කළුකුමාර දෝෂ
සැඳෑ අහස රන් පැහැයෙන් දිදුලයි. මම ඒ පැහැයට ප්රිය කරමි. දවස පුරා උණුසුම පැතිරූ හිරු ද රතු බෝලයක් මෙන් අවරගිරින් බැස යමින් පවතී. අහස් කුසේ තැනින් තැන තාරකා එළි දැල්වෙන්නට පටන් ගනී. සීත සුළං පොදක් මා ළඟින් දැවටේ. මම දිනය පුරා මේ මොහොත එනතුරු බාල සිටියෙමි. උදේ සිට ඇඳ සිටි ඇඳුම් උනා දමා දුහුල් නයිටියකින් සැරසෙමි. එය ද රන් පැහැ ගැන්වී ඇත. පුළුටු හෝ මස් මාංශවලින් පිරුණු ආහාරයකින් මගේ කුස පිරීයයි. නයිටිය ද සති දෙක තුනකින් සේදුවේ නැත. ඒ සුවඳට ප්රිය තරම් අහස්කුඩ තාරකා මෝදු වන මොහොතේ අන් සියල්ල අමතක කර දමා මාගේ කාමරයේ දොර – ජනේල වසා දමමි. මා කාමරයේ හුදෙකලාව වැතිරෙමි. දෑස් පියවී යන මොහොතේ ඔහුගේ හැඩිදැඩි සිරුර මා තෙරපා ගනී. වෙනත් පිරිමින් මට පෙන්වන්නට බැරිය. මා තවමත් අවිවාහකයි. පිරිසිදුය. එහෙත් සිහිනයක් පෙර දැනෙන ඒත් සිහිනයක් නොවන ඉහත සිදුවීම් මා බලාපොරොත්තු වන්නෙමි. ඉහතින් දැක්වූයේ කළුකුමාර දෝෂයට පත්වූ කාන්තාවකගේ අත්දැකීමක් ලිවිය හැකි වචනවලිනි. ඇගේ කතාව මෙයට වඩා සුන්දරයි. ශෘංගාරාත්මකව රාත්රියේ හෝ ඇතැම් විට හුදෙකලාව සිටින විට තරුණ වියේ මෙන්ම මැදි වියේ පසු වන ඇතැම් කාන්තාවන්ට මේ දෝෂය පවතී. “මල්වර දෝෂ” නැතහොත් කළුකුමාර දෝෂ ලෙස හඳුන්වන මෙම දෝෂය වර්තමාන සමාජයේ බොහෝ විට අසන්නට ලැබේ. මෙයට ආගම් ජාති කුල මල සමාජ පන්ති භේදයක් නැත. අප දන්නා පරිදි සෑම ආගමකටම සෑම ජාතියකටම අයත් කාන්තාවන්ට මේ දෝෂ ඇත. බොහෝදුරට කාන්තාවන් කැමැත්තෙන් හෝ අකමැත්තෙනුත් ඉවසා සිටී. පුරුද්දකට ඇබ්බැහි වීම නිසා හෝ වෙනත් අයෙකුට පැවසීමට නොහැකි නිසා හෝ කළුකුමාර දෝෂයට ලක්වූ බොහෝ ස්ත්රීන් විසඳුමක් නොලබා අසරණව මිය යෑමට ලක් වේ. කළුකුමාර දෝෂයට තරුණ වියේ මෙන්ම මැදිවියේ කාන්තාවන් ද ලක්වීම දැකිය හැකිය. ඇතැම් කාන්තාවන්ට කුඩා කාලයේ සිටම සිහිනෙන් බියවීම ඇවිදීම ආදිය පමණි. එහෙත් එය කළුකුමාර දෝෂය නොවේ. කළුකුමාර දෝෂ ඇති වන්නේ මල්වර වූ පසුවය. ඒ නිසා මේ වෙනස හඳුනා ගැනීම වැදගත්ය. මල්වර වූ පසු “තනිවීම” ලෙස දැනෙන අවස්ථා ඇත. එම අවස්ථාවට ලක්වූ බොහෝ ගැහැනු දරුවන්ට ඒ අවස්ථාවෙන් පසු කළුකුමාර දෝෂය හටගනී. ඉහත දැක්වූ පරිදි සිහිනෙන් ලිංගික තෘප්තියක් ලැබීමට පුරුදුවීම ඇතැමුන් මානසික රෝගයක් සේ හඳුන්වන්නට පෙළඹී ඇත. එහෙත් කිසිදු මනෝ වෛද්යවරයකුට මෙවැනි රෝගියෙකු සුව කළ නොහැකිය. එය සුවකළ හැක්කේ ගුප්ත විද්යාව අනුව පුද පූජා පැවැත්වීමෙනි. එසේම අත අල්ලා හෝ ඍහ රුධිර මුත්රා පරීක්ෂණ මගින් මේ රෝගය සොයාගත නොහැක. ජන්ම පත්රය පරීක්ෂා කිරීමෙන් වුවද ස්ථිර නිගමනයකට එළඹිය නොහැක. ඉහත කී රෝගී තත්ත්වයට ලක්වූ ස්ත්රීන්ට මන්ත්ර ජපකිරීමෙන් පමණක් මෙය හඳුනාගත හැකිය. ජන්ම පත්රයෙන් කියැවෙන්නේ උපතින් ඇතිවිය හැක. අමනුෂ්ය හෝ සිහින දෝෂ ගැන පමණි. කළුකුමාර දෝෂය ඇති කාන්තාවන්ට ඇති පොදු ලක්ෂණ හඳුනා ගනිමු. මේවා සියල්ලම හෝ ඒවා අඩු වැඩිව පැවතිය හැකිය. අංග වශයෙන් සටහන් කරන්නේ විස්තර කරන්නට ගියහොත් ලිපිය ඉතා දිගු එකක් වන නිසාය. ඒ නිසා පොදු ලක්ෂණ මෙසේ අංක ලෙස දක්වමි. 1. සිරුර ක්‍ෂවීම හෝ කුරුවීම, 2. කොණ්ඩය යෑම, 3. උදරය නෙරා ඒම, 4. දත් ඉදිරියට ඇදී ඒම, 5. මුහුණ වළ ගැසීම, 6. උදයට ආහාර අරුචිය, 7. මස් මාංශ පුළුටු ආහාරවලට කැමැත්ත, 8. පිරිසිදුකම අඩුවීම, 9. සිරුරෙන් දුඟදක් හැමීම, 10. මාසික ඔසප්වීම වෙනස්වීම, 11. දරුඵල අඩුවීම හෝ ගබ්සා වීම, 12. අඳුරට ප්‍රිය කිරීම, 13. රතු සහ කළු පාට ඇඳුම්වලට කැමැත්ත, 14. පිරිමන් නොරිස්සීම – විවාහ දෙදරා යෑම, 15. විවාහක නම් අඹුසැමි එක්වීමට අකමැත්ත, 16. සැමියා එපා වීම, 17. කේන්ති යෑම, 18. අමතක වීම, 19. නිතර නිදිමත ගතිය, 20. උනන්දුව අඩුවීම, 21. ලිංගික ප්‍රතික්ෂේප කිරීම, සහ මෙවැනි තවත් හේතු ගණනාවක් දැකිය හැකිය. මේ සියල්ලම නැතත් මෙයින් වැඩි කොටසක් තිබිය හැකිය. දැන් විමසා බැලිය යුත්තේ මෙවැනි දෝෂ ඇති කාන්තාවන්ට සිදුවිය හැකි හානි මොනවාද? යන්නය. 1. විවාහ ප්‍රමාදවීම, 2. මාසික ඔසප් ක්රමය වෙනස්වීම, 3. ලිංගික බෙලහීනත්වය, 4. දරුඵල නොමැතිවීම හෝ ගබ්සා වීම, 5. සිරුරේ රුධිරය අඩුවීම, 6. විවිධ රෝගාබාධ ඇතිවීම, 7. මානසික රෝග ඇතිවීම, 8. මරණය, මෙවැනි රෝග තත්ත්වයන් ඇත්නම් ඊට නිසි ප්රතිකාර ලබාගැනීම වැදගත්ය. එසේ කළ හැක්කේ ඊට හැකියාව ඇති ගුප්ත විද්යාව ගැන දන්නා අයෙකුට පමණි. පිළියම් යෙදීමේදී 1. තාවකාලික, 2. ස්ථාවර, ලෙස පිළියම් යෙදීමට හැකිය. තාවකාලිකව යොදන පිළියම් මාස කිහිපයකට හෝ වසරකට පමණ සීමා වේ. එහෙත් ඉන්පසු ඇති වන්නේ පෙර තිබුණාට වඩා දරුණු තත්ත්වයකි. රෝගය දෙතුන් ගුණයකින් වැඩිවිය හැකිය. ස්ථාවර පිළියම් මගින් කරන්නේ කළුකුමාරයා තෘප්තිමත් කර ඔහුගේම කැමැත්තෙන් ඉවත්ව යෑමට සැලැස්වීමය. එවිට ඉන්පසු දෝෂ ඇති නොවේ. ඒ නිසා මෙවැනි රෝග ඇති අය කරගත යුත්තේ ස්ථාවරම ඒ තත්ත්වය මඟහරවා ගැනීම වේ.