Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවෙසේ අමනුස්ස දොස් දුරලන ‘රෑ කුමාරි’ මල් පැළේ බලේ

1 year ago 7 Min read
Subha.lk

පාලමක් මත ආචාර පෙළපාළියක් දක්වන භට ඛණ්ඩයක් විසිරීමට සැලැස්වීම නීතියක් වන්නේ එවැනි දේක ඇති තරංගමය ගතියත්, පාලමේ ස්වාභාවික තරංගමය ගතියත් සමාන වීමෙන් ඒ පාලම වුවත් කඩා වැටෙන්නට ඉඩ ඇති බව විද්යාවේදී පැහැදිලි කරනු ලැබේ. මෙවැනි අපට ඇසට කෙළින්ම නොපෙනෙන අපැහැදිලි බොහෝ දේවල් මේ විෂයන් තුළ තිබේ. මේ අනුව අපේ ශරීරයේත් අප වටා ක්රියාත්මක විවිධ ශක්තීන්ගේත් විවිධ තරංග ස්වරූපයන් තිබෙන බැවින් ඒක පිළිබඳ මනා අධ්යයනයක් තිබීමෙන් විස්මිත ප්රයෝජන අපට ලබා ගත හැකිය. අප වැනි ජීවීන් මෙන්ම භූත, ප්රේත, පිසාච, කුම්භාණ්ඩ ආදී නම්වලින් හඳුන්වන පහත් ආත්ම සඳහාත් මෙවැනිම තරංග ස්වාභාවයක් ඇති බව පර්යේෂණාත්මකව තහවුරු කොට තිබේ. මෙවැනි පහත් ආත්ම සහිත පරිසරයෙන් හඳුනාගත හැකි විවිධ බටහිර විද්යාත්මක මෙවලම් ද අද භාවිතයට ගනු ලැබේ. මේවා ඇසුරින් හඳුනා ගත් ස්ථානවල විවිධ නොසිතු විරූ අත්දැකීම් ලද අයගේ අදහස් ද මෙහිලා සඳහන් වේ. ඒ කෙසේ වුවත් මෙවැනි ස්ථානයක රාත්රී කාලයේදී මේ බලපෑම වඩාත් වැඩි වෙන බවට පොදු අත්දැකීමක් තිබේ මේ තත්ත්වය අනුව රාත්රී කාලයේදී පහත් ආත්ම ප්රිය නොකරන පරිසරයක් නිර්මාණය කිරීම අත්යවශ්ය වේ. මේ සඳහා උචිත පහසුම ක්රම වේදය වන්නේ විවිධ සුවඳවත් පරිසරයක් ඇති කිරීමයි. මේ සඳහා රාත්රියේදී පිපෙන සුවඳ විහිදුවන මල් ගස්වල සහාය අපට ලබා ගත හැකිය. මෙහිදී අපට කඩුපුල් වැනි ශාකයක් නිතැතින්ම සිහිපත් වේ. එසේ වුවත් කඩුපුල් නිරන්තරයෙන් මල් පිපෙන ශාකයක් නොවන බැවින් අපගේ අවශ්යතාව ඉටු කිරීමට සමත් නොවේ. සමන් පිච්ච, ගැට පිච්ච ආදී මල්වලින් ද යම් සහනයක් මේ සඳහා ලබා ගත හැකි වෙතත් ඒ සෞම්ය සුගන්ධය පූර්ණ වශයෙන් ප්රතිඵල ලබා දෙන්නේ යැයි ස්ථිරව කිව නොහැකිය. මේ තත්ත්වය යටතේ පහත් ආත්මවල සැරිසැරීමෙන් විවිධ බලපෑම් ඇති වීමෙන් අත්විඳීමට උචිතම ශාකය ලෙස අද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති ශාකය වන්නේ "රෑ කුමාරි" නමින් හඳුන්වන කුඩා මල් සහිත පොකුරක් ලෙස පුබුදින, තද සුවඳකින් යුතු මෙන්ම නිරන්තරයෙන් මල් පිපෙන ශාකයයි. මෙහි ඇති තීව්ර සුගන්ධය හමුවේ පහත් ආත්මවල බලපෑම සපුරා ඉවත් වන බව බටහිර විද්යාත්මක උපකරණ ඇසුරෙන් පරීක්ෂා කොට බැලිය හැකිය. සාමාන්ය සමාජය විසින් ද අද මේ ශාකය පිළිබඳ විවිධ අදහස් පළ කළත් මීට වසර ගණනාවකට පෙර අප ආයතනයේ කළ විධිමත් පර්යේෂණයකින් මේ විස්මිත ප්රතිඵලය සමජගත කළ බවත් එය අද බොහෝ දෙනා සිය දැනුමක් සේ පළ කිරීම වුව සමාජ මෙහෙයක් බැවින් අපි සතුටට පත් වන්නෙමු.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk