Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

2023 මාර්තු 27 සිට අප්රේල් 2 දක්වා ලග්න පලාපල

1 year ago 7 Min read
Subha.lk

01 මේෂ - විශේෂ වගකීමක් තමා වෙත පැවරෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්රහයා ගමන් කරන්නේ 1, 2, 3 යන භාවයන් මතිනි. අමතර ලැබීම් වලට හිමිකම් ඇති සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. එහෙත් ප්රමාදතා සිදුකළ මුදල් ගනුදෙනුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන අතර, නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. සති අන්තයේ දී විවාහ ගිවිස ගැනීමකට බාධා ඇති වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නොසිතූ දේපළ ගැටලුවකට, මුහුණපෑමට සිදුවන සතියකි. අය 07 - වැය 03, ජය අංකය - 09 ,ජය වර්ණය - කොළ, සුබ දවස - බ්රහස්පතින්දා,………………. 02.වෘෂභ - සැනසිලිදායක ලෙස සතිය උදා කරන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්රහයා 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන කාලයකි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්විය යුතු අතර යන එන ගමන් පිළිබඳව ද සැලකිලිමත් වන්න. පවුලේ විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැළසුමක් ඇති කර ගනී. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන අවිවේකී බව හේතුවෙන් කටයුතු කීපයක් ප්රමාද කරයි. විදෙස් ගමන් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන සතියකි. අය 06 - වැය 05, ජය අංකය - 02, ජය වර්ණය - කොළ, සුබ දවස - බ්රහස්පතින්දා,………… 03. මිථුන - හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්රහයා ගමන් කරන්නේ 11, 12, 1 යන භාවයන් මතිනි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් සතියකි. අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. ඥාතීන් අතර සුහදතාවයට හේතු ඇති කරයි. උරහිස ආශි්රත ඇතිවන ආබාධයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි. උසස් අධ්යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි. තීරණ වෙනසක් හේතුවෙන් ගැටලු කීපයක් මතු කරයි. අය 06 - වැය 04, ජය අංකය - 09, ජය වර්ණය - කහ, සුබ දවස - බදාදා,…………. 04. කටක - සැලසුම් සහගත කටයුතු කීපයකට අත ගැසීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්රහයා මේ සතියේ ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ගන්නා තීරණයක් සාර්ථක වන කාලයක් වන අතර ඒ සම්බන්ධ කටයුතුවලදී ඇවිදිලි වැඩිකරන බවක් ද පෙන්නුම් කරයි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් ද පෙන්නුම් කරයි. ශාස්ත්රීය කටයුත්තකට සම්බන්ධ වීමට කටයුතු සැලසෙන කාලයකි. අය 07 - වැය 04, ජය අංකය - 04, ජය වර්ණය - තැඹිලි, සුබ දවස - සිකුරාදා,…………. 05.සිංහ - වෙනදාට වඩා අවිවේකී බවක් ඇතිකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්රහයාගේ ගමන සිදුවන්නේ 9, 10, 11, යන භාවයන් මතිනි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන කාලයකි. එමෙන්ම ඉක්මන් කලබලකාරී ගති පැවතුම් හේතුවෙන් පාඩු කීපයක් සිදුකරයි. සතිය මැද කාලය වන විට දී පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. එමෙන්ම නොසිතූ ලෙස තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමටද ඉඩ ඇත. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සති අන්තයේ දී අත්වැරදීමක් හේතුවෙන් තමාට නොසිතූ පාඩුවක් සිදු කරයි. අය 07 - වැය 04, ජය අංකය - 04, ජය වර්ණය - කොළ, සුබ දවස - බදාදා,.......... 06 .කන්යා - ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ ඔබගේ කේන්දරයට අනුව සඳු ග්රහයා ගමන් කරන්නේ 8, 9, 10 යන භාවස්ථානවලයි. ගේ දොර කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යන සතියකි. නිතර ශාරීරික අප්රාණික ගතිවලට හේතු ඇති කරයි. අලුත් ඥාති මිත්රාදීන් දැන හඳුනා ගැනීමට මඟ සැලසෙන සතියකි. සතිය මැද කාලයේ දී වරින් වර ආගමික සහන පතා දුර පළාතකට යාමට කටයුතු සැලසේ. අලුත් රැකියා ලාභ හිමිකම් ඇති සතියකි. නිතර මවුපස ඥාතියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට හේතු යෙදේ. යටපත් වූ උගුර ආශි්රත ආබාධයක් නැවත මතු කරයි. අය 07 - වැය 05, ජය අංකය - 02, ජය වර්ණය - කහ, සුබ දවස - සඳුදා, 07. තුලා - වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන සතියක් වුවත් ලැබීම් අතින් යහපත්වන බවක් ද පෙන්නුම් කරයි. මේ සතියේ සඳු ග්රහයාගේ ගමන සිදුවන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. වෙනදාට වඩා අතමිට මුදල් වැය කරන සතියකි. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. සතිය මැද කාලයේ දී දූ දරුවන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවෙයි. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පැරණි පෙම් සබඳතාවයක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේ දී යටිබඩ ආශි්රතව ඇතිවන වේදනාකාරී තත්ත්වයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. අය 06 - වැය 03, ජය අංකය - 02, ජය වර්ණය - නිල්, සුබ දවස - බ්රහස්පතින්දා,………… 08. වෘශ්චික - පැවැති අවිවේකී බව මඟහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්රහයාගේ ගමන සිදුවන්නේ 6, 7, 8 යන භාවස්ථානවලයි. පවුලේ අය අතර ඇති වන මතභේදකාරී බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් ප්රමාදතා සිදුකළ දේපළ ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා පිනට දහමට ලැදිව කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. අලුත් දේපළ මිලදී ගැනීමකට හෝ හුවමාරුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවන ලකුªණු පෙන්නුම් කරයි. සති අන්තයේ දී අඹුසැමි විශ්වාසයට හේතු සැලසෙන සතියකි. අය 07 - වැය 05, ජය අංකය - 09, ජය වර්ණය - දම්, සුබ දවස - සිකුරාදා,……………. 09.ධනු - හිතුවක්කාර ලෙස කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්රහයාගේ ගමන සිදුවන්නේ 5, 6, 7 යන භාවස්ථාවලයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් රැසක් සිදුකරන කාලයකි. දරුවකුගේ උත්සව අවස්ථාවක් හේතුවෙන් වෙහෙසීම් ඇතිකරයි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. වරින් වර ඇතිකරන උරහිස ආශි්රත ආබාධ තත්ත්වයකට ප්රතිකාර ලබා ගනී. නිතර පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවන සතියකි. අය 07 - වැය 03, ජය අංකය - 07, ජය වර්ණය - කහ, සුබ දවස - බ්රහස්පතින්දා,…………… 10. මකර - අතමිට මුදල් ගැවසුනත් වැයපස අධික කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්රහයා ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. පවුලේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතාබලන්න. පැරණි හිතවත්කමක් අලුත්වන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන අතර, හිතවතකු වෙනුවෙන් උපකාර කිරීමට ද අවස්ථාව උදාකරයි. සතිය මැද කාලයේ දී දරුලාබ හිමිකම් ඇති අයට යහපත් කාලයක් වන අතර, ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. දණහිස සම්බන්ධ ආබාධයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. සති අන්තයේ දී පවුලේ වැඩිහිටියකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. අය 07 - වැය 03, ජය අංකය - 04, ජය වර්ණය - කොළ, සුබ දවස - බ්රහස්පතින්දා,……………… 11.කුම්භ - අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්රහයා ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. පවුලේ මතභේදකාරී බවක් දුරදිග යන කාලයකි. ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර සමාජ සේවා කටයුතු පිළිබඳ වෙහෙසෙන කාලයකි. දරුවකුගේ උසස් අධ්යාපනයක් වෙනුවෙන් විදෙස් ගතවීමක් සිදුකරයි. එමෙන්ම පවුලේ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. සති අන්තයේ දී හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාකාරීව කටයුතු කරන්න. අය 06 - වැය 05, ජය අංකය - 04, ජය වර්ණය - ළා කොළ, සුබ දවස - සිකුරාදා,…………… 12.මීන - උගත් දෙයින් ප්රයෝජන ලබාගත හැකි සතියක් වන අතර මේ සතියේ සඳු ග්රහයාගේ ගමන සිදුවන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. හදිසි වියදමක් හේතුවෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. එමෙන්ම ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. ගේ දොර කටයුතු සම්බන්ධ ගැටලුදායක බවක් ඇති කරයි. සතිය මැද කාලයේ දී රැකියාවේ ස්ථාන මාරුවක් පිළිබඳ පුවතක් අසන්න ලැබේ. පියපස ඥාතියකු පිළිබඳ ඇතිවන ගැටලුදායක බවක් දුරදිග යාමට ඉඩ ඇත. සති අන්තයේ දී චර්මගත ආබාධයකට හෝ ලේ විෂවීමක් නිසා හට ගන්නා අසනීප තත්ත්වයට ප්රතිකාර ලබා ගැනීමට සිදුවේ. අය 07 - වැය 03, ජය අංකය - 04, ජය වර්ණය - කහ, සුබ දවස - සඳුදා,

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk