Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබේ නිවෙසත් සුබ නිවෙසක්ද වාස්තුවට අනුව බලාගන්න

1 year ago 7 Min read
Subha.lk
වාස්තු විද්යානුකූලව නිවෙසක් තැනීම අද අප සමාජයේ බොහෝ දෙනාගේ ඒකායන පැතුමයි. ජීවිත කාලයේ වැඩිම කාලයක් අප ගෙවන්නේ එම නිවෙස තුළයි. එම නිසා නිවෙසක් තනන විට වාස්තු ශාස්ත්රය උපයෝගි කර ගැනීමට අද බොහෝ දෙනා උත්සුක වේ. එය ඉතා හොඳ ප්රවණතාවකි. වාස්තු විද්යාව යනු ඉතා පැරණි විෂයකි. මිනිසා විසින් මෙතෙක් සොයාගෙන ඇති පැරණිම ලේඛන වන ක්රි.පූ. 2500යේ පමණ ලියන ලද වේද පොත්පත්වල වාස්තු විද්යාව ගැන සඳහන් වේ. නිවාස හා ගොඩනැඟිලි ඉදිකිරීම කෙරෙහි ස්වභාවධර්මය හා දෙවියන්ගේ බලපෑම වාස්තු විද්යාව ලෙස කෙටියෙන් දැක්විය හැකිය. නිවෙසක් තැනීමේදී අනිවාර්යයෙන්ම වාස්තු විද්‍යානුකූලවම තැනිය යුතුයි. නිවෙස ලෙස හඳුන්වන්නේ මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් එකකි. අප ජීවිතයේ වැඩි කාලයක් ගත කරන්නේ මේ නිවෙස තුළයි. ඉතින් අප ජීවත් වන ඒ සුන්දර නිවෙස වාස්තු විද්‍යානුකූලවම තනා ගැනීම තුළින් අපට සොඳුරු සෞභාග්‍යවත් ජීවිතයක් ගත කළ හැකිය. නිවෙසක් තැනීම සඳහා පළමුව තමන් තෝරා ගත් ගේ බිම (ඉඩම) දක්ෂ ජේ‍යාතිෂ හා වාස්තුවේදියකු ලවා පරීක්ෂා කර ගත යුතු අතර ඉන් අනතුරුව මුලින්ම නිවෙස තැනීමට යෝජිත ස්ථානයේ රියනක අඟල් 32 වළක් හාරා එයට වතුර පුරවන්න. ඊට පසු පියවර 100ක් සාමාන්ය ගමනින් ඉදිරියට ගොස් නැවත ඉතා වේගයෙන් හෑරූ වළ වෙත පැමිණෙන්න. එවිට වතුර දැමූ මට්ටමටම එහි වතුර තිබේ නම් එය නිවෙසක් තැනීමට ඉතාම සුදුසු භූමියකි. එය ඉතා සුබ දායකය. නැතිනම් එතරම් සුබ නැත. තවත් ක්රම රාශියක් තිබෙන අතර ඉහත ක්රමය මින් ප්‍රධාන වේ. ගෙය සෑදීම සඳහා ගේ බිමක් තෝරා ගත් පසු එම බිම් කොටස මුලින්ම කොටස් 4කට බෙදා වෙන්කරගත යුතුය. ඉන් අනතුරුව එහි හරි මැද කොටස බ්‍රහ්මස්ථානය වශයෙන් හඳුන්වනවා. එම බ්‍රහ්මස්ථානය වටා ඇත්තේ දේව පාදයයි. දේව පාදයට පිටින් මනුෂ්ය පාදයත් එහි වටේට ප්‍රේත හෙවත් පිශාච පාදයත් පිහිටා තිබෙනවා. හුඹස් ඇති ඉඩම්වල නිවාස සෑදීම සුදුසු නැති අතර එමඟින් නිවෙසේ බිරියට එයින් අපල උදා වේ. නිවාස සැලසුමක රජයේ අනුමැතිය අනුව වැටට හෝ තාප්පයට තිබිය යුතු අවම දුර ප්‍රමාණය අඩි හතහමාරක් පමණ වේ. නිවෙසක ෙදාර, ජනෙල් අඩුවෙන් තැබිය යුත්තේ බටහිර හා නැඟෙනහිර දිශාවලටය. නිවෙසක් තැනීමේදී වැඩි ඉඩ ප්‍රමාණයක් තැබිය යුත්තේ උතුරට හා නැඟෙනහිරටය. දෙපැත්තට පාරවල් 2ක් ඇති ත්‍රිකෝණාකාර ඉඩමක නිවෙසක් සෑදීම සුබ නැත. එය ඉතාම අසුබදායක වේ. නිවෙසක දිග පළල ගණනය කළ යුත්තේ ගෘහ මූලිකයාගේ ජන්ම නැකැත අනුවය. නිවෙසක මුල්ගල තැබිය යුත්තේ මුලු 4 මත වන අතර හරිමැද එයට නොගැළපේ. නිවෙසේ මැද මර්මස්ථාන නිසා මෙන්ම බ්‍රහ්ම පාදය මෙයින් පීඩාවට පත්වේ. එය අසුබය. ඕනෑම කෙනකුට නිදහස තිබෙනවා තමන්ගේ ආත්ම විශ්වාසය අනුව කටයුතු කිරීමට, ඒ පිළිබඳව ගැටලුවක් නෑ. නමුත් තුන්කල් දක්නා නුවණින් යුතු ඍෂිවරයන්ට හැර සාමාන්ය පුද්ගලයන්ට මේ මහා විශ්ව ශක්තිය තේරුම් ගැනීමට අපහසුයි. ඒ නිසාවෙන් නිවැරදි නැකැත් භාවිතය ඉතාම සුබදායක වෙනවා. ඒ වගේම නිවාස තැනීමේදී නිවැරදි ජන්මපත්ර පරීක්ෂාවකින් දක්ෂ ජේ‍යාතිෂවේදියකුට හැකියාව තිබෙනවා යම් පුද්ගලයකුගේ හඳහනේ ග්රහ පිහිටීම් අනුව නව නිවෙසක් තැනීමට හැකිද නොහැකිද යන්න වටහා ගැනීමට. ඒ නිසාවෙන් අප විසින් නව නිවෙසක් තැනීමේදී ජේ‍යාතිෂානුකූල ක්‍රමවේදයන් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුයි. විශේෂයෙන්ම ගෙය තැනීමට මූලික වන පුද්ගලයාගේ උපන් නැකැතට සීහුම් වන නැකැතක් අනුව සෑදූ සුබ නැකැතක් අනුව ආරම්භ කිරීම ඉතාම සුබදායකයි. නව නිවෙසක් තැනීම සඳහා සුබ නැකැත් බැලීම හැර අවධානය යොමු කළ යුතු වෙනත් කරුණු රාශියක් ඇති අතර මුලින්ම අපි බලන්න ඕනෑ නිවෙස සාදන කෙනාට තමාටම කියා නිවෙසක් ඉදිකිරීමට හැකියාවක්, භාග්‍යයක්, වාසනාවක් තිබෙනවාද කියා. ඊට අමතරව හදිසි අනතුරු, ඥාති වියෝග, හිර බන්ධන වැනි දේ යෙදෙන කාලයක්ද කියා විමසා බැලිය යුතු වෙනවා. නිවෙසට අදාළ නැකැත හදා ඇති පුද්ගලයා එසේත් නැතිනම් බොහෝ විට ගේ හිමියා විසින් මුල්ගල තැබිය යුතුයි. නිවෙසකට කාමර 3ක්, 5ක් වැනි ගණනක් ඉතාම සුදුසු වන අතර නිවෙසකට සූර්යාලෝකය මූලිකවම ලැබෙන්නේ නැඟෙනහිර දිශාවෙන්ය. එසේ නම් එම දිශාවට අනුගත කළ යුතු නිවෙසක ප්‍රධාන කාමර අතර කෑම කාමර හා ඉගෙනුම් කාමර හා විශේෂයෙන්ම නාන කාමර වැනි දේ මේ දිශාවට ඉතාමත් හොඳින් ගැළපෙනවා ඇත. ප්‍රධාන දිශාවක් වන උතුරට අනුගත කළ යුතු නිවෙසේ ප්‍රධාන අංග අතර උතුර යනු ප්‍රධාන දිශාවක් නිසා නිවෙසේ වටිනා දේවල් තබන ස්ථාන ප්‍රධාන කාමර, ඉගෙනුම් කාමර වැනි දේ උතුරට ගැළපෙන්නේය. දකුණු දිශාවට ගැළපෙන කාමර අතර කෑම කාමරය හා නිදන කාමර ඉතාම සුදුසු වන අතර ළමයින්ගේ නිදන කාමරය, ඉගෙනුම් කාමර වැනි දේවල් බටහිර දිශාවට ඉතාමත් හොඳින් ගැළපෙනු ඇත. වයඹ දිශාවට ප්‍රධාන වශයෙන් ගැළපෙන්නේ වැසිකිළිය. ගරාජය, අමුත්තන්ගේ කාමරය, ඒ වගේම සතුන් රඳවා තබන ස්ථානද ඒ සඳහා සුදුසුය. නිවෙසක ප්‍රධාන හා අත්‍යවශ්ය උපාංගයක් වන්නේ නිවෙසේ මුළුතැන්ගෙයයි. එය ඉතාම වැදගත් වන අතර ඒ සඳහා සුදුසු වන්නේ අනු දිශාවක් වන ගිනිකොන දිශාවයි. ඒ වගේම ගිනිකොන ගරාජය සඳහාත් ගැළපෙන දිශාවක් වෙනවා. ගිනිකොනට කුස්සිය තැබීම අසීරු නම් ඊළඟට යොදා ගත යුත්තේ වයඹ දිශාවය. නිවෙසේ ඉතාම වැදගත් අංගයක් වන පූජා කාමරය නැතිනම් ආගමික වතාවත් කරන ස්ථානය පිහිටුවීමට වඩාත්ම සුදුසු ස්ථානය වන්නේ ඊසාන දිශාව වන අතර ඊට අමතරව ප්‍රධාන පිවිසුම් ෙදාර ඉස්තෝප්පුව වගේ අංග සඳහාත් එම දිශාව හොඳින් ගැළපෙනු ඇත. නිරිත දිශාව ගැළපෙන්නේ නිවෙසක ප්‍රධාන නිදන කාමරය, ඇඳුම් කාමරය හා වටිනා බඩු තබන කාමර වැනි දේවල් සඳහාය. හරි මැදට තරප්පු පෙළ යෙදීමද ඉතාමත් අසුබය. නිවෙසක ප්‍රධාන උළුවස්සට ඉහළින් ලම්බකව ඉහළ මහලේ උළුවස්ස තැබීම ඉතාමත් අසුබ වන අතර නිවෙසට වඩාත් සුදුසු වහල ක්රමය වන්නේ දෙපළය සහිත වහලත් ඊට අමතරව වහල 5ක් සහිත වහල සහිත නිවෙසත් ගැළපේ. නිවාසවලට රවුම් බිත්ති සුබ නොවේ. නිවෙසක ෙදාරවල් ගණන ඔත්තේ විය යුතුය. එනම් 3,5,7,9,11 ආදී ලෙසද ජනෙල් ගණන ඉරට්ටේ විය යුතුය. එනම් 2,4,6,8,10 ලෙසද මෙම දෙවර්ගයේම එකතුව ඔත්තේ විය යුතුයි. (ලී හා ලී රාමුවක් සහිත ඒවා පමණක් ගණන් ගත යුතුයි.) ප්‍රධාන ෙදාරට තනි පියන හෝ පියන් දෙක සුදුසුයි. නිවෙසට පිවිසෙන ප්‍රධාන ෙදාර මාර්ගයට කෙළින්ම පිහිටීම අසුබ වන අතර නිවෙසක ෙදාරවල් ඉතා කුඩා වීම සුබදායක නොවන අතර ඒ නිසා පරම්පරාවේම විනාශය ඇති විය හැකිය. නිවෙසකට නව කොටසක් එක් කිරීමේදී නියමිත දිග හා පළල ගත යුතු පැත්ත වාස්තු විද්‍යාව දත් අයකු ලවා පරීක්ෂා කර ගැනීම කළ යුතුය. නිවෙසක ප්‍රධාන උළුවස්ස මැදින් මුදුන් යටලීය පිහිටා තිබීම ඉතා අසුබයි. උළුවස්සක උස ප්‍රමාණය පළල මෙන් දෙගුණයක් වන අතර උළුවහු තුනක් එක කෙළින් තැබීම අසුබ වන අතර වෙනස්ව තැබීම ඉතාම සුබදායක වනු ඇත. ඉහත දක්වන ලද්දේ නිවෙසක් ඉදිකිරීමේදී අනුගමනය කළ යුතු සරල වාස්තු විද්‍යාත්මක ක්‍රමවේද කිහිපයකි. ඒ අනුව ඔබත් ඉහත වාස්තු උපදෙස් අනුගමනය කරමින් සොඳුරු නිවහනක හිමිකරුවකු වන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk