Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජන්ම නැකත කේතුට ගියොත්…

1 year ago 7 Min read
Subha.lk
රාශි මණ්ඩලය පුරා විසිරී ඇති නැකැත් පංචාංගයේ දෙවැනි අංගය වේ. ජ්යොතිෂයේ නැකැත් 27 ක් ලෙස දැක්වුවද උත්රසල හා සුවන යන නැකැත් දෙක අතරට යෙදෙන අභිජිත් නැකතත් සමඟ නැකැත් 28 කි. රාශි 12 කින් යුත් රාශිචක්රයේ එක් රාශියකට නැකැත් 2 1/4 ක් අයත් වේ. උදාහාරණයක් ලෙස රාශිචක්රයේ පළවෙනි රාශිය වන මේෂ රාශියට අස්විද නැකතේ පාද 4 ත්, බෙරණ නැකතේ පාද 4 ත්, කැති නැකතේ 1 ක පාදයකුත් අයත් වේ. එනිසා රාශියකට නැකැත් පාද 9ක් ඇත. එබැවින් රාශි 12 ට නැකැත් පාද 108 කි. (9ං12) නැකතක් යනු 360 ක් වූ ගෝලයේ 27 න් පංගුවකි. එනම් නැකැතක ප්රමාණය 13’. 20” කි. (360 27) ඕනෑම නැකතකට පාද 4 කි. නැකතක ප්රමාණය වන 13 20 හතරෙන් බෙදූ විට නැකැත් පාදයක ප්රමාණය ලැබේ. එය 3 න් කි. (13’ 20” 4) මෙම නැකැත් පාදයක ප්රමාණය වන 3 ක ප්රමාණය නවාංශකයක ප්රමාණයට සමාන වේ. ලොව උපදින ඕනෑම ඡන්මියෙකුට ජන්ම නැකතක් හා පාදයක් හිමිවේ. ජන්ම නැකත ගනුයේ ලග්න කේන්දරයේ චන්ද්රයා සිටින නැකත අනුවයි. සඳු සිටින නැකත ජන්මියාගේ ජන්ම නැකතයි. උදාහරණයක් ලෙස ජන්මියාගේ සඳු ලග්න කේන්දරයේ ධනු රාශියේ වී නවාංශක කේන්දරයේ කටකයේ වුනි නම් ඔහුගේ ජන්ම නැකත මුල වන අතර පාදය 4 වේ. නැකැත් 28 අනුපිළිවෙළින් මෙසේය. 1. අස්විද නැකත 16. විසා 2. බෙරණ 17. අනුර/ 2. කැති 18. දෙට/ 3. රෙහෙන 19. මුල/ 4. මුවසිරස 20. පුවසල/ 5. අද 21.උත්රසල/ 6. පුනාවස 22. සුවන නැකත/ 7. පුෂ නැකත 23. දෙනට/ 8. අස්ලිය 24. සියාවස/ 9. මා 2 5. පුටපුටුප/ 10. පුවපල් 26. උත්‍රපුටුප/ 11. උත්‍රපල් 27. රේවතී/ 12. හත 28. අභිජිත්/ 13. සිත/ 14. සා නැකත/ මෙම නැකැත් 27 ට අධිපති ග්රහයින්ද අධිපති දෙවි දේවතාවරුන්ද ඇත. මෙහිදී නැකැත් තුනකට එක් අධිපතියෙකු බැගින් නැකැත් 27 ට අධිපතීන් 9 දෙනෙක් සිටී. එහිදී අස්විද, මා, මුල යන නැකැත් තුනට කේතු නම් ඡායා ග්රහයා අධිපතීත්වය දරන අතර, බෙරණ, පුවපල් හා පුවසල යන නැකැත් තුනට ග්රහලොව කුමරිය වන සිකුරු ග්රහයා අධිපතීත්වය දරයි. එමෙන්ම කැති, උත්රපල් හා උත්රසල යන නැකැත් තුනට ග්රහ ලොව අධිපති වන රවි ග්රහයා අධිපතීත්වය දරන අතර රෙහෙන, හත, සුවන යන නැකැත් තුනට ග්රහලොව මව එනම් සඳු ග්රහයා අධිපතීත්වය දරයි. එලෙසම මුවසිරස, සිත, දෙනට යන නැකැත් තුන කුජ ග්රහයාටද පුෂ, අනුර, උත්රපුටුප යන නැකැත් ශනි ග්රහයාටද, අද, සා, සියාවස යන නැකැත් තුන රාහු නම් ඡායා ග්රහයාටද, අස්ලිය, දෙට, රේවතී යන නැකැත් තුන බුධ ග්රහයාටද, පුනාවස, විසා, පුවපුටුප යන නැකැත් තුන ගුරු ග්රහයාටද හිමි වේ. නැකැත් 27 ස්ථිර, ක්ෂිදායි, සාධාරණ, චර, මෘදු, උග්ර හා තීක්ෂණ ලෙස ප්රධාන කොටස් 7 කට බෙදනු ලැබේ. එලෙස ගත් කළ රෙහෙන, උත්රපල්, උත්රසල, උත්රපුටුප යන නැකැත් සතර ස්ථිර ගනයටද, අස්විද, හත, පුෂ යන නැකැත් තුන ක්ෂිදායි ගනයටද, කැති හා විසා යන නැකැත් දෙක සාධාරණ ගනයටද, දෙනට, පුනාවස, සියාවස, සා හා සුවන යන නැකැත් පහ චර ගනයටද, සිත, මුවසිරස, අනුර, රේවතී යන නැකැත් හතර මෘදු ගනයටද, පුවපල්, පුවසල, පුවපුටුප, මා, බෙරණ යන නැකැත් උග්ර ගනයටද, දෙට, අද, අස්ලිය, මුල යන නැකැත් හතර තීක්ෂණ ගනයටද අයත් වේ. නැකැත් පංතියේ ඇති නැකැත් 27 න් සෑම නැකතකටම පිරිවර නැකැත් ඇත. මෙය අහසේ පැහැදිලිව තරු වශයෙන් පිහිටයි. එම තරු සමාන කොටස් 27 කට බෙදූ විට එම එක් කොටසක ඇති විශාලම තරුවට අදාළව නැකත තීරණය වේ. අස්විද ආදී කොට ඇති නැකැත් 27ට ඇති පරිවාර තරු ගණන මෙසේය. අස්විද, බෙරණ, මුවසිරස, පුෂ, දෙට, සුවන හා රේවතී යන නැකැත් වලට පරිවාර තරු 3 බැගින්ද රෙහෙන, අස්ලිය, මා, හත යන නැකැත් වලට තරු 5 බැගින්ද පුවපල්, උත්රපල්, පුවසල, උත්රසල, පුවපුටුප, උත්රපුටුප යන නැකැත් වලට තරු 2 බැගින්ද, අද, සිත සා යන නැකැත් වලට තරු 1 බැගින්ද, පුනාවස, විසා, අනුර, දෙනට යන නැකැත් වලට තරු 4 බැගින්ද, කැති නැකතට තරු 6ක්ද, මුල නැකතට පරිවාර තරු 11ක්ද, සියාවස නැකතට තරු 100 ක්ද, ආදී ලෙස පරිවාර තරු ඇත. මෙම තරු වලින් විශාලම තරුව එම කාණ්ඩයට අයත් නැකත වේ. නැකැත් පංතියේ පළමු නැකත අස්විද නැකතයි. එහි ස්වරූපය අශ්ව මුහුණක් බඳුය. එයට කේතු නම් ඡායා ග්රහයා අධිපතීත්වය දරයි. අස්විද නැකත තේජෝ රාශියක් වන මේෂ රාශියේ 0’ සිට 13’ 20” දක්වා ව්යාප්තව පවතී. මෙම අස්විද නැකත හිමියාට අයත් විංශෝත්තරී දශා කාලය අවුරුදු 7 කි. එය කේතු ග්රහයාට අදාළ වර්ෂ ප්රමාණයයි. මේෂ රාශියට හිමිකම් කියන ග්රහයා කුජය. එනම් මේෂයේ ලග්නාධිපති කුජ වේ. ඒ අනුව අස්විද නැකතේ යම් ග්රහයෙක් වේද එම ග්රහයා කුජගෙන් හා කේතුගෙන් පාලනය වේ. මෙයට අමතරව උත්පත්ති කේන්දරයේ කුජ ගේ හා කේතුගේ බලදුබලතාව අනුව අස්විද නැකතේ සිටින ග්රහයාගේ බල දුබලකම තීරණය වේ. අස්විද නැකතින් උපන් තැනැත්තා ලොකු ඇස් මෙන්ම පලල් නලල් තලයකටද හිමිකම් කියයි. මොහුගේ මුහුණ පැහැපත්ය. ලස්සන, තැන්පත් ගතිගුණ ඇති බව පිටතට පෙනුනද ඉතා මුරණ්ඩු පුද්ගලයෙකි. අවංක ආදර වන්තයන් වන මොවුන් ඒ වෙනුවෙන් සිය ජීවිතය වුවද පුද කරයි. මොවුන් ප්රශ්නයක් දෙස ඉවසීමෙන් යුතුව බලයි. හොඳින් විමර්ශනය කර ගැටලුව විසඳා ගනී, අන්යයන්ට සේවය කරන, ජනප්රිය වන පුද්ගලයන්ය. ආගමික භක්තියෙන්ද යුක්තය. වාසනාවන්ත දරුවන් ලබන, කථාවෙන් ඕනෑම අයෙකු නම්මවා ගත හැකි අයෙකි. ශරීර අවයව වශයෙන් ඔළුව හා මොලයේ උඩ කොටස අස්විද නැකතට අයත් වේ. අස්විද නැකතේ පළමු පාදයෙන් උපන්නේ නම් ඔවුන්ට දැඩි සිතක් ඇත. ඉවසීමේ ගුණය අඩුය. දෙවන පාදයේ නම් පිනට දහමට ලැදි, කරුණාවන්ත හදවතක් ඇති, ශාස්ත්රයට දක්ෂ අයෙකි. අස්විද නැකතේ තුන්වන පාදයේ උපත ලැබුවේ නම් ඔහු හෝ ඇය කලාවට රුචියක් දක්වයි. ගායනය හා නර්තනය ඒ අතර ප්රධාන වේ. ප්රසිද්ධිය වෙනුවෙන් කැපවී වැඩ කරයි. අස්විද නැකතේ හතර වන පාදයෙන් උපත ලැබුවේ නම් ඔහු හෝ ඇය බුද්ධිමත්ය. කවදා හෝ ධනවත් පුද්ගලයෙක් බවට පත්වේ. ඉතා වාසනාවන්ත මෙන්ම තමන් සතු දෑ දීමෙහි කැමැති අයෙක්ද වේ. අස්විද නැකතට අධිපතිතීත්වය දරන දෙවි කෙනෙක්ද ජ්යොතිෂ පුරාණ පොත පතේ සඳහන් වේ. ඒ අනුව අශ්විනී නම් දේවතාවා අස්විද නැකතට අධිපතීත්වය දරයි. අස්විද නැකැත් හිමියන් මෙම අශ්විනී නම් දේවතාවා සිහිකර පිහිට පතන්නේ නම්, පුද පූජා පවත්වන්නේ නම් පිහිට අනිවාර්ය වේ. මීළඟට කේතුගේ නැකැත් වලින් දෙවැනි නැකත ගැන අවධානය යොමුකරමු. ඒ මා නැකතයි. නැකැත් පංතියේ 10 වෙනි නැකත වන මෙය ගෙයක ස්වරූපයක් ගනී. මෙම නැකතද තේජෝ රාශියක් වන සිංහ රාශියේ අංශක 0 සිට 13’ 20” දක්වා ව්යාප්තව පවතී. මා නැකත කේතුට අයත් නැකතක් නිසා කේතුට අයත් දශා කාලය අවුරුදු 7 කි. සිංහයේ ලග්නාධිපති රවි බැවින් මෙම නැකතේ සිටින සියලුම ග්රහයින් රවිගේ පාලනයට හා කේතුගේ පාලනයට යටත් වේ. ජන්ම කේන්දරයේ රවිගේ සහ කේතුගේ බල දුබලතාව අනුව නැකතේ සිටින ග්රහයාගේ බල දුබලතාව විසඳේ. ශරීර අවයව ගත්කල කොන්ද, කශේරුව හා හෘදය වස්තුව අයත් වේ. මෙම නැකතෙන් උපන්නවුන් ධන සම්ප්රාප්තියෙන් යුක්ත වූවෝ වන අතර බොහෝ දැසි දස්සන් ඇත්තෙක්ද වේ. ජන්ම පත්රයේ කුජ ග්රහයා බලවත් නම් සතුරන් මැඩලන දැඩි සිතක් සහිත, තියුණු අයෙක් වේ. මෙම පුද්ගලයාගේ සඳු කේතුගේ නැකතේ බැවින් මොහුගේ සිතුවිලි ධාර්මික වේ. මන්ද කේතු මෝක්ෂකාරකයා වීම හේතුවෙනි. මෙසේ වීමට ජන්ම පත්රය තුළ සඳු හා කේතු හොඳ බලයකින් සිටිය යුතු බවද සිත තබාගන්න. අන්යයන්ගේ ගෞරවයට, ප්රසංසාවට ලක්වන අයෙකි. බොහෝ දේ සම්බන්ධව හසල දැනුමක් ඇත. මා නැකතටද පාද 4 ක් ඇත. මෙහි පළමු වන පාදයෙන් උපත ලැබුවේ නම් හදිසි තීරණ වල එළඹෙන සටන්කාමී, ඉක්මන් කෝපයකට හිමිකම් කියන අයෙකි. මා නැකතේ දෙවැනි පාදයේ ඉපදුනි නම් ඔහු හෝ ඇය බොහෝ මිතුරන් ඇසුරු කරන සමාජශීලී අයෙකි. තුන්වන පාදයෙන් උපත ලැබුවේ නම් කිරීමට යන සෑම තැනම සතුරන් ඇතිවන අයෙක් වුවද සතුරන් මැඩලීමේ ශක්තියද මොවුන් සතුය. මා නැකතේ අවසන් පාදය හෙවත් 4 වන පාදයෙන් ඉපදුනි නම් ඉතා ප්රසිද්ධ ජනප්රිය, ගෞරවනීය පුද්ගලයෙක් වේ. මා නැකතට අධිපති දේවතාවා වන්නේ පීතෘන් දේවතාවාය. මෙම නැකැත් හිමියන්ටද පීතෘන් දේවතාවා පිදීමෙන් පිහිට උදාකර ගත හැක. කේතු අධිපතීත්වය දරන මුල නැකත සම්බන්ධවද අවධානය යොමුකරමු. මුල නැකත ද තේජෝ රාශියක් වන ධනු රාශියේ අංශක 0 සිට 13’ 20” දක්වා පැතිරී පවතී. ධනු රාශියේ ලග්නාධිපති ගුරු බැවින් මුල නැකතේ සිටින ග්රහයින් ගුරු ග්රහයාගෙන් හා කේතු ග්රහයාගෙන් පාලනය වේ. මුල නැකතේ හිමිකරුවා කේතු වන බැවින් අයත් වර්ෂ ප්රමාණය අවුරුදු 7 කි. මුල නැකත නැකැත් පංතියේ 19 වන නැකතයි. සිංහයකුගේ ස්වරූපයක් ඇත. ශරීර අවයව වශයෙන් කලවා, ඇට හා උකුල අයත් වේ. මුල නැකතට අධිපති දෙවියන් වන්නේ නෛර්සාති දේවතාවාය. මුල නැකත් හිමියන් මෙම දේවතාවාට පුද පූජා තැබීමෙන් ඔවුන්ගේ දියුණුවට පිටුවහලක් වනු ඇත. මුල නැකතින් උපන් තැනැත්තා සැපවත් ජීවිතයකට හිමිකම් කියයි. යාන වාහන ආදියෙන් යුක්ත මොවුන් තම බලය යොදා තමන්ට අහිතවත් වන අයට හිංසා පීඩා කරයි. නමුත් මොවුන්ට අවංක, ගුණගරුක ගතිගුණද ඇත. සමාජයෙන් ගෞරවය කීර්තිය නිතතින් හිමිවේ. නායකත්වයට පත්වන, ආගම දහමට අනුව ජීවත්වන, සංවරශීලී, ලෞකික බැඳීම් නැතිකර ගැනීමට සිත එකඟ කරන අයෙකි. බොහෝ උගත් මොවුන් බුද්ධිමත් අයද වේ. මුල නැකතේ පළමුපාදයෙන් උපදින පුද්ගලයන් ඉතා වාසනාවන්තය. ආදරයට හා ප්රේමයට බොහෝ ලැදි වේ. ඉක්මනින් ප්රේම සම්බන්ධතා ඇතිකර ගනී. පසුකාලීනව නිරෝගී අයෙක් වන අතර කුඩා කල නොයෙකුත් රෝගාබාධ හට ගනී. මුල නැකතේ දෙවැනි පාදයෙන් උපන් පුද්ගලයා දයාවන්ත අයෙකි. අනුන්ගේ දුකේදී දුක්වන අතර මොවුන්ට කරුණාවෙන් පිරි හදවතක්ද ඇත. පැහැපත් සිත් ඇදගන්නා රූප ශෝභාවකින් යුක්තය. මුල නැකතේ තුන්වන පාදයෙන් උපත ලැබූ පුද්ගලයන් කෙතරම් දුක්බර දිළිදු ජීවිතයක උපත ලැබුවත් දිනෙන් දින දියුණු වීම වැළැක්විය නොහැක. ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය, ආත්ම ධෛර්යය නොවඩු අයෙකි. එමෙන්ම මුල නැකතේ හතර වෙනි පාදයෙන් උපදින ජන්මීන් සුළු දේටත් කිපෙන පුද්ගලයන්ය. නමුත් මොවුන් ත්යාගශීලී වේ. ජන්ම පත්ර පරීක්ෂාවේදී එම පුද්ගලයාගේ ජන්ම නැකත ඉතා වැදගත් වේ. එපමණක් නොව කේන්දරය තුළ සිටින ග්රහයින්, සිටිනා නැකතද පලාපල ප්රකාශ කිරීමේදී ඉතා වැදගත් බවද මතක තබාගතයුතුයි. ග්රහයෙකුට අදාළ පලාපල ප්රකාශ කිරීමේදී එම ග්රහයා සිටින නැකතේ ඇති බල දුබලතාවය හොඳින් පරීක්ෂා කර බලා පලාඵල පැවසීම වටී. ඔබ පවසන පලාපල නිවැරදි වීම යනු, අනාදිමත් කාලයක සිට පැවත ආ ජ්යොතිෂයේ තිබූ අභිමානවත් බව තව තවත් වැඩිවීමයි. අභිමානවත් විෂයක් වන ජ්යොතිෂය ඉදිරි පරම්පරාවටද අභිමානවත් ලෙස රැගෙන යෑම ජ්යොතිෂවේදීන් වන අප කාගේත් යුතුකම මෙන්ම වගකීමද වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk