Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගෙවල් ‍දොරවල් අස්පස් කරන විට මේ දෙවල් පිළිපදින්න

1 year ago 7 Min read
Subha.lk
ගෙවුණු වසරට සාපේක්ෂව නැවුම් බලාපොරොත්තු සහ නැවුම් දේවලින් පිරුණු වටපිටාවක් ගොඩනඟා ගැනීම සෑම දෙනාගේම බලාපොරොත්තු වේ. එම නැවුම් වසර සඳහා විෂයානුකූලව යමක් සිදු කිරීම මෙම ලිපියේ අරමුණයි. ඒ සඳහා ජේයාතිෂ සහ වාස්තු විද්යානුකූලව උපදෙස් කිහිපයක් මෙහි සඳහන් වේ. නිවෙස සහ ව්යාපාර වර්ණ ගැන්වීම - නැවුම් වසරක ආරම්භය බොහෝ දෙනකු සනිටුහන් කරන්නේ ව්‍යාපාර හෝ නිවාසය වර්ණ ගැන්වීම තුළිනි. එම වර්ණ ගැන්වීම තුළ යහපත අයහපත දෙකම සිදුවිය හැකිය. එබැවින් වර්ණ ගැන්වීම නිසි පරිදි කළ යුතු වේ. වාස්තු විද්‍යානුකූලව සුදු වර්ණය නිවෙසේ ඕනෑම දිශාවකට ඇතුළත පිටත භාවිත කළ හැකිය. ඒ තුළින් කිසිදු දොසක් හට නොගනී. ව්‍යාපාර සඳහාද එසේමය. එහෙත් ඉන් පරිබාහිර වර්ණ යොදා ගැනීම තුළ නිසි උපදෙස් පිළිනොපැදීම තුළ ගැටලු ඇති වේ. කිසිදු විටෙක ව්‍යාපාර හෝ නිවෙසේ උතුරු බිත්ති සඳහා රතු හෝ රෝස වර්ණයන් භාවිත නොකරන්න. ඒ සඳහා නිල් හෝ කොළ වර්ණ යොදා ගත හැකිය. එහෙත් දකුණු දිශා බිත්ති සඳහා එය නොගැළපේ. ඒ සඳහා කහ රෝස මිශ්‍රණයක් භාවිත කළ හැකිය. කළු හෝ අළු වර්ණ භාවිත නොකරන තරමට ඔබට ආලෝකයේ ශක්තියත් වාස්තු ශක්තියත් නිවෙසට ළඟා කර ගත හැකිය. නිවෙසේ කාමර සඳහා මනසට සහ විද්‍යානුකූලව සතුට ළඟා කර දෙන ළා කොළ වර්ණය භාවිත කර ගත හැකිය. එහෙත් තද නිල් වර්ණය කාමර සඳහා භාවිත කර ගැනීම තුළ අදුරු ස්වභාවයන් හට ගැනීමෙන් නිවෙසේ ශක්තිය අඩපණ විය හැකිය. කෑම කාමර සහ මුළුතැන්ගෙය සඳහා ළා කහ මිශ්ර වර්ණය, ළා රෝස භාවිත කළ හැකිය. එය ආහාර රුචිය වර්ධනය කරගැනීම සඳහාද උචිත වේ. නිවෙස වර්ණ ගැන්වීම වගේම නිවෙසක දොර, ජනෙල් රෙදි, තිර රෙදිද නව වසරක අලුත් ගැන්වීම සිදුවේ. එයද නිසි ප්‍රමිතියකට අනුව කළ යුතු වේ. තද රතු, කළු, අළු වර්ණ තද ලෙසින් භාවිත කිරීම තුළ නිවෙසට අසුබ ශක්තීන් ගලා එති. එබැවින් නිතරම සුදු වර්ණයන් ළා කොළ, නිල් වැනි වර්ණ යොදා ගැනීම කළ යුතුය. නිවෙස පිරිසුදු කිරීම - අතීතයේ පටන් වසරක් එළැඹෙනවිට නිවෙසද පිරිසුදු කිරීම සිදුවේ. මෙහිදීද සිදුවන්නේ නව වසරකට නැවුම් බවින් පිවිසීමයි. මුළුතැන්ගෙයි සිට සියලුම උපකරණ සුද්ද පවිත්ර කොට මකුළුදැල් කඩා අස්-පස් කිරීම මින් අදහස් වේ. විද්‍යාත්මකව නව ශක්තියක් මේ තුළින් නිවෙසට ඇතුළු වීම වාගේම නොපෙනෙන ශක්තීන් බලවේගයන්ට නිවෙස තුළ රඳා සිටීම මින් අපහසු වේ. මේ තුළින් නිවෙසේ දියුණුවද ළඟා වෙයි. මෙහිදී මුළු නිවෙසම පිරිසුදු කහ වතුරෙන් සුද්ද පවිත්ර කිරීම තුළ ඉතා යහපතක් නිවෙසට ළඟාවේ. සුවඳ දුමින් නිවෙස බලගැන්වීම - යහපත් සුගන්ධය තුළින් ඕනෑම ස්ථානයකට යහපත් බව ළඟා වනවා සේම අයහපත් දුර්ගන්ධය තුළින් අමනුෂ්ය බලවේග ළඟාවීම සිදුවන බව ගුප්ත විද්‍යා මතයයි. පරණ අවුරුද්දේ මෙන්ම නව වසරේද නිවෙස සුගන්ධවත් කිරීමට ඔෟෂධීය සුගන්ධයක් නිවෙසේදීම සාදා ගනිමු. අවශ්ය ද්‍රව්ය - අගිල්, සුවඳ කොට්ටං, ජටා මාංශ, සුදු හදුන්, රත් හදුන් කුඩු, දේවදාර, විෂ්ණු ක්‍රාන්ති, සාම්බ්රානි, නෙළුම් රේණු (අගිල් වැඩිපුර යොදා අනෙකුත් ඔෟෂධීය ද්‍රව්‍යයක් ස්වල්ප වශයෙන් යොදා ගන්න.) මේ ඔෟෂධීය සුගන්ධයෙන් නව වසරේ දින තුනක් උදේ සවස දුන් අල්ලා ඔබගේ නිවෙස සක්‍රිය කරන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk