Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඇස්වහ කටවහ දුරු කරන ප්‍රබල මන්ත්‍ර මෙන්න

1 year ago 7 Min read
Subha.lk
අප දෑසට ග්රහණය වනු ලබන ගහකොළ පටන් සෑම වස්තුවක් කරාම ඇස් වහ – කට වහ – හෝ වහ යන විස වායු ශක්තිය පැතිර පවතී. භූමියේ දළුලා වැඩෙන තණකොළ ගසට එසේම දීප්තිමත් වැලි ඇටයට පවා මේ විස වායු ශක්තිය හිංසා පමුණුවන බව පර්යේෂණ අනුව පෙනී ගිය කරුණකි. දරුවන්ගේ ඉණවට පබලුවැල් බඳින්නේ ද නළලත කළු පාට තිලක තියන්නේ ද පංචායුධ පළඳවන්නේ ද ගෙයක් තැනීමේදී ගෙය වට ආවරණය කර පඹයින් එල්ලන්නේ ද ව්යාපාර ආරක්ෂාවේදී දෙහි ගෙඩි තුනක් සමඟ මිරිස් කරල් එල්ලන්නේ ද දෙහි කපන්නේද මෙම ඇස් වහ – කට වහ – හෝ වහ උවදුරු දුරු කර ගැනීමටය. අපල දශාවලදී හා අසුබ දශා වලදී මෙම දෝෂ ඇති වීමේ ඉඩකඩ වැඩිය. ඉක්මනින් මේවාට ගොදුරු විය හැකිය. අතීතයේ ඇස් වහ කට වහ දුරු කර ගැනීමට සෑම වැඩිහිටියෙක්ම වාගේ දැනගෙන සිට ඇත. නිවෙස්වල යක් බලි – සෙත් බලි – මල් බලි – වස් බලි ආදී ශාන්තිකර්ම රැකගෙන ආවත් අද වන විට දෙහි කැපුම් ශාන්තියක් පමණක් ඉඳහිට දක්නට ලැබේ. මීට අමතරව ඇස් වහ මැතිරීම ඇස් වහ පිච්චීම යනුවෙන්ද ශාන්තිකර්ම පිළිවෙත් ඇත. වියළි මිරිස් කරල් හතක් – ගම්මිරිස් ඇට හතක් – ලුණුකැට – අබ – සීනක්කාරම් කැබැල්ලක් – තුන්මංසලක පයට පෑගෙන වැලි ටිකක් – ආතුරයා ඇඳ සිටින ඇඳුමෙන් නූල් කැබැල්ලක් ගෙන සුදු රෙදි කඩක දවටාගෙන ආතුරයා එළිපත්ත මත සිටුවා හිස සිට දෙපතුල දක්වා පිස දමා ඒ අය ලවා ඊට කෙළ පිඬු තුනක් ගසා එම පොට්ටනිය හිල් පොල්කටු (ගැහැනු පොල්කටු /ඇස් පොල්කටු) තුනක් දැවූ අඟුරුවලට දමා අගුවකින් තබා ඒ දෙස නොබලා ආපසු පැමිණිය යුතුය. මෙය අඟහරුවාදා හෝ සිකුරාදා දවසක හිරු බැස ගිය වෙලාවේ සිදුකළ යුතුය. ගස්වැල් ආදියට මෙම විස වායු ශක්තිය හිංසා පමුණුවීමේදි බෝග මැලවී පණු රෝග සෑදී විනාශ වෙයි. එවිට නො ඉඳුල් වතුර භාජනයක් ගෙන මුරුංගා අත්තෙන් “ඕ දිෂ්ටි මුඛ පොට්ට ප්රලේස්වාහ:” යන්නෙන් 108 වරක් මතුරා වතුර ඉසින්න. ඉහත ජප මතුරෙන් පිරිසිදු තල තෙල් බඳුනක් ගෙන කොළ තුනක් ඇති දෙහි අත්තකින් 21 වරක් මතුරා තෙල් ගෑ හැකිය. වරු තුනක් මැතිරිය යුතු අතර එක වරකට දෙහි අත්තෙන් එක කොළය බැගින් කඩා ලිපට දමන්න. ඇස් වහ – කට වහ – හෝ වහ දෝෂ නිසාවෙන් යම් කෙනෙක් රෝගී වූ විට පහත ක්රමයට උවදුරු ඉවත් කළ හැකිය. උදේ පාන්දර සතුන් හැඬීමට පෙර නැවුම් කලයකට පිරිසිදු වතුර එකක් ගෙන කා සමගවත් කතා නොකර ගෙට ගෙනැවිත් මල් බුලත් තටුවක තබන්න. එයට කජු ඇට – අබ – වී – ගිනි අඟුරු කෑල්ලක් දමා දෙහි අත්තෙන් වතුර කලතමින් 108 වරක් මතුරන්න. ඊට පසු බුදුගුණ සිහිකර ඇස්වහ වැදී ඇති අයගේ හිසේ සිට පාදය දක්වා දෙහි අත්තෙන් වතුර ඉසිමින් මන්තරය මතුරන්න. එම වතුරෙන් ආතුරයාගේ මුහුණ සෝදා හරින්න. මන්ත්රය - “ඕං නමෝ අප සම්මා සම්බුදු මෑණියන් වහන්සේට එක් විසාදියක් ඇතිවුණේය. අටවිසි බුදුවරයෝ සුවාසුදහසක් ධර්මස්කන්ධයෙන් පිස මතුලෝය. පසේ බුදුවරයෝ සිවුරු පටියෙන් පිස මතුලෝය. රහතන් වහන්සේලා පන්සියයක් පිරිත් නූලෙන් පිස මතුලෝය. සක්රයින් ජය සකෙන් පිස මතුලෝය. බ්රහ්ම රාජයා පොතෙන් පිස මතුලෝය. පොළොව මහී කාන්තාවෝ පුන්කලසින් පිස මතු ලෝය. එම ගුණ බල වික්රමානුභාවයෙන් මේ ආතුරයින්ගේ උදුකරප්පන්,සොරි කරප්පන්, ලේ කරප්පන් ලේවියල් ගලක්කාරන් බෙල්ලෙන් උඩ තිස්දෙකක් රෝගද බෙල්ලෙන් පාත අට අනූවක් රෝග ද ඇහෙන් බලාපු ඇස්වහ දෝෂද කටින් කියාපු කට වහ දෝෂ ද දුරු කරවා මේ බුද්ධ මන්තර ආනුභාවයෙන් සර්වාංගයත් ඇළට ගතින්, ඇළෙන් දොළට ගතින් දොළෙන් ගංගාවට ගතින් ගංගාවෙන් මුහුදට ගතින් මුහුදෙන් මකර කටේ ලවා අලුභක්ෂිණියා කළෙම්. සිද්ධ මන්ත්ර සිද්ධි ඒස්වාහ: ”

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk