Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සියලු යහපත් පැතුම් ඉටුකරන බලගතු ගණදෙවි පූජාවක්

1 year ago 7 Min read
Subha.lk

නව වසරේ යෙදෙනා බදාදා, සෙනසුරාදා හෝ සිකුරාදා දිනයක් මේ පූජාව සිදුකිරීම සඳහා යොදාගත හැකිය. නැතිනම් පෙර සඳහන් කළ දිනයකදී උදෑසන කාලයේදී ගණපති පූජාව කිරීමට සුදුසු වේ. මේ පූජාව කොටස් දෙකකින් යුක්ත වේ. එනම්: 01. නානුමුර හෙවත් අභිෂේක පූජාව, 02. මහා පූජාව වශයෙනි. පූජාව සිදු කරගන්නා ආකාරය - පූජාව සිදු කරන දිනට පෙර දිනයේ ඔබ නිවෙස අතුපතු ගා, බිම සෝදා, මකුළුදැල් කඩා පිරිසුදු කරගන්න. පසුව නිවෙසට කහ දියර ඉස, දුම් අල්ලා ගන්න. ගණ දෙවියන් සඳහා අභිෂේක පූජාවන් සිදු කිරීම සඳහා සුදුසු ආකාරයෙන් (ජලය භාවිත වන නිසා) ස්ථානයක් නිවෙස තුළ සූදානම් කර ගන්න. පසුව පිළිමය තැන්පත් කොට මහා පූජාව පැවැත්වීම සඳහා සුදුසු ආකාරයෙන් තමාට හැකි උපරිමයෙන් අලංකාරව සරසා ගත් ආසනයක් ගණ දෙවියන් වඩාහිඳුවීම පිණිස පිළියෙල කරගන්න. මෙම ආසනය නිවෙසේ ඇතුළත ආලින්දය තුළ හෝ නිවෙස මධ්යය පිහිටන ස්ථානයක සකසා ගැනීම වඩා යහපත්ය. එදින සිට ඔබ නිර්මාංසව සිටීමද වැදගත්ය. පසුව ඔබ පූජාව කරන දින හිමිදිරි උදෑසනින් අවදි වී, හොඳින් නා පිරිසුදු වී, පිරිසුදු ඇදුමකින් සැරසිය යුතුය. ප්‍රථමයෙන් මල්පහන් පුදා, බුදුන් වැඳ, ඔබ දන්නා පිරිත් සූත්ර කිහිපයක් කියා තුනුරුවන්ගේ ආශීර්වාදය ලබා ගන්න. අභිෂේක පූජාව - ගණ දෙවි පූජාවේ පළමුව කළ යුතු චාරිත්රය වන්නේ ගණ දෙවියන් අභිෂේක කිරීමයි. මේ සඳහා ඔබට ගණ දෙවියන්ගේ පිළිමයක් යොදා ගැනීමට සිදු වනවා. ඒ සඳහා ඔබට කැමැති ප්‍රමාණයක, කැමැති මාධ්යයක ප්‍රතිමාවක් භාවිත කළ හැකිය. අභිෂේක පූජාව සඳහා ඔබ භාවිත කරන ගණ දෙවි පිළිමයට සාපේක්ෂව ටිකක් විශාල බේසමක් තුළ පිළිමය තැන්පත් කර ගන්න. (පිළිමය අභිෂේක කිරීමේදී එම ද්‍රව්ය විසිර නොයන පරිදි) අභිෂේක පූජාවට අවශ්ය ද්‍රව්ය – 07 වරක් හෝ 03 වරක් හොඳින් පෙරා ගත් පැන් බේසමක්, – එළකිරි, – කහ දියර, – ෙදාඩම් හෝ දෙහි යුෂ, – තැඹිලි වතුර, – රෝස වතුර, – පොඩි මැටි හෝ සිල්වර් කළ 02ක්, එළඟිතෙල් හෝ පොල් තෙල් පහනක්, හැකිනම් ගණදෙවි ස්තෝත්ර සහිත CD පටයක්, අභිෂේක පූජාව සිදු කරන අන්දම- ප්‍රථමයෙන් ඔබ අභිෂේක පූජාව සඳහා සූදානම් කරගත් ස්ථානයේ ගණ දෙවියන්ගේ පිළිමය තැන්පත් කරගන්න. ගිතෙල් පහන හා හඳුන්කුරු දල්වා පූජා කරන්න. පූජාවට අවහිර නොවන සේ ගණ දෙවි පිළිමයට ආසන්නයේ ඒවා තැන්පත් කරන්න. දෙවනුව ගණ දෙවියන්ට නමස්කාර කරන්න. මේ සඳහා ගණ දෙවි මූල මන්ත්රය 07 වරක් කියා, ගණ දෙවි ගයාත්‍රී මන්ත්රය 03 වරක් කීම ප්‍රමාණවත්ය. දැන් ගණ දෙවියන්ට වන්දනා කර බොහෝම ගෞරවයෙන් මේ අභිෂේක පූජාව පිළිගන්න කියා ආරාධනා කරන්න. ගණපති මූල මන්ත්රය - “ඕම් ශ්‍රී ම් හ්රීම් ක්ලීම් ග්ලෝම් ගම් ගණපතයේ වර වරද සර්වජනම් මේ වාසමානයේ ස්වාහා” ගණපති ගයත්‍රී මන්ත්රය - “ඕම් ඒක දන්තාය විද්මහේ වක්‍රතුන්ඩාය ධීමහේ තන්නෝ දන්ති ප්‍රචෝදයාත්” “ගණ දේව ස්තෝත්ර සහිත CD පටය වාදනය කරන්න (මෙයින් පූජාව ශක්තිමත් හා අලංකාර කර ගත හැකිය). CD එකක් සොයා ගැනීමට අපහසු නම් අවශ්යම නැත. ප්‍රථමයෙන් පිරිසුදු පැන් කළයකින් ගණ දෙවියන් අභිෂේක කරන්න. (සූදානම් කරගත් කළ 2න් එකක් ජලය නෑවීමටත්, එක් කළයක් ඔෟෂධ නෑවීමටත් යොදා ගන්න) දැන් පහත සඳහන් පිළිවෙළින් අභිෂේක ද්‍රව්ය එකින් එක ගෙන අභිෂේක කරන්න. සෑම අභිෂේකයක් අවසානයේදීම පිරිසුදු ජලයෙන් ප්‍රතිමාව නාහවා හොඳින් පිරිසුදු කරන්න. ඒ වගේම එක් එක් අභිෂේකයක් අවසානයේදීම කපුරු දල්වා ගණ දෙවියන්ට ආරති අල්ලන්න. කිරි කළයක් නාවන්න. (පසුව පැන් කළයක් නාවන්න.) කහ දියරයෙන් නාවන්න. (පසුව පැන් කළයක්…) ෙදාඩම් හෝ දෙහි යුෂයෙන් නාවන්න. (පැන් කළයක්…) තැඹිලි වතුර (පැන් කළයක්…) රෝස වතුරෙන් නාවා අවසන් කරන්න. අභිෂේක පූජාවන් අවසන් වූ විගස පිරිසුදු රෙදි කඩකින් තෙත මාත්තු කර ගන්න. පසුව මහා පූජාව පැවැත්වීම සඳහා ගණ දෙවියන් බොහෝම ගෞරවයෙන් සූදානම් කරගත් ආසනයේ තැන්පත් කරන්න. (දැනට ගණ දෙවියන් අභිෂේක කළ ජලය, විසි නොකර පසෙකින් තබා ගන්න) මහා පූජාව සඳහා අවශ්ය පූජා ද්‍රව්ය - රතු හෝ කහ පැහැති සළුවක්, ගිතෙල් හෝ පොල්තෙල් පහනක් ,හෝ කිහිපයක් (නිවෙසේ අයගේ ප්‍රමාණයට, හැමෝම එක ගාණේ දල්වන්න පුළුවන්) කහ හෝ සුදු මල් මාලයක්, බෙලි කොළ මාලයක්, (හැකිනම් පමණක්) සුදු මල් වට්ටියක් මල් 108කට වඩා කැඩී බිඳී නොගිය නැවුම් මල්, බෙලි පත්ර වට්ටියක් කොළ ,108කට වඩා වැඩි, කැඩී බිඳී නොගිය පත්ර. (හැකිනම් පමණක්) වර්ණ කිහිපයක මල්, පලතුරු, කැවිලි පූජා වට්ටියක්, (මේ සඳහා ඔබට කැමැති නැවුම් පලතුරු කිහිපයක්, කැවිලි කැමැති ප්‍රමාණයක්, කැමැති දෙයක් ගන්න පුළුවන්.) හඳුන්කුරු, සාම්බ්‍රානි, කපුරු, සින්දුර්, (සොයා ගැනීමට හැකිනම්) ආහාර පූජාවක් ලෙස කිරිබතක් හා ඇතිනම් විලඳ මීපැණි ටිකක්. බුලත් පුවක්, පිරිසුදු පැන් වීදුරුවක්, බිඳගත් පොල් බෑ දෙකක්, මහා පූජාව සිදු කරගන්නා ආකාරය ඔබ මහා පූජාවට සූදානම් කරගත් ආසනයේ ගණ දෙවියන් තැන්පත් කර, සළුව අන්දවා ගන්න. ගණ දෙවියන්ට මල් මාලය, බෙලිපත්ර මාලය පලඳවන්න. චන්දන කුංකුම ඇත්නම් එයින් ගණ දෙවියන්ට තිලකයක් තියන්න. නැතිනම් අමු කහවලින් තිලකයක් තියන්න. ඉන්පසු මල් වර්ග, පලතුරු, කැවිලි, පැන් වීදුරුව, පොල් බෑ සහ ඔබ පිළියෙල කරගත් ආහාර පූජාවන් ගෞරවයෙන් පූජා කරන්න. සූදානම් කර ගත් එළඟිතෙල් පහන් නිවෙසේ සැවොම එක් වී දල්වා පූජා කරන්න. සුවඳ දුම් හඳුන්කූරු, සාම්බ්‍රානි, කපුරු දල්වා පූජා ස්ථානය සුවඳවත් කරන්න. (දැන් ගණ දෙවියන් ඉදිරියේ හිඳගෙන පහත දී ඇති මන්ත්ර කියා ඉහත සිදුකළ සියලු පූජාවන් නිවැරදිව ගණ දෙවියන්ට වාචිකව පූජා කරන්න) ගණපති මූල මන්ත්රය - “ඕම් අයිම් හ්රීම් ශ්‍රී ම් ක්ලීම් ග්ලෝම් ගම් ගණපතයේ වර වරද සර්වජනම් මේව ස්වාමනයේ ස්වාහා…” 07 වරක්…. ගණ දෙවියන්ට ආසනයට ආරාධනා කරන්න මේ මන්ත්රය 03 වරක් කියන්න. ඕම් සිද්ධි බුද්ධි සහිත ශ්‍රී මහා ගණපතයේ නමහ– ආසනම් සමර්පයාමි” ගණ දෙවියන්ට වස්ත්ර (සළු) පූජා කිරීම - “ඕම් සිද්ධි බුද්ධි සහිත ශ්‍රී මහා ගණපතයේ නමහ– වස්ත්‍රම් සමර්පයාමි” ගණ දෙවියන්ට මල් මාල පූජා කිරීම - ඕම් සිද්ධි බුද්ධි සහිත ශ්‍රී මහා ගණපතයේ නමහ– පුෂ්ප මාලම් සමර්පයාමි” ගණ දෙවියන්ට කුම්කුම පූජා කිරීම - “ඕම් සිද්ධි බුද්ධි සහිත ශ්‍රී මහා ගණපතයේ නමහ– කුම්කුමම් සමර්පයාමි” ගණ දෙවියන්ට මල් පූජා කිරීම - “ඕම් සිද්ධි බුද්ධි සහිත ශ්‍රී මහා ගණපතයේ නමහ– පුෂ්පම් සමර්පයාමි” ගණ දෙවියන්ට පහන් පූජා කිරීම - “ඕම් සිද්ධි බුද්ධි සහිත ශ්‍රී මහා ගණපතයේ නමහ– දීපම් දර්ශයාමි” ගණ දෙවියන්ට සුවඳ දුම් පූජා කිරීම - “ඕම් සිද්ධි බුද්ධි සහිත ශ්‍රී මහා ගණපතයේ නමහ– ධූපම් සමර්පයාමි” ගණ දෙවියන්ට පලතුරු පූජා කිරීම - ඕම් සිද්ධි බුද්ධි සහිත ශ්‍රී මහා ගණපතයේ නමහ– පලම් සමර්පයාමි” ගණ දෙවියන්ට ආහාර පූජා කිරීම - “ඕම් සිද්ධි බුද්ධි සහිත ශ්‍රී මහා ගණපතයේ නමහ– නෛවේද්‍යම් මෝදකමාය රිතුඵලම්ච සමර්පයාමි” ගණ දෙවියන්ට බුලත් පූජා කිරීම- “ඕම් සිද්ධි බුද්ධි සහිත ශ්‍රී මහා ගණපතයේ නමහ– මුඛ වසර්තමේල පූගි ඵලාදි සහිතම් තාම්බූලම් සමර්පයාමි” ඉන්පසු සුදු මල් වට්ටිය හා බෙලි පත්ර වට්ටිය ගෙන ගණ දෙවියන් ඉදිරියේ ඉතාම භක්තියෙන්, “ඕම් ගම් ගණපතයේ නම–“ යන මන්ත්රය 108 වරක් කියා මලින් මල ගණ දෙවියන්ට අර්චනය කරන්න. (එක් වරකට ප්‍රතිමාවට එක් මල හා පත්‍රයක් බැගින් මන්ත්රය කියා දමන්න) (පසුව පහත දී ඇති මන්ත්ර ස්තෝත්ර කියමින් ඉතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ගණ දෙවියන්ට වන්දනා කරන්න) ගණපති ස්තෝත්ර - “වක්‍රතුන්ඩ මහාකාය සූර්ය කෝටි සමක් ප්‍රභා නිර්විග්නම් කුර්මේ දේව සර්ව කාර්යේශු සර්වදා” (03 වරක්) “ඕම් ගම් ගණපතයේ නමෝ නමක් ශ්‍රී සිද්ධි විනායක නමෝ නමක් අෂ්ට විනායක නොමෝ නමක් ගණපති බාපා මොර්යයා” (03 වරක්) “ශුක්ලාම් භරම් ධරම් විෂ්ණුම් ශෂීවර්ණම් චතුර් භූජම් ප්‍රසන්න වදනම් දශ්ෂත් සර්ව විස්තෝප ශාන්තයේ අග ජානා පද්මාර්කම් ගජානා මහා නිර්ෂාම් අනේක දන්ත භක්තානාම් ඒක දන්ත මුපාස්මහේ ගනේෂවරෝ ගණ ක්‍රිටෝ ගණනාතෝ ගනාධිපක් ඒක දන්තෝ වක්‍රතුන්ඩෝ ගජ චකේ‍රා් මහෝධරක් ලම්බෝධරෝ ධූමවර්නො විලම්බීතෝ විගණනායකෝ සුමුඛෝ දුර්මුඛෝ පුත්රෝ විස්නරාජෝ ගජාණනක්” (03 වරක්) ගණ දෙවි කන්නලව්ව - සාධූ! සාධූ! සාධූ! අත අත් නගා ෙදාහොත් මුදුනේ තබා වැන්දෙන්, හුරු අත් නුහුරු කර වැන්දෙන්, නුහුරු අත් හුරු කර වැන්දෙන් ශ්‍රී මත් උතුම් වූ ගණේෂ නම් නාමෝපලක්ෂිත දිව්ය රාජෝත්තමයාණන් වහන්ස…. අති පාරිශුද්ධ ශුභ වර්ණයෙන් මුළු ශ්‍රී ලංකා ධරණිතලයම ඒකාලෝක කරමින්, දසත කීර්ති බල පතුරුවමින් වැඩ වසන්නාවූ ඔබ වහන්සේට වැඳ නමස්කාර කොට, කැවිලි සහිත පලතුරු පූජාවක් පවත්වා, මලින් පහනින්, සුවඳ දුමෙන්, බුලතින් ආදියෙන් යුතුව පූජාවක් පවත්වා ඔබ වහන්සේගේ දෙපා මුල වැඳ වැටී සැල කර සිටින මේ කනලව්ව දිව නෙතින් බලා දිව කනින් අසා මට ඉෂ්ටාර්ථ සිද්ධිය සලසා දෙන සේක්වා…. (කන්නලව්ව කෙටියෙන් කරනවා නම් මේ දක්වා ප්‍රමාණවත්ය. කන්ලව්ව දීර්ඝව කරන්න අවශ්ය නම් පහත ඇති කොටසක් සමඟම සම්පූර්ණයෙන්ම කන්ලව්ව සිදු කරන්න) තවද ඔබ වහන්සේ සුර බඹ නර සියලු ලෝකවාසීන්ට නැණ නුවණ දෙමින්, සකල ඓශ්චර්යයත් සර්ව සෞභාග්‍යයත් ළඟා කර දෙමින් මෙම කලියුග වර්ෂය තුළ “මහා ගණපති” නම් මූර්තියෙන් ලොව පහළ වී යන්ත්ර, මන්ත්ර, තන්ත්ර ආදී සියලු ශාස්ත්‍රයන්ට අධිපතිව කාර්ය සිද්ධිය සලසමින් අණවින, කොඩිවින, අංගම් පිල්ලි, සූනියම්, කේම බන්ධන, සියලු වින ෙදා්ස විධ්වංසනය කරමින් ශාන්තිය දානය කරනවා සත්‍යවාදී සැබෑ නම්… “වල්ලභ ගණේෂ” මූර්තියෙන් ලොව පහළ වී සියලු පෙම්වත් යුවතිපතීන්ට සර්ව ආරක්ෂාව සලසා දෙමින් සැප සම්පත් දානය කරනවා සත්‍යවාදී සැබෑ නම්…. “බාල ගණේෂ” නම් මූර්තියෙන් ලොව පහළව සකල ලෝකවාසී සියලු බිලිදුන්ගේ වස්‍ෙදාස් නිවාරණය කොට සෞඛ්ය සම්පත්තිය දානය කරමින්ද ලෝකවාසී සියලු සත්ත්වයන්ගේ අභිවෘද්ධිය පිණිස දරුපල දානය කරමින්ද ශාන්තිය දානය කරන බව සත්‍යවාදී සැබෑ නම්.. “වීර ගණේෂ” මූර්තියෙන් අසාධාරණයට, අයුක්තියට එරෙහිව සාධු ජනයා ආරක්ෂා කර සතුරන් නසා සාධු ජනයාට චිර ජීවනය දානය කරන බව සත්‍යවාදී සැබෑ නම්…. “භේරම්භ ගණේෂ” මූර්තියෙන් ලොව පහළව කලට අව් වැසි ලබාදී, ගව සම්පත, සස්ය බෝග ආරක්ෂා කොට ලෝකවාසීන්ට සශ්‍රීකත්වය දානය කරන බැව් සත්‍යවාදී සැබෑ නම්… මෙම කලියුගයට “ශක්ති ගණේෂ” මූර්තියෙන් ලොව පහළ වී සත්ත්වයාගේ රෝගාබාධ දුක් දුරුකර නිරෝගීභාවය දානය කරනවා සත්‍යවාදී සැබෑ නම්…. “ධරණී ගණේෂ” මූර්තියෙන් ලොව පහළව පොළෝ බහිරවයන්ට නායකයාව පොළෝ ගැබ තුළ සැඟව ඇත්තා වූ මුතු මැණික් ආදිය සාධු ජනයාට දානය කරමින්ද භූමි ෙදා්ෂ නිවාරණය කරන බැව් සත්‍යවාදී සැබෑ නම්… “බුද්ධි ගණේෂ” මූර්තියෙන් ලොව පහළව සකලවිධ ශිල්ප ශාස්ත්‍රයන්ද විද්‍යාවන්ද ලොවට පහළ කරමින් ධර්ම ශාස්ත්‍රයන් ප්‍රගුණ කරවා සාධු ජනයා වෙත ලෞකික සත්යයද ලෝකෝත්තර සත්යයද අවබෝධ කර දෙනවා සත්‍යවාදී සැබෑ නම්… “නෘත්ය ගණේෂ” මූර්තියෙන් පහළව සූසැට කලා ශිල්පාදීන් ලොවට පහළ කොට පොළෝ තලය සුන්දර කරනු වස්, ලෝක සත්ත්වයා වෙත නෘත්ය ගීත වාදිත සකල කලාවන් ප්‍රගුණ කිරීමේ ප්‍රඥාව දෙවා වදාරනවා සත්‍යවාදී සැබෑ නම්… ඔබ දෙවි හාමුදුරුවන් වහන්සේට ගඳින්, මලින්, පහනින් රසෝපේත පලතුරු හා ආහාර පූජාවෙන් උපහාර දක්වා, මා විසින් ඔබේ පාද මූලයෙහි වැඳ වැටී පතා සිටින්නා වූ සියලු සුබ අභිප්‍රායන් ඉෂ්ට සිද්ධ කරවාදී, ධනය ආඪ්ය කරවා දී, රෝග භය, අමනුෂ්ය භය, දුර්භික්ෂ භය තුරන් කරවාදී, නැණ නුවණ දියුණු කරවාදී, බිලින්දන් ආරක්ෂා කරදී, සප්ත සම්පත්තිය පහළ කරවා දී, දෙවි ෙදා්ෂ, දිවි ෙදා්ෂ, ඇස්වහා කටවහා ෙදා්ෂ, අඬෝවැඩියා ෙදා්ෂ නිවාරණය කර දී, සකල ඓශ්චර්යයත්, සර්ව සෞභාග්‍යයත් දානය කරවා ඉෂ්ටාර්ථ සිද්ධිය සලසා දෙන්නට ශ්‍රී ගණපති දිව්ය රාජෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේගේ කීර්ති නාමයට ඇඳිලි බැඳ වැඳ වැටී සිටින මා ආරක්ෂා කරවාදී වැඩ වදාරන සේක්වා! කීර්ති පස්වාන් දහසකට ආයුබෝ වේවා! ආයුබෝ වේවා! ආයුබෝ වේවා! දැන් ඔබ ඉතාම භක්තියෙන් ගණ දෙවියන්ට වන්දනා කර ඔබේ යහපත් අරමුණු නව වසර තුළදී සාර්ථක කර, බලාපොරොත්තු ඉෂ්ට කරදී තමාට ආශීර්වාද කරන මෙන් ඉල්ලා සිටින්න. පසුව ගණ දෙවියන්ගේ නාමය සිහිපත් කොට “පින් අනුමෝදන්” කර පූජාව අවසන් කරන්න. ගණ දෙවියන්ට පින් දෙන ගාථාව - “යන් අම්මේහි කතං පුණ්‍යන් සබ්බ සම්පත්ති සාධකන් ගණපති දේව රජාණන් අනුමෝදන්තු සාධාරං” (මෙම පූජාව ඔබගේ යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ටකර ගැනීම පිණිසත්, ගණ දෙවියන්ගේ ප්‍රසාදය දිනා උපකාර ලබා ගැනීමටත් හැකි ඉතාම යහපත් අවස්ථාවකි) සැ.යු.: ගණ දෙවියන් නෑවූ ජලය විසි නොකර එම ජලය නිවෙස පුරාත් ඉඩම වටාත් ඉස ගැනීමෙන් ඇස්වහ කටවහ, අමනුෂ්ය ෙදා්ෂ ඇතුළු සියලු ෙදාස් දුරු වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk