Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාපල 2023 මාර්තු 20 සිට මාර්තු 26 දක්වා

1 year ago 7 Min read
Subha.lk
01.මේෂ - නොසන්සුන්කාරී ගති පැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්රහයාගේ ගමන සිදුවන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. වෙනදාට වඩා යොදාගත් කටයුතු කීපයක් ප්රමාදවීමට ඉඩ ඇත. නොසිතූ ලෙස ඇති කරන සහෝදර සිත් අමනාපයක් දුරදිග යාමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. අමතර ලැබීම් ඇති කරන කාලයකි. එහෙත් පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට සිදු කරයි. දරුවකු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන කාලයකි. හදිසි වාත අමාරුවකට ප්රතිකාර ලබා ගැනීමට සිදු කරයි. අය 07 - වැය 03, ජය අංකය - 09, ජය වර්ූණය - තැඹිලි, සුබ දවස - බ්රහස්පතින්දා,……. 02.වෘෂභ- මෙතෙක් ඇතිව තිබූ ගැටලුකාරී බවක් මඟහැරී යන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්රහයාගේ ගමන සිදුවන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. රැකියාවේ ගැටලුවක් දුරදිග යන කාලයකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. සතිය මැද කාලයේදී හදිසි විදෙස් ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙනේ. නිතර පින්දහම් කටයුතුවලට සම්බන්ධ වන කාලයකි. දේපළ ගැටලුවක් දුරදිගයාමෙන් සහෝදර මත භේදයක් ඇති කරයි. සති අන්තයේදී මවුපස ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. අය 06 - වැය 04, ජය අංකය - 03, ජය වර්ූණය - දම්, සුබ දවස - බ්රහස්පතින්දා,…………. 03.මිථුන- නීති ගැටලුවට මැදිවන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්රහයා ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. එදිනෙදා කටයුතු සම්බන්ධව ඇති කරන අවිවේකී බව හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. එමෙන්ම වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයක් බව පෙන්නුම් කරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලදී මෙන්ම කෑමෙන් බීමෙන් ද පරිස්සම් වන්න. උත්සාහයේ තරමට ප්රතිඵල නොලැබෙන කාලයකි. සති අන්තයේදී පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. අය 07 - වැය 06, ජය අංකය - 09, ජය වර්ූණය - දම්, සුබ දවස - සිකුරාදා,……….. 04.කටක - නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්රහයා ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා වෙහෙසීම් වැඩි කරයි. නිතර නිවෙසින් පිට වාසයට කරුණු සැලසෙන කාලයකි. එමෙන්ම ගේ දොර අලංකාරය වෙනුවෙන්ද වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. දුර ගමනක් වෙනුවෙන් කාලයත් ශ්රමයත් වැය කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. පාදයේ වළලුකර ආශි්රතව ඇතිවන අසනීප තත්ත්වයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවේ. යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. අය 07 - වැය 04, ජය අංකය - 04, ජය වර්ූණය - නිල්, සුබ දවස - බදාදා,………….. 05.සිංහ - මෙතෙක් පැවැති වගකීම් කීපයකින් නිදහස සැලසෙන සතියකි. දරුවකුගේ ඉදිරි සැලසුමක් පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරයි. නිතර ඇවිදිලි ඇති කරන කාලයකි. යටපත් වූ අතක වේදනාවක් නැවත මතු කරයි. සහෝදරයකු වෙනුවෙන් උපකාරයක් කිරීමට කටයුතු සැලසෙන අතර, මෙතෙක් අතර මඟ නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. නිතර පින්දහම් කටයුතුවල නිරත වන්න. සති අන්තයේදී විදෙස්ගත ඥාතියකුගේ පැමිණීමක් සිදු කරයි. අය 06 - වැය 03, ජය අංකය - 02, ජය වර්ූණය - දම්, සුබ දවස - සිකුරාදා,……………… 06.කන්යා - පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්රහයා ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගේ දොර කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරන කාලයක් වන අතර, නිතර ඒ සම්බන්ධ කටයුතුවලදී ගැටලු කීපයක්ද මතු කරයි. පැවැති පාදයේ ආබාධයක් සුව අතට හැරෙන ලකුණු පෙන්නුම් කරයි. අලුත් දේපළ මිලදී ගැනීමකට හෝ දේපළ හුවමාරුවක් සම්බන්ධ කටයුත්තකට අත ගසයි. පියපස ඥාතියකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. විවාහ යෝජනාවකට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන කාලයකි. අය 07 - වැය 03, ජය අංකය - 04, ජය වර්ූණය - කහ, සුබ දවස - සඳුදා, 07.තුලා - වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධික වන බවක් ද පෙන්නුම් කරයි. මේ සතියේ සඳු ග්රහයා ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන සතියකි. වෙනදාට වඩා ඇවිදිලි ඇතිවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන අතර, පවුලේ ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමටද මඟ සැලසේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන අතර, නිතර ආගමික සහන පතා දුර පළාතකට ද යාමට සැලසුම් ඇති කර ගනී. සති අන්තයේදී වරින් වර ඇති කරන යටිබඩ ආශි්රත ආබාධයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවේ. අය 07 - වැය 05, ජය අංකය - 09, ජය වර්ූණය - දම්, සුබ දවස - බ්රහස්පතින්දා,……. 08.වෘශ්චික- පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්රහයාගේ ගමන සිදුවන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතයි. නොසිතූ ලෙස පවුලේ දේපළ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. එමෙන්ම ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ අවිවේකී බවක් ඇති කරයි. අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් වුවත් ඒ පිළිබඳ නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. දරුවකුගේ හදිසි අසනීපයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. අය 06 - වැය 05, ජය අංකය - 02, ජය වර්ූණය - කොළ, සුබ දවස - බ්රහස්පතින්දා,…………. 09.ධනු - හිතුමතයට කටයුතු කිරීමෙන් නොසිතූ ලෙස පාඩු කීපයක් සිදු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්රහයාගේ ගමන සිදුවන්නේ 1, 2, 3, 4 යන භාවස්ථානවලයි. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට කටයුතු යෙදෙන කාලයකි. දරුවකුගේ වගකීම් කීපයක් තමා වෙත පැවරෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු පිළිබඳ වෙහෙසීම් ඇති කරන කාලයකි. සතිය මැද කාලයේ දී දරුවකුගේ විශේෂ ජයග්රහණයක් වෙනුවෙන් සතුටට පත්වීමට හේතු යෙදේ. සුරතල් සතෙකු නිසා තමා නොසිතූ ලෙස ගැටලුවකට මුහුණපායි. අය 07 - වැය 04, ජය අංකය - 04, ජය වර්ූණය - කහ, සුබ දවස - බදාදා,…………. 10.මකර - ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ මානසික අසහනකාරී බවක් ඇති කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්රහයා මේ සතියේ ගමන් කරන්නේ 12, 1, 2, 3 යන භාවස්ථානවලයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනසකට ලක් කරන සතියකි. නොසිතූ ලෙස තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර මව හෝ මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමක් ද සිදු කරයි. පාදයේ ආබාධයකට හෝ හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. අය 07 - වැය 07, ජය අංකය - 06, ජය වර්ූණය - තැඹිලි, සුබ දවස - සිකුරාදා,…………. 11.කුම්භ - අවිවේකී ලෙස උදා කරන මේ සතියේ සඳු ග්රහයා ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි. මනසට අවිවේකී ලෙස කටයුතු කීපයක් යෙදෙන සතියකි. පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙහෙසීම් ඇති කරයි. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන කාලයකි. නිතර රාත්රී ගමන් බහුල වන බවක් පෙන්නුම් කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. මුදල් ගනුදෙනුවක් හේතුවෙන් නීතිමය පිහිට පැතීමට සිදුවේ. සහකරු හෝ සහකාරිය සමඟ ඇතිවන මතභේදයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. අය 06 - වැය 05, ජය අංකය - 02, ජය වර්ූණය - නිල්, සුබ දවස - බ්රහස්පතින්දා,…………. 12.මීන- මෙතෙක් ප්රමාදතා සිදුකළ කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාවට පත්කර ගැනීමට හැකිවන සතියකි. මේ සතියේ සඳු ග්රහයා ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවස්ථානවලයි. අමතර වියදම් බහුල කරන සතියකි. වෙනදාට වඩා ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. පවුලේ කෙනකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදු කරයි. සති අන්තයේදී වරින් වර ඇති කරන හිසේ ආබාධයකට ප්රතිකාර ලබා ගැනීම සිදුවන බවක් පෙන්නුම් කරයි. අය 06 - වැය 05, ජය අංකය - 05, ජය වර්ූණය - දම්, සුබ දවස - බ්රහස්පතින්දා,

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk