Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පාපී ග්‍රහයෝ දෙන්නේ අසුබපල විතරමද?

1 year ago 7 Min read
Subha.lk

කේන්දරයක ඇති භාව ෙදාළොසින් උපචය ස්ථානවලටද වැදගත් තැනක් ලැබෙයි. උපචය ස්ථාන ලෙස හඳුන්වන්නේ කේන්දරයක 03, 06, 10, 11 යන භාවයන්ය. පාප ග්රහයන් වන්නේ රවි, කුජ, ශනි, රාහු යන ග්රහයන්ය. මෙම පාප ග්රහයන් උපචය ස්ථානවලට සුබ වන්නේ කෙසේ දැයි බලමු. 03 භාවය – කේන්දරයක 03 භාවයෙන් කියනු ලබන්නේ වික්රමස්ථානය, සහෝදර ස්ථානය, බලය යන දේවල්ය. රවි ග්රහයා 03 වැන්නට සිටීම ඉතා යහපත්ය. පොත්පත් ලිවීමටද හොඳයි. රටට – ජාතියට වැඩදායක අයකු වෙයි. වික්රමාන්විත කෙනකුද වෙයි. කුජද 03 වැන්නට සුබ පල දෙන ග්රහයෙකි. කුජ 03 වැන්නේ සිටීමෙන් එඩිතර අයකු මෙන්ම කිසිම දෙයකට පසු නොබසින කෙනකුද වෙයි. කාර්මික කටයුතුවලටද දක්ෂ අයෙකි. ඕනෑම දෙයකට ඔරොත්තු දෙයි. නමුත් අත්වලට අනතුරු වන්නට ඉඩ ඇත. ශනි 03 වැන්නේ සිටීම දේශපාලනයට යහපත්ය. හොඳින් ඉවසන්නට පුළුවන. ඉක්මනින් කෝපයට පත් නොවෙයි. රාහුද 03 වැන්නට යහපත්ය. රාහු යනු වේගවත්ව ක්රියා කරන ග්රහයෙකි. සිතන දේ කරයි. නමුත් අකීකරු නොවෙයි. උපන් ප්රදේශයට වඩා පිට පළාතකදී දියුණුව ලබයි. 06 භාවය – 06 වැන්නෙන් කියන්නේ ලෙඩ රෝග, සතුරන්, මෙහෙකරුවන් ගැනය. රවි 06 වැන්නේ සිටීමෙන් ලෙඩ රෝග අඩුය. ශරීරය ශක්තිමත්ය. තමන්ට විරුද්ධව එන සතුරන් මෙල්ල කර ගන්නට පුළුවන. ආයතනයක ප්‍රධානියකුට ඉතා සුදුසුය. මෙහෙකරුවන්ගෙන් වැඩ ගන්නට පුළුවන. සොර සතුරන්ද ළං නොවෙයි. සැප සම්පත් ඇතිව හොඳින් ඉන්නට පුළුවන. කුජද 06 වැන්නට සුබ ග්‍රහයෙකි. කුජ 06 සිටීමෙන් කාටවත් බය නැත. කඩිසර අයෙකි. කම්මැළි නැතිව වැඩ කරන අයෙකි. සෙනසුරු ග්‍රහයාද 06 වැන්නට සුබපල ලබාදෙයි. සෙනසුරු 06 නම් සතුරු කරදර මැඬපවත්වා ගන්නට පුළුවන. බලය ලබා ප්‍රසිද්ධ අයකු වන්නටද පුළුවන. කඩිසර අයකුද වෙයි. රාහු 06 සිටීමෙන් නිතරම එක තැනක නොසිටී. ආයතනයක ප්‍රධානියකුට නම් නිතරම ඇවිදිමින් සොයා බලා කටයුතු කරන්නටද පුළුවන. එනිසා සේවකයන්ද උනන්දුවෙන් වැඩ කරයි. සොර සතුරන්ගෙන්ද දේපළ ආරක්ෂා කර ගන්නට පුළුවන. 10 භාවය – කේන්දරයක 10 වැන්න කේන්දර ස්ථානයක් වෙයි. 10 වැන්න කර්මස්ථානය ලෙසද හඳුන්වයි. රැකියාව, ගෞරවය, බලය, ප්‍රසිද්ධිය, වගකීම වැනි දේ මෙයින් කියැවෙයි. 10 වැන්න රවිට හා කුජට දිග් බල ස්ථාන වෙයි. රවි 10 සිටීමෙන් රජයේ රැකියාවක් කරන අයකු වනු ඇත. මේ අය අනුන් යටතේ වැඩ කරන්නට අකැමැතිය. පියාට යහපත්ය. පියාගෙන් ආධාර උපකාර ලබා ගන්නටද පුළුවන. වැඩකටයුතුවලට දක්ෂ අයෙකි. ඉහළ පිළිගැනීමක්ද ඇත. කුජද 10 වැන්නට සුබපල ලබා දෙයි. මේ අය සුළු වැටුපකට වැඩ කරන්නට කැමැති නැත. වැඩි ආදායමක් ලබන්නට උත්සාහ ගනියි. ආරක්ෂක අංශයේ රැකියාවලට මේ අය ඉතා සුදුසුය. වෙළෙඳ ව්‍යාපාර කරන අයටද සුබයි. කරදර බාධක නොසලකා වැඩ කරන්නට පුළුවන. සෙනසුරුද 10 භාවයට යහපත්ය. කුලී වැඩ කරන අයටද සෙනසුරු 10 සිටීමට පුළුවන. තමන් කරන රැකියාව දුක් කරදර විඳගෙන හෝ කරයි. අනෙක් ග්රහ බලපෑම් ද හොඳින් තිබුණොත් දේශපාලනයටද යහපත්ය. මකර ලග්න අයට සෙනසුරු 10 සිටීම ඉතාම යහපත්ය. 10 වැන්නේ රාහු සිටීමෙන් ප්‍රසිද්ධියට පත්වනු ඇත. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සුබයි. උසස් තත්ත්වයට පත්වෙයි. නිතරම වැඩකටයුතුවල යෙදෙයි. ඇවිදිමින් රැකියා කරන අයටද රාහු 10 සිටීම යහපත්ය. මාර්ග උපදේශකයන්ටද රාහු 10 සිටීම යහපත්ය. 11 භාවය – 11 වැන්න අයස්ථානයයි. ධනය ලැබීම පෙන්වන ස්ථානයයි. ආදායම, හදිසි ධන ලාභ මෙයින් කියැවෙයි. රවි 11 නම් ආණ්ඩුව සම්බන්ධ සම්බන්ධකම් ඇති අයෙකි. ස්වාමි පක්ෂයෙන් උදවු උපකාර ලබා ගන්නට පුළුවන. උදේ‍යාගිමත් අයෙකි. උසස් අය ආශ්රයට ලැබේ. තම දක්ෂකම් නිසා ප්‍රසිද්ධියට පත්වෙයි. ආඩම්බර ගති ඇත. කුජ 11 නම් වෙහෙස මහන්සි වී වැඩ කරයි. පොළොවෙන් ආදායම් ලබයි. මැණික් ගරන්නට යහපත්ය. කෘෂිකාර්මික කටයුතුවලින් ආදායම ලබන්නටද පුළුවන. හොඳින් හෝ නරකින් ආදායම් උපයන්නට බලයි. සෙනසුරු 11ටද යහපත්ය. වතුපිටි – දේපළ ලබයි. බලාපොරොත්තු අත්නොහරී. මේ අයට හදිසි ධන ලාභද ඇත. රාහු 11 සිටීමෙන් මුදල් උපයන්නට දක්ෂය. කෙසේ හෝ මුදල් උපයන්නට සිතයි. පාප ග්‍රහයන් මෙසේ උපචය ස්ථානවලට සුබ පල ලබාදෙනුයේ එම ග්‍රහයන් එම ස්ථානවලට යහපත්ව සිටීමෙන් පමණි. පාප ග්‍රහයන් එම ස්ථානවල අසුබව සිටී නම් යහපත් ප්‍රතිඵල නොලැබෙන්නට පුළුවන. එවිට එම ස්ථානවලට සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබෙනවා දැයි බැලිය යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk