ග්‍රහ අපල දුරු කර ගන්න තම සිතම පාලනය කර ගන්න
මිනිස් සිත ඉතා බලවත්ය. සිත පිරිසුදුව තබාගැනීමට නිතරම සිතිය යුතුය. අප ශරීරය පිරිසුදුව තබාගන්නා සේම සිතද පිරිසුදුව තබාගත යුතුය.
කුජ, රාහු, කේතු, රවි, සෙනසුරු, අව සඳු ආදී ග්‍රහයන්ගේ අශුභ පල යෙදීම නිසා සතුරන්ගෙන් පළිගැනීමට අනවින, කොඩිවින හදිහූනියම් ආදිය කිරීමට සමහරු යොමුවෙති.
තමාගේ සිත මනාව පාලනය කර ගැනීමට හැකි නම් ග්‍රහ අපල ඔබ වෙත ළඟා නොවනු ඇත. රාහු, කේතු, සඳු, කුජ යන ග්‍රහයන් කේන්ද්‍රයක 12 වැන්නේ ගමන් කරන කාලයේදී එම ග්‍රහයන්් කේන්දරයේ ඇත්නම් (12 වැන්නේ) නීතිමය ප්‍රශ්න, සතුරු ක්‍රියා වැනි දේ තමාට ලැබීමට ඉඩ ඇත.
බුධ ග්‍රහයා කේන්දරයේ අශුභ ලෙස යෙදී ඇත්නම් විශේෂයෙන් මීන රාශියේ පරුෂ වචන කීම, කේලාම් කීම, සැඩපරුෂ වචන පාවිච්චිය වැනි ක්‍රියාවන්ට යොමුවේ. එම ක්‍රියාවන් නිසාම කරදර, විපත්වලට ළඟාවීමට හේතුවේ.
තමාගේ යහගුණ වර්ධනය කර ගැනීමටත් තමා තුළ ඇති අයහපත් ගතිගුණවලින් මිදීමටත් නිතර භාවනාවක් පුරුදු පුහුණු කිරීමටත් මෛත්‍රි සහගත සිතිවිලි ඇති කරගැනීමටත් තමාට වෛර කරන අය සිහිපත් කර මෛත්‍රි භාවනාව කරන්නට සිත යොමුවන්නේ නම් ග්‍රහ අපල කාලවලදී පීඩාවන් දැඩි නොවනු ඇත.
සෙනසුරු බලවත්ව කේන්දරයක යෙදී ඇත්නම් එයද කරදර, විපත්වලින් දැඩි පීඩාවක් නොවීමට හේතුවනු ඇත.
මෙම භවය තුළදී අසරණයන්ට පිහිටවීම, රෝගීන්ට ඇප උපස්ථාන කිරීම, දහමට නැඹුරු නොවූ අය දහමට යොමු කිරීම ආදී කටයුතු කරන්නේ නම් එයද ග්‍රහ අපලවලින් මිදීමට හේතුවනු ඇත. යෝගී භවනා ක්‍රම අනුගමනය කිරීමද ලෙඩ රෝගවලට සුබ පල ගෙනදේ.