Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

2023 නව වසරේ සුබ වැඩට සුබ දවස්

1 year ago 7 Min read
Subha.lk
මැයි මාසය - 02 වැනි කුජ දින මුළු දවසම ශුභයි. - උත්‍රපල්, හත නැකැත් පවතී. රවි, සඳු, කුජ යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වගා කටයුතු ආදියට ශුභයි. 03 වැනි බුධ දින පෙ.ව. 11.26 දක්වා ශුභයි. - හත නැකැත යෙදේ. රවි, චන්ද්ර, කුජ, ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, විවාහ කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා භාර ගැනීම, ගිවිසුම් කටයුතු ආදියට ශුභයි. 04 වැනි ගුරු දින රාත්‍රි 11.42 දක්වා ශුභයි. - මෙදින සිත, සා නැකැත් පවතී. කුජ, ගුරු, රාහු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළෙඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, විවාහය, ශාස්ත්‍රීය කටයුතු, ඉඳුල්කටගෑම, කන් විදීම, විවාහය, රැකියා කටයුතු ආදියට ශුභයි. 6 වැනි ශනි දින පෙ.ව. 7.30න් පසුව ශුභයි. - විසා නැකැත පවතී. සඳු, බුධ, ගුරු, කිවි, ශනි, රාහු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, ආගමික කටයුතු ආදියට ශුභයි. 8 වැනි සඳු දින පෙ.ව. 7.20 දක්වා ශුභයි. - දෙට නැකැත පවතී. සඳු, බුධ, කිවි, රාහු, කේතු, ශනි යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, නිවාස කටයුතු ආදිය සඳහා ශුභයි. 10 වැනි බුධ දින ප.ව. 1.51 දක්වා ශුභයි. - පුවසල නැකැත පවතී. රවි, සඳු, කිවි, ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුරන් පැරදවීම සඳහා ශුභයි. 21 වැනි රවි දින මුළු දවසම ශුභයි. - රෙහෙණ, මුවසිරස නැකැත් පවතී. චන්ද්ර, කුජ, රාහු, යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුන් පිළිබඳ කටයුතු, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, විවාහ කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, රැකියා භාර ගැනීම, ගිවිසුම් කටයුතු ආදියට ශුභයි. 22 වැනි සඳු දින පෙ. ව. 10.40 දක්වා ශුභයි . - මුවසිරස නැකැත පවතී. සඳු, කුජ, බුධ, ගුරු, කිවි, රාහු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළෙඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, ශාස්ත්‍රීය කටයුතු, ඉඳුල්කටගෑම, කන් විදීම, විවාහය, රැකියා කටයුතු ආදියට ශුභයි. 25 වැනි ගුරු දින ප.ව. 5.55 දක්වා ශුභයි. - ගුරුදා පුෂ නැකැත සමඟ කේවල සිද්ධි යෝගය යෙදේ. රවි, කුජ, බුධ, ගුරු, ශනි, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළෙඳාම, වෙදකම, වාහන කටයුතු, නිවාස කටයුතු, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, වෙහෙර විහාරස්ථාන කටයුතු ආදියට මුහුර්ත සකස් කර ගත හැකිය. 28 වැනි රවි දින පෙ.ව. 9.57 දක්වා ශුභයි. - පුවපල් නැකැත පවතී. රවි, සඳු, කිවි, ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, තරග විභාග, සතුරන් පැරදවීම ආදී කටයුතු සඳහා මුහුර්ත සකස් කළ හැකිය. ජුනි මාසය - 01 වැනි ගුරු දින ප.ව. 6.56 දක්වා ශුභයි. - සා නැකැත පවතී. රවි, කුජ, ගුරු, ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, රථවාහන කටයුතු, නිවාස කටයුතු, විවාහ කටයුතු, ඉඳුල්කටගෑම ආදියට මුහුර්ත සකස් කර ගැනීමට ශුභ වේ. 02 වැනි කිවි දින ප.ව. 12.48 දක්වා ශුභයි. - සා සහ විසා නැකැත් පවතී. රාහු, ශනි, ගුරු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, වෙළෙඳාම, විවාහය, ශාස්ත්‍රීය කටයුතු ආදී කටයුතු සඳහා ශුභයි. 06 වැනි කුජ දින ප.ව. 2.21 දක්වා ශුභයි. - පුවසල නැකැත පවතී. රවි, සඳු, රාහු, ශනි, කිවි, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට ගොවිතැන් කටයුතු, සතුරන් මර්දනය සඳහා ශුභයි. 08 වැනි ගුරු දින ප.ව. 7.02 දක්වා ශුභයි. - සුවණ නැකැත පවතී. රවි, සඳු, කුජ, ශනි, රාහු, කේතු යන විංශෝත්තරී මහ දශාවලින් උපන් අයට රථවාහන කටයුතු, ගෙවැදීම, කන් විදීම, ශාස්ත්‍රීය කටයුතු, ඉඳුල්කටගෑම, ගිවිසුම්, ගොවිතැන්, වෙදකම, හිසකෙස් කැපීම ආදී කටයුතුවලට නැකැත් සාදා ගැනීම ශුභය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk