Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නව වසරේ ඔබේත් ගෙදර දොරේත් ඇස්වහ කටවහ දොස් දුරැලන්න විස්මිත කෙමක් මෙන්න

1 year ago 7 Min read
Subha.lk
ජන සමාජය වැඩී කෙමෙන් සංකීර්ණ සමාජයන් දක්වා ව්යුහීය වෙනස්කම් සිදු වුවත් ඒවායේ සිදු කරන කටයුතුවල සහ යොදා ගන්නා ක්රමවේදයන් සම්පූර්ණ ලෙස බැහැර වී නැහැ. එනිසා වර්තමානයේ කොතරම් තාක්ෂණික දියුණුව, මෙවලම් භාවිතාව ආදිය ඉහළ තැනක තිබුණත් ඒවායින් සලසා ගත නොහැකි කාරණා පුරුදු විදිහටම පැරණි ආකාරයෙන් යොදා ගන්නට බොහෝ දෙනා උත්සාහ ගනු ලබනවා. ඒ අතරින් ඉපැරණි නිවාස ආරක්ෂාවන්, ශාන්ති කර්මයන්, බලවත් යන්ත්ර පැලඳවීම් ආදී සමහරක් ප්රමුඛ වනු ලබනවා. මේවා ඇත්ත වශයෙන්ම තාක්ෂණය හා දියුණු මෙවලම් භාවිතාවෙන් ප්රතිශතාත්මක උසස් තත්ත්වයන් ඇති කළ හැකි ඒවා නොවේ. උසස් පල නෙළා ගැනීමට නම් ඉහළ ශාස්ත්රීය ගුණත්වයෙන්ම එම කටයුතුවලට යොමු විය යුතුය. දියුණු නොදියුණු සමාජ තලයන් තුළ එදා මෙන් අදටත් බොහෝ සෙයින් පවතිනු ලබන ඇස්වහ – කටවහ දෝෂයන්ද පවතී. මේවා දුරු කරන, නැති කරන ප්‍රතිකර්ම කටයුතු අදට වඩා උසස් මෙන්ම යහපත් වූයේ ඉපැරණි සමාජය තුළය. නිවැරැදි ශාන්ති කර්ම, යන්ත්ර – මන්ත්ර ක්‍රමවේදයන් භාවිතයෙන් සියයට සියයක්ම සාර්ථක වන ආකාරයෙන් එකල මේ කටයුතු මුල් තැනක් ගනු ලැබීය. නමුත් අද නව තාක්ෂණය මෙවන් කටයුතු හමුවේ බිඳ වැටෙන බවද මෙතුළින් පෙන්වා දිය යුතු වන්නේය. කෙසේ නමුත් අද අපි ඔබට, ඔබේ පවුලේ සාමාජිකයන් නිතර පීඩාවට පත්වන, ඔබේ නිවසේ දුවා දරුවන් පීඩාවට පත්වන, නිවෙසේ ඉඩමේ ගහ කොළ – සතා සිවුපාවුන් පීඩාවට පත් කරන, ඇස්වහ – කටවහ දෝෂ බලවත්ව හරණය කරගන්නා ක්‍රමවේදයක් මෙසේ ගෙන එමු. ශරීරයේ හටගන්නා ඇස්වහ බිබිළි ආදියටත් වගේම ශරීර අභ්‍යන්තරයේ පවතිනා බලවත් දාහය නැති කර දමන්නටත් මේ ප්‍රතිකර්මය සුවිශේෂී වනු ඇත. විශේෂයෙන්ම තමාගේ කියන කටයුතු එකවර බිඳවැටීම, නොසිතූ හානිවලට මුහුණ දෙන්නට සිදුවීම වගේම පවත්නා ව්‍යාපාර කටයුතු මෙන්ම නිවෙස්වල මේ වන විට තත්ත්වයන් දියුණු තියුණුභාවයට පත් කර ගන්නටත් මෙය මහැඟි ක්‍රමවේදයකි. “මෙච්චර කාලයක් හොඳට කරගෙන ගිය ව්‍යාපාරය එකපාරටම කඩා වැටිලා… බඩුවක් – මුට්ටුවක් ගන්න කවුරුත් එන්නෙත් නැහැ…. හොඳට හැදිච්ච වගාව එක පාරටම පාළු වෙලා….. පණුවෝ ගහන්න පටන් අරන්….. හොඳට ඉගෙන අරන් ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච දරුවා දැන් කිසි දෙයක් කරන්නේ නැහැ… මේ ගෙදර ඉන්න හිතෙන්නේ නැහැ… ” මේ වගේ දේවල් නිතර අප අතරේ අහන්න දකින්න ලැබෙන දේවල්. ඇත්තෙන්ම මෙවැනි දේවල්වලට ප්‍රමුඛ වන්නේ මෙවන් බලවත් ඇස්වහ – කටවහ දෝෂයන්ය. මේ කටයුතු වෙනුවෙන් මෙම බලවත් ක්‍රමවේදය ඔබත් නිවෙසේ සිටම නිසි ලෙසින් පෙළගැසී දිවියට සුවය – සහනය සලසා ගන්න. නව වසර මුලදීම මෙවන් ආකාරයේ දෝෂ නිවෙස තුළිනුත් වගේම ජීවිත තුළිනුත් නිසි ලෙසින් ඉවත් කර ගැනීම් සිදු කරන්න. මෙය කෙම් ක්‍රමයකි. තනිවම තමාට හැකි උපරිමයෙන් සාර්ථකභාවය ඇති වන ලෙසින් කටයුතු සිදු කරන්න. අවශ්ය වන්නේ, 01. නැවුම්ව කඩා ගත් කදුරු ගෙඩි තුනක් පමණ, 02. අහු ගෙඩි 7ක්, 03. වියළි පැඟිරි දර, 04. කපුරු පෙති, 05. හොඳින් වියළි ගොම වැරටි, 06. තරමක තඹ හෝ පිත්තල භාජනයක්, 07. පැඟිරි තෙල් අවුන්සයක්, පුර පක්ෂයේ සෙනසුරාදා හෝ බදාදා දිනක පාන්දර 05.00ට පමණ මෙම කටයුත්ත සිදු කරන්නට පෙළගැසිය යුතුය. නිවෙසේ ඉදිරිපිට නැඟෙනහිර දෙසට යොමු වන ලෙසින් පිරිසුදු ස්ථානයක කෙසෙල් කොළයක් එළා ඒ මත තඹ හෝ පිත්තල භාජනය තබන්න. දැන් බිම් එළිය වැටෙන්නට කලින් එයට පැඟිරි දර දමා ගින්දර දමන්න. (තරමක අඟුරු එකතු වන තුරු හොඳින් අවුළුවන්න.) දැන් ඒ ගිනි අඟුරු මතට කැබලි කර ගත් ගොම වැරටි දමන්න. පසුව සූදානම් කරගත් අහු ගෙඩි 7 දෙකට පළා ගින්දරට දමන්න. කපුරු පෙතිද එකින් එක රත්වුණු භාජනයට දමන්න. දැන් තරමක දුමක් නැඟෙනු ඇත. ඊට පසුව කදුරු ගෙඩි 3 ගෙන, තියුණු පිහියකින් කදුරු ගෙඩි සිදුරු කරමින් එයින් කදුරු කිරි ගෙන අඟුරු බඳුනට දමන්න. දැන් ආධාරකයක් මඟින් බඳුන අල්ලාගෙන ප්‍රවේශමෙන් නිවෙස තුළත්, වටේටත්, ව්‍යාපාර ස්ථානයක් වේ නම් ඒ තුළත්, ඉඩම හෝ වත්ත පුරාත් පැඟිරි තෙල් බින්දුව බැගින් වත් කරමින් දුම් අල්ලන්න. ඇස්වහ බිබිළි සහිත වූ නිවැසියන්ටත් මේ දුම් අල්ලා දෝෂ හරින්න. මෙය ඉතාමත් බලවත් ලෙසින් අතීතයේද ඇස්වහ – කටවහ දෝෂ හැරීමේ ක්‍රමවේදයකි. ඇතමුන් දිනපතාද පැරණි නිවෙස්වල මැද මිදුලේ තබා මේ ඔෟෂධ බඳුන යොදා ගනිමින් උදේ සවස ඇස්වහ – කටවහ දෝෂ හරණය සිදු කර ඇත. කඩා වැටෙන වෙළෙඳ ව්‍යාපාර, භූමිපාළු සහිත ඉඩකඩම් සඳහාද මෙය යහපත් පල උදා කරනු ඇත. මේ නව වසරේ ඔබත් පෙර කී ලෙසින් මුල සිටම ඇස්වහ – කටවහ දෝෂ හරණය කර යහපත සලසා ගන්නට භාවිත කරන්න. ඔබට උතුම් විශ්වයේ බලයෙන් සුවය සහනය සැලසේවා!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk