Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වෙන්න නියමිත හදිසි අනතුරු ගැන කේන්දරයෙන් පෙන්වන හැටි

1 year ago 7 Min read
Subha.lk

ලග්නාධිපති, චන්ද්රයා සහ රවි යන ග්රහයන් දුබලව ඇත්නම් එම ග්රහයන් පාපයන්ට මැදි වී ඇත්නම් එසේත් නැතිනම් අසුබ ග්රහයන්ගේ දෘෂ්ටිය ඇතුළු වී ඇත්නම් හදිසි අනතුරුවලට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිය. රවි හා යුරේනස් යන ග්රහයන් 12 වැන්නේ යෙදීමෙන් ජීවිත කාලය තුළ එක් වතාවක් හෝ හදිසි අනතුරු වීමට ඉඩ ඇත. රාහුගෙන් තුන්වැන්නේ සඳු ග්රහයා සිටියහොත් එයින් 3 වැන්නේ සිකුරු ග්රහයා සිටියහොත් සිකුරුගෙන් 3 වැන්නේ කුජ ග්රහයා සිටියහොත් උසකින් වැටී අත් පා කැඩීම්වලට ලක්වීමට ඉඩ ඇත. හතරවැන්න තේජෝ රාශියක් වී කුජ ග්‍රහයා එම රාශිගතව සිටියහොත් ගින්නකින් අනතුරු සිදුවිය හැකිය. කුජ ග්‍රහයා දෙවැන්නේ සිට කෘෘර ග්‍රහයන් දැකීමද හදිසියේ ඇතිවන ගින්නකින් අනතුරු ඇති වීමට හේතුවක් ඇත. එමෙන්ම ලග්නාධිපති ග්‍රහයා රාහු හා බුධ ග්‍රහයන් දෙදෙනාටම මැදිව සිටියහොත් වාහනයක හැපීමෙන්, තැළීමෙන් මරණය සිදුවිය හැකිය. හයවැන්න ජල රාශියක් වී කටක, මීන යන රාශියක් වී සඳු, ගුරු නීච වී ඇත්නම් දියේ ගිලීමෙන් අනතුරු ඇතිවේ. 5 අධිපති 1, 5, 9 යන ත්‍රිකෝණ ස්ථානවල යෙදුණහොත් රාහු සංයෝගව සිටියහොත් ඉක්මනින් මරණය සිදුවන අතර එය රුදුරු මරණයක් වේ. 9 වැන්නේ කුජ, ශනි, රාහු යන ග්‍රහයන් තිදෙනා සමඟ රවි ග්‍රහයා යෙදී නරක දශා කාලයක් යෙදුණේ නම් කැපුම් කෙටුම්වලට ලක්වේ. 8 වැන්නේ සඳු සිට ශනි, කුජ යන ග්‍රහයන් දුටුවහොත් හෝ සංයෝගව සිටියහොත් අවුරුදු 32දී ජලයෙන් අනතුරු වී මරණය සිද්ධ විය හැකිය. 8 වැන්නේ නීච වූ කුජ (කටක රාශිය) වතුරෙන් වස විස මිශ්ර වීමකින් මියයා හැකිය. පාප ග්‍රහයන්ගෙන් පෙළුණු සඳු 12 වැන්නට පැමිණි විට ජීවිතය තොරවන්නේ ගංවතුර හා නාය යෑමෙනි. සිංහ ලග්නය වී 8 වැන්නේ මීන රාශිය වී පාප ග්‍රහයන් දෙදෙනකු දුටුවහොත් පාප ග්‍රහයන්ගේ දශා කාලයේදී ජලයෙන් අනතුරු වීමට පුළුවන. 5 අධිපති 9 අධිපති සමඟ හා පාප ග්‍රහයන් සමඟ සංයෝග වුවහොත් 8 වැන්නාධිපති 8 එහි සඳු නොදුටුවහොත් ඔරු, පාරුවල ගමන් කිරීමෙන් ජීවිතය නැති කර ගනී. කුජ ලග්නාධිපති පාප ග්‍රහයන් සමඟ ලග්නයේ යෙදුණහොත් අවි ආයුධ හා ගල් ප්‍රහාර ආදියෙන් අනතුරු ඇති විය හැකිය. මෙම සියලු ග්රහ යෙදුම් කේන්දරවල යෙදනේනේ පෙර නොදැනුවත්කමින් අප අතින් සිදු වූ පාප ක්‍රියාවන් නිසාය. එහෙයින් ඒ පිළිබඳ දැනුවත්ව පවු කිරීමෙන් වළකින්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk