Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වස් ‍දොස් දුරලන “ගරා මඩු” සෙත් ශාන්තිකර්මය

1 year ago 7 Min read
Subha.lk

ගරා මඩු ශාන්තිකර්මය කවදා කොහේ කොතැනකදී ආරම්භ වූවාදැයි කිව නොහැකිය. පොතපතේ සහ ජනප්රවාදයේ සඳහන් වන පරිදි මහා දැලිමාන නම් වන රජකුගේ කාලයේදී මෙරට ගරා මඩු සෙත් ශාන්තිකර්මයක් පවත්වා ඇති බව පැවැසේ. කෙසේ නමුත් සෑම වසරකම රට පුරා ඇති දේවාලවල සහ ගම්බද ප්රදේශවල ගොවිතැන් කටයුතු නිම කර අස්වැන්න ගෙට ගත් පසු දේව දානය දීම සඳහා කතරගම දෙවියන්, දෙවොල් දෙවියන් හා පත්තිනි මෑණියන් මුල් කරගෙන පවත්වනු ලබන දෙවොල් මඩු, පුනා මඩු, පහාන් මඩු වැනි සෙත් ශාන්තිකර්ම අවසානයේදී ගරා වෙස් පෑම සිදු කරනු ලබයි. ඇතැම් ගම්බද ප්‍රදේශවල දෙවොල් මඩු ශාන්තිකර්ම පැවැත්වූයේ නැතත් කිරි දානය, දේව දානය දී මෙම ගරා වෙස් පෑම හෙවත් ගරා මඩු ශාන්තිකර්මය පවත්වනු ලබයි. සූනියම් යකා, කළු යකා, රීරි යකා, නාග රාක්ෂ, මහා සෝනා, අභිමාන යක්‍ෂයා, පූර්ණක යක්ෂයා, මරු යක්ෂයා, ගුරුළු රාක්ෂ ආදී යක්ෂ ගණයට සහ රාක්ෂ ගණයට අයත් යකුන් යක්ෂණියන්ගේ නම් ඇසූ විට බයක් මෙන්ම තැති ගැන්මක් ඇතිවේය. නමුත් යක්ෂ ගණයට අයත් ගරා යකා හෙවත් ගරා රාක්ෂයාගේ නම ඇසූ පමණින්ම අප සිත් තුළ ඇති වන්නේ ගෞරවනීය හැඟීමකි. ඇදුරන් විසින් ගරා යක්ෂයාට රඟමඬලට ආරාධනා කරනු ලබන්නේ ගරා දේවතාවුන් වහන්සේ යන ගෞරවනීය නාමයෙන්ය. ගරා මඩු ශාන්තිකර්මයක් පැවැත්වීමේ අරමුණ මිනිසුන්ට මෙන්ම ගෙවල් ෙදාරවල්, ගස් කොළන්, බව බෝග, ව්‍යාපාර හා සතා සිවුපාවන් හට ඇතිවන ඇස්වහ කටවහ දෝෂ දුරු කරලීමයි. ඒ අනුව ඇසින් බැලුවා වූ ඇස්වහ දෝෂ, කටින් කීවා වූ කටවහ දෝෂ, සිතින් සිතුවා වූ සිත්වහා දෝෂ සහ අන වින දෝෂ, දෙවි දෝෂ මෙන්ම වස් ෙදාස් දුරුවී යනු ඇත. ඇතැම් අය ගොවිතැන්, බවබෝග සරුසාර කර ගැනීමට, මත්ස්ය සම්පත වැඩිදියුණු කර ගැනීමට, තම නිවෙසට ආරක්‍ෂාව සැලසීම මෙන්ම ව්‍යාපාර දියුණුවටද ගරා මඩු සෙත් ශාන්තිකර්ම පවත්වනු ලබයි. කතරගම දෙවියන්ගේ සහ වල්ලි මාතාවගේ විවාහ මංගල්‍යයේදී වල්ලි මාතාව හදා වඩාගත් ඥාතීන් වන වැදි පිරිස මඟුල් මඩුව මෙන්ම තොරණද සරසා තිබුණේ විවිධ සතුන්ගේ මස්මාංසවලින්ය. මේ අනුව මෙම විවාහ මංගල්යයට ආරාධනා ලැබූ දෙවිවරුන්ට ඒමට නොහැකි විය. එම භූමිය කිලි කුණුවලින් අපවිත්ර විය. වහාම පත්තිනි දෙවඟන ගරා යකු ගෙන්වා එම ස්ථානය පිරිසුදු කරදෙන ලෙස ඉල්ලා සිටියේය. ගරා යකු පැමිණ මඟුල් මඩුවේ මෙන්ම මඟුල් තොරණේද තිබූ සියලුම මස් මාංස අනුභව කර එම විවාහ උත්සව භූමිය පිරිසුදු කර කිලි හරණය කරදුන් බව ඉතිහාසයේ සඳහන් වේ. ගරා මඩු ශාන්තිකර්මයේදී ගායනා කරනු ලබන කවි මඟින්ද ඒ බව පැහැදිලි වේ. ඇතැම් ධීවර ජනයාගේ විශ්වාසය අනුව නම් ගරා යකා මහ මුහුදට අධිපති යක්ෂයකු බව පැවැසේ. කරදිය මත්ස්‍යයන් විශාල වශයෙන් අනුභව කරන යක්ෂයකු ලෙස ධීවර ජනයාගේ පිළිගැනීමයි. ඒ අනුව මහ මුහුදේ සිටින මත්ස්‍යයන් නැතිවේ යැයි සිතා ධීවරයන් විසින් ගරා යකුට ෙදාළපිදේනි දීම සිදු කරන බව පැවැසේ. ගරා යක්ෂයාගේ වාසභූමිය ගොරකා ගස බව සඳහන් වේ. ඒ අනුව ගරා මඩු සෙත් ශාන්තිකර්මයේදී ගොරකා ගසේ ශක්තිමත් අතු දෙකක් ගෙන එම අතුදෙක පොළොවේ සිටුවා ගරා යකුට වාඩිවී සිටින්නට ඉහළින් මැස්සක් සකස් කරනු ලබයි. මෙය පුවක් අතු, ගොක් අතු, කොස් අතු, මෙන්ම බුරුල්ල අතු ගෙන සරසනු ලබයි. ඒ සඳහා පොල් මල්, පුවක් මල්ද භාවිත කරයි. ඇතැම් අවස්ථාවලදී ගරා නැටුමේදී මෙම වෙස් අස්නය “අයිලය” නමින්ද හඳුන්වනු ලැබේ. සකස් කරන ලද මැස්ස මත වට්ටියක තබා කෙසෙල් ගෙඩි, කැවුම්, පොල් වළලු ආදිය පූජාවක් ලෙස තබයි. ගරා යකුන් නටා අවසන් කර ගොරකා ගස් දෙක මත සාදා ඇති මැස්ස මතට (අට්ටාලයට) නැඟ දුන්නු පුද පූජාවන් භාරගෙන ගරා යක් උප්පත්තිය පවසමින් එම භූමියේද, ගරා යක් සෙත් ශාන්තිකර්මයට සහභාගි වූ සැමගේද ෙදාස් දුරු කර ගමට, නගරයට, රටට සහ ලෝකවාසී සැමටම සෙත් ශාන්ති කර වෙස් පෑම සිදු කරයි. මෙම රංගනය ඉදිරිපත් කරන යකදුරා විසින් ගරා යකු ලෙස ඇඳ පැලඳගෙන මෙම කටයුතුවල නිරත වෙන අතර අවසානයේදී ගොරකා අතු දෙක අල්ලාගෙන ඔන්චිලි පදිමින් එහාට මෙහාට රවුමට පැද්දෙමින් ශක්තිමත් ගොරකා අතු දෙක කඩාගෙනම ඉවත්ව යයි. මෙමඟින් අදහස් වන්නේ සියලුම වස් ෙදාස් දුරු කර ගෙනම ගරා යකු විමන්ගත වූ බවකි. කෙසේ නමුත් ගැමි ජනයාගේද, පෙර ඇදුරන්ගේද අපේ ගුරු ඇදුරන්ගේද මතය හා විශ්වාසය ගරා යකු මස් මාංසවලට මෙන්ම ලේ ධාතුවට පුලුටු වර්ගවලට ප්‍රිය කරන කෙනකු නොවන බවය. ගරා යකා යන මොහු දෙවියන් ඇසුරේ සිටිමින් දෙවියන් සමඟම එකට පුද ලබන කෙනෙකි. ඒ බව දෙවොල් මඩු සහ ගම් මඩු ශාන්තිකර්මයේදී මනා ලෙස පැහැදිලි වේ. ගරා මුහුණ හෝ ගරා යක්ෂයාගේ රූපයක් ඔබගේ නිවෙසේ ව්‍යාපාරයේ, වාහනයේ, පතල් කර්මාන්තයේ, දේවාලයේ සහ වගා භූමියේ සවි කිරීමෙන් සියලුම ඇස්වහ, කටවහ දෝෂ දුරුවී සෞභාග්යය උදාවනු ඇත. එදා අතීතයේ සිටම පැවතගෙන ආ පාරම්පරික අපේ උරුමයන් වර්තමානයේ මේ වනවිට විනාශ වී ඇත. තාක්ෂණය පැත්තෙන් කොපමණ දියුණු වුණත් පැරණිදේ රැක ගැනීම, එමඟින් නිවැරදිව ප්‍රතිඵල ලබා ගැනීම අප සැමගේම වගකීම වනු ඇත. ගරා යකු පිළිබඳව සහ ගරා යක් සෙත් ශාන්තිකර්මය පිළිබඳව එක් එක් ගුරු කුල අනුව වෙනස් වී ඇති අතර ජනප්‍රවාද රැසක්ම පවතින බව සඳහන් කරමි

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk