශ්වාසය නිවැරදි මෙන්ම වැරදිද නොවන්නේය. 8 අංකය සෙනසුරුට අයත් යැයි කියැවේ. එසේම දුක ගෙනදීමට මූලිකව ක්රියාකෙරෙන බලයක් ඒ තුළ ගැබ්වී ඇති බව ද, බාධාකාරී බව කඩාකප්පල්වීම්වලට වැඩි බරක් ඇති බව ද බිඳවැටීම් හා ඵල රහිත බවට ද මෙම අංකය වඩාත් සාධක වනු ලබන බවට ද අංක විද්යාවට අනුව ප්රකාශිතය. දමිල භාෂාවෙන් එන්ශාස්ත්රම් පඩි යනුවෙන් දැක්වෙන්නේ අංක විද්යාව අනුව යන්නයි. ඒ අනුව යම් යම් කරුණු යම් යම් අවස්ථා තුළදී ඔවුනට ඔප්පු වී තිබීම නිසාම ඔවුන් ඒ ආකාරයෙන් සිතන බව පෙන්වයි. එසේම අංක අට තුළ ඉතා බලවත් බවක් කැටි වුණු විශ්මය දනවන හා විශ්වාසය ගොඩනැඟෙන මාහැගි බලයක් රැඳී ඇති බවක් ද පිළිබඳ විශ්වාසයක් ඒ තුළම රැඳී පවතින බවක් ද පෙන්වා දේ. ඕනෑම කරුණක් සම්බන්ධයෙන් අසීරුවෙන් නමුත් ජය ඉලක්ක කිරීමේ හා ජය ලැබීමේ බලය තිබෙන බව විශ්වාස කිරීමට ද සිදුවී ඇත. බුද්ධ දර්ශනය අනුව අෂ්ට ලෝක ධර්මය (අටලෝ දහම), අට මුල්කර පෙන්වයි. අෂ්ට ඵලය, අෂ්ට බෝධිය, ජය මංගල අෂ්ටකය, අට පිරිකර, අෂ්ටාංගික මාර්ගය යන කරුණු බුදු දහම තුළින් දැක්වෙනුයේ අට මුල්කොටගෙනය. බුද්ධ දර්ශනය අනුව අට අංකය තුළින් අපට වැදගත් වනු ලබන දෙයක් හඳුන්වා දේ. විශ්වනිර්මාණනීය බව තුළ ලෝකයේ පැවැතුම පිළිබඳ අට කොන, අට මුල්කොට නැඟෙනහිර, බටහිර, උතුර, දකුණ, ඊසාන, නිරිත, ගිනිකොන, වයඹ අට දිශාව හදුන්වා ඇත. අට කොන ගැන සදහන් වනවිට අෂ්ට බහිරවයන් දක්වන, ජයන්ත, කුසුම, සුමන, විතත, ආනන්ද, ආදිත්ය, ආතාල, පාතාල යනාදී වශයෙන් හඳුන්වනු ලබන අටකොන අධිපති බහිරවයන් පුදා අටකොන ආරක්ෂා කිරීම ද, යනුවෙන් වාස්තු විද්යාව තුලින් අපට දක්වනුයේද, අට අංකය මූලික කරවමිනි. මන්ත්ර ශාස්ත්රයේදී, වශීකර්ම, ආකර්ශන, විද්වේෂණ, පේෂණ, ස්ථම්භක, උච්චාටක, මාරනහා මෝහන, වශයෙන් අෂ්ටකර්මය දක්වා ඇත්තේද, අංක අට මූලික වන ලෙසය. කාව්යකරණයේදී භූමි, සුර, චන්ද්ර, චල, හිරු, ගිනි, වායු, අහස් යනුවෙන්ද, ජ, ර,ස, ත, ම, න, බ, ය වශයෙන් අෂ්ට ගණය දක්වනුයේද, අට අංකය ඉලක්ක කරවමිනි. ජ්යොතිෂයේදී කේන්ද්රයක අටවැන් ද, අෂ්ටම ඒරාෂ්ටකය ද මෙහිදී වැදගත් තැනෙක ලා සැලකෙනු ඇත්තේය. හින්දු දේව කතාවලදී ලක්ෂ්මී දේවතාවිය ගැන දැක්වීමේදී ලක්ෂ්මියගේ ස්වරූප (අවතාර) අට අට්ඨ ලක්ෂ්මී යනුවෙන් ද දක්වනු ඇත. එසේම යළිදු වාස්තු විද්යාව අනුව ගෘහ ක්ෂේත්ර ඵලය ගිනිමේදී, කොටළු, ධීවර, ශුනක, ගජ, සිංහ, වෘෂභ, ධෘම, කාක, වශයෙන් අෂ්ට යෝනිය පිළිබඳ දක්වයි. එයින්ද අංක අට මූලික කරවනු ලබයි. මෙසේම විවාහයන් පිළිබඳ දැක්වෙන විට බ්රහ්ම, වෛත, ආර්ෂී, ප්රචාපතී, ආසුර, ගාන්ධර්ව, රාක්ෂස, පෛශාච වශයෙන් (ඉන්දියානු පැවැත්ම තුළ) එය ද අටවැදෑරුම් කොට පෙන්වා ඇත. එසේම ජනවහරේදී ඕනෑ අටමගලක් වුණා වේ, යන්නද, අට පහ නොදන්නා කම ද (අටසිල්, පන්සිල්) පනම් අට ද නිතරම පාහේ වහරට යෙදෙනු ඇත. යළිදු ජ්යොතිෂයේදී නාඩි, රාශි, ගණ, රාශ්යධිපති, යෝනි, නක්ෂත්ර, වශ්ය, වර්ණ යනුවෙන් අෂ්ටකූඨය පොරොන්දම් පරීක්ෂාවේදී හඳුන්වා දේ. අට අංකය තුළ රැඳෙන බලවත් බව නිසාම අවබෝධයකින් හෝ අනවබෝධයෙන් හෝ එය ජීවිතය සම්බන්ධ බොහෝ වැදගත්ම දේවල් වලට සම්බන්ධ වනුයේ නිරායාසයෙනි. සනිගේ බලය විහිදුවන හා ශනිට අයත් යැයි සැලකෙන ගුණාංග වලින් පූර්ණ ඇවතුම් පැවතුම් වලින් හෙබියාවූ අට අංකයෙන් උපත ලද අය තුළින් චරිත ලක්ෂණයන් පිළිබිඹු වන්නේය. විශේෂයෙන් ස්ථිර වශයෙන් ඇති ස්ථිර පැවතුම් හෙළි කරමින්ය. උපන් වර්ෂය, මාසය, දිනය සම්පූර්ණයෙන් තනි අංකයට එකතු කිරීමෙන් ලබන අංකය ද යමකුට උරුම අංකය ලෙස ගණන් ගැනේ. නමුත් දෛව අංකය ලෙස ගැනෙනුයේ උපන්දිනය හා බැඳුණු අංකයයි. මේ අනුව අංක අට කෙනකුගේ දෛව අංකය බවට පත්වීමෙන් උපත ලබන අය නිරතුරුවම ධෛර්යමත්ව කටයුතු කරන, තැළෙන යකඩයකින් මතුවන පන්නරය වැනි තත්ත්වයකින් මෙබඳු අයගේ දිවිපැවතුම දවසින් දවස යමක් අවබෝධ කරගන්නා හා එයින්ම ජීවිතය නිවැරදිව ඉදිරියට ගෙනයන දක්ෂතාවය මොවුන්ගේ විශේෂ ලක්ෂණයකි. ගැටුම් හා බිඳවැටීම් බහුල තත්ත්වයක් උරුමයට ගෙන එන මෙබඳු අය අධිෂ්ඨාන ශක්තිය මත ඕනෑම අවහිරයක් ඉතා සතුටින් භාරගනු ලබන ගතිය සෘජුවම ප්රකාශ කරවනු ඇත. අසීරුවෙන් වුවද, ජය ලැබීමේ උරුමය ද ලබන අතර ජය පරාජය යන දෙකටම සූදානම් ගතිය ද පෙන්වයි. මධ්යම වයසින් පසුව මෙබඳු අයගේ ජීවිතවල ප්රභාව සකස් වන්නේ ඊට පෙර කාලයේ ලබන ගැහැට තුළින් ලබාගන්නා වූ පන්නරය නිසාවෙනි. එමෙන්ම යමක ආරම්භයේ පටන්ම අග දක්වාම නොවෙනස් ලෙසින්ම ක්රියාත්මක කරන පුරුදු පුහුණුවල ප්රතිඵලයක් වශයෙනි. මේ අය ස්වකීය කර්ම බලය විශ්වාස කරන නමුදු, එය අබිබවා කටයුතු කිරීමට ද තරමේ බියනැති මුරණ්ඩු මානසික මට්ටමක කටයුතු කරන අය බවට පෙලඹේ. යම්කිසිවක් නිර්මාණය කිරීමේ හා නව මගකට පත්කරවීමේ පුදුමාකාර වූ චින්තන ශක්තියකින් යුක්ත වූවෝ ද වෙති. තමාගේ සැලසුමේ ඇති අඩුපාඩු මැනවින් විමසා බලා, පරාජය නොවන ලෙසින් හා අනෙකාට හෝ සතුරාට ඉඩක් නොතැබෙන අයුරින් ජයග්රහණය සකස් කරගැනීම කරයි. එහෙත් පරාජය ද බලාපොරොත්තු වන්නේ ද වේ. යම් ලෙසකින් වැරදුණොත් හෝ පැරදුණොත් නැවත ඒවා සකස් කරගැනීමට ඉදිරිපත්වීම ද මොවුන්ට විනෝදයකි. මහජනයා සමඟ කරනු ලබන හා සාමූහික වූ සේවාවන් තුළ මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව හා වුවමනාව වැඩියෙන් ඇත. ස්වකීය ආධිපත්යය හා නායකත්වය පිළිබඳව සෑම විටෙකම සැලකිල්ලක් දක්වා කටයුතු කරනු ලබන, තමාගේ වචනයම මූලික කොට අන්යයන් ඊට නම්මවා ගැනීමේ ප්රයෝගකාරී බුද්ධියක් තුළම කටයුතු කරයි. තමාට හිමි දේ තමාගේ අයිතිවාසිකම, තත්ත්වය කොතැනත් අපේක්ෂා කරනු ඇත. මෙබඳු අය සමඟ කොපමණ හිතවත්ව කටයුතු කළ ද තවත් අයකුට මොවුන් සමඟ ලෙහෙසියෙන් කටයුතු කර පිරිමහන්නට බැරි ගතියක් ද කිසි දෙකයින්වත් මොවුන් තෘප්තියට පත් නොවන බවක් ද පෙන්වයි. මොවුන් තුළ පවත්නා අසීමිත බලාපොරොත්තු නිසාම මේ තත්ත්වය මතුකරවනු ඇත. ඒකාධිපති තත්ත්වයේ මුරණ්ඩු ස්වභාවය මතම තම කටයුතු හසුරුවන්නට යොමුවේ. රටකට එක් රජෙක් නැවකට එක් නියමුවෙක් යන මතය තුළම පිහිටා ක්රියා කරනු ඇත. මනාව සිත පාලනය කරගැනීමේ හැකියාව ද, පාලන තන්ත්රයට යොමුවීමේ හැකියාව හා වාසනාව ද මොවුන් සතුය. එනිසාම වෙනත් කිසිදු බලයකට යටත් නොවන්නා වූ තත්ත්වයෙන් ද, බලලෝභී බවෙන් ද යුතුව ස්වකීය සියලු කටයුතු මහත් පරිශ්රමයකින් නමුදු ස්වකීය ක්රියාවන් හැසිරවීම කරනු ලබන්නේය. ජීවිත අළුත් කරවීමටත්, නැවත ගොඩනැංවීමටත්, ප්රතිසංස්කරණ ක්රියාවන්ටත්, පාරම්පරිකත්වය ශක්තිමත් කරවන ක්රියාවන්ටත් සමාජමය පෙරළි සකස් කරන්නටත්, යුග පෙරළියක්, විප්ලවීය ක්රියාවන්ටත් මූලිකව කටයුතු කරන්නටත් දක්ෂ බව ඇත. එසේම ප්රතිවාදියාට කිසිත් කරකියා ගැනීමට ඉඩක් නොදී අනුකම්පා විරහිතවම පහරදීමට හෝ පළිගැනීමට ද තරම් දුෂ්ට මානසික තත්ත්වයකින් යුක්ත වීම ද පෙන්වයි. සංස්කාර ධර්මයන්ට අනුව කටයුතු කරන්නට ද, එබඳු තැන්වලදී ඊට අනුකූලව පිළිතුරු දීමටත්, හැකි විශාල වූ පරිණත බවක් ද මොවුන් උපතින් ලබා ඇති අතර සියලු දේ ඉදිරියේ ඇඟ බේරාගැනීමටත් දක්ෂ වූ කපටි බවකින් ද යුතු ුවේ. මනාවූ තත්ත්වයකින් යුතු ශරීර සෞඛ්ය තත්ත්වයක් පවත්වාගෙන යෑමට කැමැත්ත පළ කරයි. හේතුවක් නොමැතිව කතා නොකරන, නිශ්ශබ්ද ක්රියාවන්ගෙන් යුතු හා අවසාන මොහොතේ ස්වතීන්දුව ඉදිරිපත් කර ඒ අනුව ක්රියාකරන ගතියෙන්ද යුක්තයි. අවසාන මොහොත දක්වාම අදහස් වෙනස් නොකරයි. සම්භාෂණයන්ට එතරම් කැමැත්තක් නැත. එහෙත් බුද්ධිමය සාකච්ඡා, බුද්ධිමය ඇසුර පියකරනු ඇත. අතිසූක්ෂ්ම කපටි බුද්ධියකින් යුතුව සියලු හරි හෝ වැරදි දේ නිත්යානුකූලව කරන්නටත් අතිදක්ෂවීම මොවුන්ගේ සිරිත වේ. වෘත්තීයමය තත්ත්වයේ ස්වභාවය පිළිබඳව විශේෂ සැලකිල්ලක් මොවුන් තුළ නැතත් තම වෘත්තිය තුළ බලවත් විප්ලවවාදී හා සටන්කාමී බවකින් හා ආඩම්බරකාරී බවකින් කටයුතු කරයි. සියලු දේද සියලු අයිතිවාසිකම් ද හරි නීතියට ඉල්ලා සිටී. මෙබඳු අයගේ ක්රියාකාරකමට හෝ බුද්ධියට හෝ ජීවිත පැවැත්මේ තත්ත්වයට අබිබවා යන්නට අන්යයන්ට කිසිසේත් ඉඩ නොතබන අන්දමින් කටයුතු කරන අතර එබඳු අවස්ථාවල දී මානුෂික බවින් තොරව ද සාහසික බවක් ද ඉස්මතු වන අන්දමට කටයුතු කරන්නෝ බවට පත්වෙති. හවුලට හෝ හවුල් ව්යාපාරයන්ට ප්රිය නොවේ. ඊට වුවමනා නිසි සුදුසුකම් යටපත් වේ. විවාහයේදී ස්වමතානුකූලවම කටයුතු කරන්නට පෙලඹෙන බැවින් මෙහිදී අනෙකාට නිදහස්ව කටයුතු කරන්නට ඇති ඉඩකඩ ඇහිරෙන්නේය. කවරකු සමඟ නමුදු කටයුතු කරන්නේ ස්වකීය බලය පෙන්වනු ලබන නීතිමය තත්ත්වයක් යටතේය. ඉගෙනුම ලැබුවා හෝ නොලැබුවා වූවද, නීතිය පිළිබඳ මනා අවබෝධයක් සහජයෙන්ම උරුම කරගනී. මොවුන් මනා වූ පෞරුෂත්වයකින් යුතුවේ. යම්යම් අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීමට ද, ගෞරවය ගොඩනැඟීමට ද නිතරම මාන බලමින් කටයුතු කරනු ඇත. රාජකාරීමය වශයෙන් මතුකරගනු ලැබූ සුහද බවක් පෙන්වා සිනහමුසුව ප්රතිවාදියා සමඟ ගැටේ. (උසාවියක කටයුතු කරන නීතිඥ මහතුන් මෙන්) ආශ්රිතයන්ගෙන් කිසිවකු ද පූර්ණ වශයෙන් විශ්වාස නොකරයි. කල්තියා යමක් දැනෙන ඉවක් ද තිබෙන බැවින් එසේ හැසිරේ. වර්ණයන් වශයෙන් කළු, ඇඳුරු හා ළා ගුරු පැහැයක් ප්රිය කරයි. අවසාන කාලය ජයග්රාහී මෙන්ම ප්රකට බවින් ද යුතු දිවියක උරුමය ලබාගනී. කවදත් නිදහස් මානසික තත්ත්වයම අපේක්ෂා කරන්නේය. 8, 17, 26, 35, 44 වශයෙන් යෙදෙන අංකයන් සුදුසු වේ. අංක 4 අංක 8 සමඟ ගැටේ. විරුද්ධය, අංක 5 ශුභයි. මිතුරු ඵල දේ. අධිෂ්ඨානය ඇතිවා මෙන්ම ඉතාමත් තද තත්ත්වයේ දුඃඛිත බිඳවැටීම්වලට ද, අන්ත පරාජයන්ට ද, අංක 8 සම්බන්ධ අයගේ ජීවිත වලට අරුමයක් ද නොවන්නේය. මේ කුමන අන්දමේ අවස්ථාවකදී නමුත් තමාගේ බලාපොරොත්තු අත්නොහැරම කටයුතු කරන්නේය. දෛව අංක අටට සෙනසුරුගේ බලයට යටත් මකරය ද, විශේෂයෙන් කුම්භය ද වඩාත් හොඳින් ගැළපේ. කන්යාව ඉතා හොඳින් ක්රියාත්මක වේ. මෙබඳු අයගේ ජන්ම කේන්ද්රයේ පිහිටන බලවත් යෝග අනුව වඩාත් යහපත් වූ ඵලයන් උදාකර දේ. පර්යේෂණ, ගවේෂණ, සම්බන්ධයෙන් මෙබන්දෝ විශාල උනන්දුවක් දක්වන ඔවුන්ගේ ජීවිත එම ක්රියාකාරීත්වය නිසාම ප්රකට බවට පත්වීමේ භාග්යය ද උරුම කරගන්නේද නිරායාසයෙනි. දර්ශනය වැනි විෂයන්ට යොමුවන ස්වභාවය ද මතුකරයි. ශ්රී ලංකා ඉතිහාසයේ දේශපාලනමය වශයෙන් මහත් ආන්දෝලනයක් ඇතිකොට නව යුගයක ආරම්භක් ඇතිකළා වූ දිවංගත අග්රාමාත්යවරයකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අංක 8 උරුමකොටගෙන කුම්භ ලග්නයෙන් උපත ලබා කුම්භය හා අංක අට සතු බලය මනාව පැහැදිලි කරමින් යුග පෙරළියක් අත්කර දුන්නේය. (18.01.08) නීතිය, දේශපාලනය පිළිබඳ වූ හසල බුද්ධියකින් කටයුතු කළ හෙතෙම දේශපාලනික වශයෙන් කෙටි කලක් තුලදී අමතක නොවන්නා වූ සේවාවන්ට මුලපිරූ දර්ශනයක් බිහි කළේය. ලෝකයේ ප්රථම අග්රාමාත්යවරිය වශයෙන් සම්මානනීය තත්ත්වයකින්, බවකින් යුතුව සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය ද කන්යාවෙන් උපත ලබා ස්වකීය දෛව අංකය අට උරුම කොටගෙන ඇය ද විශාල වූ කීර්තිමත් බවක් ශ්රී ලංකාවට අත්කරදෙමින් නව බලයක් ආඩම්බරණීය ලෙසින් ලබා දුන්නාය. (1916.04.17) අර්බුද, විපර්යාසයන් මැද සමාජයීය පිබිදීමක් , ජාත්යන්තර වූ කීර්තියක් ද රටට අත්කර දුන්නාය. (කේන්ද්රයේ වෙනත් යෝග සහිතව) වෙනස්ම මගකට රට යොමු කරමින් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිකරමින් අද්විතීය බුද්ධිමතකු වශයෙන් ද ඉතාමත් සූක්ෂ්මව නීතිය හැසිරවීමේ දක්ෂතාවය ද පළකරමින් රට සුවිශේෂ වූ පෙරළියකට ලක්කොට දේශපාලන ඉතිහාසයේ අදටත් රැව් පිළිරැව් දෙන නාමයක් ඇතිකරගත් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ද දෛව අංක අටට සම්බන්ධ වී කන්යා ලග්නයෙන් උපත ලබා ඇති බව පෙන්වයි. (1906.09.17) මෙහිදී කුම්භය මෙන්ම කන්යාව ද අංක අට සමඟ යෙදීම තුළ විශේෂිත බවක් මතුකරදී මෙම දෙදෙනාම ශ්රේෂ්ඨ චරිත බවට පත්කරවා ඇත්තේය. මෙම දෙදෙනාම බලවත් අධිෂ්ඨානශීලී බවින් යුතුවූ සෘජු ඒකාධිපති ස්වභාවයෙන් චරිත ලක්ෂණයන්ගෙන් යුක්ත නොසැලෙන හා ඉදිරියටම යන ගුණයෙන් යුක්තවූවන් වීම මෙහි විශේෂ ලක්ෂණයක් වීම ද විශේෂත්වයකි. පවතින යුගය තුළින් කැපී පෙනෙන වෙනස්කම් ඇතිකළ මෙම දෙදෙනාම අංක අට සතු බලය හේතුවී ඇති බව පෙන්වයි. ව්යාපාර ලෝකයේ මුදුන් හිනිපෙත්තටම නැඟුණු, අපමණ ප්රමාණයකගේ වෘත්තීයමය තත්ත්වය සකස් කළ හා ජාත්යන්තර කීර්තිමත් නාමයක් උරුමයට ගත්තාවූ උපාලි විජයවර්ධන මහතා ද, අංක අට හා සම්බන්ධව මීන ලග්නයෙන් උපත ලබා යුගපුරුෂයකු බවට පත්වූයේය. (1938.02.17) ජ්යොතිෂ්යය පිළිබඳ මහා ප්රවීණ බවක් ලබා ජ්යොතිෂ ග්රන්ථ ඉදිරිපත් කිරීම ද, බොහෝ දෙනකු ස්වකීය අනුගාමිකයන් බවට පත්කොට ගත් හා ජ්යොතිෂමය ලෝකය තුළ බුද්ධිමය පෙරළියක් ඇතිකළ මහාචාර්ය බී. වී. රාමන් මහතා ද (ඉන්දියාව) කුම්භ ලග්නය සමඟ අංක අට හා බැඳී උපත ලද බව සඳහන් වේ. (1912.08.08) එමෙන්ම ලලිත් ඇතුලත්මුදලි මහතා ද (1936.11.26) සිංහ ලග්නය හා 8 අංකය ද, පී. ජී. පොන්නම්බලම් මහතා ද අංක අට සම්බන්ධ කටකයෙන් (1901.11.08) උපත ලද බව පෙන්වයි. ඩබ්ලිව්. විමලසුරේන්ද්ර මහතා තුලා ලග්නයෙන් අංක අට හා සම්බන්ධවී උපත ලබා ඇත්තෙකි. (1874.09.17) චිත්රපටි ලොවේ නමක් දිනාගත් ටයිටස් තොටවත්ත මහතා ද (1927.04.17) අලි භූතෝ මහතා ද, දස්කොන් අධිකාරම් මහතා ද, අංක අට දායාද කොටගෙන උපන් අය බව දැක්වේ. කිසියම් ආකාරයක දක්ෂතාවයන් ද, අවහිරතාවයන්ද සමඟ උපත ලබන අංක අට හිමියන් කොයි තැනකදීත් කුමන හෝ වශයෙන් ප්රකට වීමක් ද කිසියම් ගැටුම්කරී බවක් ද උරුමයට ගෙන උපත ලබන්නන් බව පෙන්වයි

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk