Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කරදර බාධා අඟ හිඟකම් දුරු කොට සිරිදුව කැදවන බලගතු පූජාවක්

1 year ago 7 Min read
Subha.lk
මෙය දේව ආකර්ෂණය සිදු කරගන්නටද හැකි ප්රබල ශාන්තිකර්මයකි. මෙය ඉපැරැණි මෙන්ම බලවත් සෙත් සාදන ක්රමවේදයක් වගේම නිවෙසේ පහසුවෙන් සිදු කළ හැකි වීමද සුවිශේෂී වනු ඇත. අතීතයේ බොහෝ සාමාන්ය නිවෙස්වල වගේම රදල පෙළැන්තියේ නිවෙස්වලද මෙම ශාස්ත්රීය කටයුත්ත නව වසරකට එළැඹෙද්දී සිදුකර ඇති බවට පැරැණි පොතපතේද සඳහන්ව ඇත. මේ සඳහා පළමුවෙන්ම පහත ද්‍රව්ය කිහිපය සූදානම් කරගන්න. 01. හොඳින් වියළි ධාන්ය වර්ග 03ක්, 02. තිරුවාණා ගල් කැට 7, 03. කළු ගල් කැට 7, 04. කපු ඇට 14, 05. වියළි එඬරු ඇට 7, 06. වියළි කහ කැබැල්ලක්, 07. වීදුරු කැබලි 7, 08. පස්ලෝ කැබැල්ලක්, 09. ගොක් කොළ 03, 10. පිරිසුදු නොදිරූ සුදු රෙද්දක්, 11. කුඩා පිනි දිය කුප්පියක්, 12. තුන්පට කපු නූල්, මෙය සිදු කිරීමේදී නිවෙසත් වගේම නිවැසියනුත් පිළී දෙයින් ඈත් විය යුතුය. නිවෙස හොඳින් පිරිසුදු කිරීමෙන් පසුව නිවෙසේ ඉනා වටක් උස අසුනක සුදු රෙදි කඩක් එළා, නැඟෙනහිර දෙසට මුහුණලා පොල් තෙල් පහනක් දල්වන්න. දැන් නැවතත් ඔබ සූදානම් කරගත් සුදු රෙදි කඩ එළා ඒ මත වියළි ධාන්ය වර්ග 3, තිරුවාණා ගල්කැට 7, කළු ගල් කැට 7, කපු ඇට 14, වියළි එඬරු ඇට 7, කහ කැබැල්ල, පස්ලෝ කැබැල්ල තබා ඒ මත කුඩා පිනි දිය කුප්පියද තබා දැන් සුදු රෙදි කඩේ හතර කොන එකට එක මිටකට ගෙන ඒ අතරින් ගොක් කොළ 03 ඉහළට යොමුවන ලෙසින් තබා රඳවා දැන් රෙදිකඩ හතර කොන සිරවී ඇති තැන හොඳින් තුන්පට කපු නූලෙන් වෙළා ගන්න. මෙම වෙළා ගැනීම අඟල් එකහමාරක් පමණ වන ලෙසින් හොඳින් වෙළා ගැනීම සිදුකරන්න. දැන් ඒ අතරින් ගොක් කොළ ත්‍රිත්වය ඉහළට යොමුව පවතිනා විය යුතුය. මෙම කටයුත්ත නිසි ලෙසින් අවසන් කිරීමෙන් පසුව නිවෙස ඉදිරිපසත්, නිවෙසේ ප්‍රධාන ද්වාරයටද මුහුණලා සමාන දඬු කැබලි 3ක් උපයෝගී කරගනිමින් අඩි 4ක් පමණ උසින් යුතු වන ලෙසින් පෙර සකසා ගත් සෞභාග්ය පූජාමය ද්‍රව්ය මල්ල තැන්පත් කරගන්නට හැකි පරිදි ගොටුවක් ආකාරයට සිටුවා ගන්න. පසුව පූජාමය ද්‍රව්ය මල්ල එම ලී ගොටුව මත රඳවා ගොක් කොළ 3 ඉහළට රැඳෙන පරිදි තැන්පත් කර තබන්න. මෙය සතියක් පමණ පුරාවට නිවෙස ඉදිරිපිට රඳවා තබාගනිමින් සුවඳ දුම් අල්වා නිවෙසට ආශීර්වාද ලබාගන්න. නිවෙසේ බුද්ධ වන්දනාව සිදුකොට ඉෂ්ට දේවතාවන් වහන්සේට නිවෙසට ආරාධනා කොට ආශීර්වාද පතන්න. නිවැසියන්ට පමණක් නොව බාහිර සියලුදෙනාටත් මෙත් වඩන්න. සෞභාග්ය පූජා මල්ලේ නැඟෙන සුවඳින් දේව ආකර්ෂණය බලවත් වනු ඇත. නිවෙසේ රෝ _ දුක් නසා සියලු යහපත උදා කරගන්නටත් වගේම සිරිදුව ගෙට ගන්නටත් බලවත් ආශීර්වාදය උදාවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk