Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මහා ගුණ ඇති නව අරහාඳි බුදු ගුණ ශාන්තිය

1 year ago 7 Min read
Subha.lk
නව අරහාදි බුදු ගුණ මාලාව - පැති ලෙස මහ සත් මායා මවු කුස පිළිසිඳගත් කල, රුති ලෙස පිය රජ පෙළහර කරමින් දන් දුනිය එකල, නිති ලෙස පෙර පැතුම් බලෙන් පෙර තුන් ලෝ ගුරු උනිය එකල, ඉතිපිසෝ යන අනුහසයෙන් වේය මෙමට ජය මංගල, සිඟවා රට සාය වැදී කලිඟු රටට පැමිණි අවුල, පලවා යන්නට සරසා ඇලි ඇතු දන් දුනිය එකල, සඟවා නැතිවුනි බලයෙන් ඉරුගෙ අපල දොස් දුරුකල, භගවා යන අනුහසයෙන් වේය මෙමට ජය මංගල, සුරමන් මහ පිරිස සමඟ විසල් පුරට මුනි වැඩි කල, මරුමන් බිඳු ලෙස යක්සෙන් පැනයන්නට උනිය එකල, ගරුවන් අප මුනි බලයෙන් සඳුගෙ අපල දොස් දුරු කළ, අරහං යන අනුහසයෙන් වේය ඔබට ජය මංගල, අම්මා කරපිටට රැගෙන මහ සමුදුර පිහින එකල, නම්මා සිත බුදු වෙන්නට පතා පෙරුම් බව සිහි කළ, පෙම්මාදර මුනි බලයෙන් කුජගෙ අපල දොස් දුරු කළ, සම්මා සම්බුදු බලයෙන් වේය මෙමට ජය මංගල, විජ්ජාවෙන් උතුම් වෙලා අප බෝසත් බුදු වු එකල, ලැජ්ජා නැති මරඟනො විත් සෙල්ලම් කර පැරදුන කල, සජ්ජා මේ උතුම් බලෙන් බුධගෙ අපල දොස් දුරුකළ, විජ්ජාචරණ අනුහසයෙන් වේය මෙමට ජය මංගල, අසත්පුරුෂ දෙව් දත්තෙර බුදුන් නසන්නට සිතු කල, සුගත තිලෝගුරු මුනි රජ දෙව්දත් තෙර හට මෙත් කල, මහත් බලැති මුනි බලයෙන් ගුරුගෙ අපල දොස් දුරු කළ, සුගත කියන අනුහසයෙන් වේය මෙමට ජය මංගල, සෝක වැදී ධර්මපාල කුමරු නිසා මවු මළ කල, ඒක නිසා අවීචියට මහරජ වැටුණයි පව් කළ, නේක ගුණැති මුනි බලයෙන් කිවිගෙ අපල දොස් දුරු කළ, ලෝක විදූ අනුහසයෙන් වේය මෙමට ජය මංගල, පරක් තෙරක් නොමැති විලස ඇඟ ලේ, මස් දී පින් කල, නිරුත්තරව සුවිසි බුදුන්ගෙන් විවරණ ලබා එකල, කිසිත් පවක් නොකළ හෙයින් ශනිගෙ අපල දොස් දුරු කළ, අනුත්තරෝ අනුහසයෙන් වේය මෙමට ජය මංගල, පරුෂ අලව් යක් විමනෙදි දෙසා දහම් තෙදැතී බල, පිරිස නොයෙක් බඹසුරනර නිවන් පුරට පැමිණෙව් කල, සරොස නමැති මුනි බලයෙන් පනිගෙ අබල දොස් දුරු කළ, පුරිසධම්ම අනුහසයෙන් වේය මෙමට ජය මංගල, වාරගණන් නිම නැතුවම සම්බුදු බව පතා එකල, පාරමි දම් සපුරාගෙන නිවන් පුරට මඟ හෙළි කළ, සේර මදක් මුනි බලයෙන් බඹුගෙ අපල දොස් දුරු කළ , සාරථි සත්ථා අනුහසයෙන් වේය මෙමට ජය මංගල, මැඬගෙන මහද සිරිසම්බුදු ගුණ ලොල්ල, පවසන සඳෙහි දුසිරිත් සැම කර මෙල්ල, අසමින ඔවා සුසිරිත් රැක ගෙන දුල්ල, නව ගුණයෙන් ලබමු ජයසිරි මංගල්ල, ‘මෙමට’ ‘යන තැන’ ‘ඔබට’ යන්න යොදාගත හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk